






මා ඉපදෙන විටත් පැවතූනු ත්‍රස්තවාදී යුද්ධය නිමා වී සියළු ජනයා ප්‍රීතියෙන් ඔදවැඩී සිටිනා මොහොතේ මාගේ චිත්තප්‍රීතිය බ්ලොග් සටහනෙන් පල කිරීමට කැමැත්තෙමි.
෴නැති දෙයක් නැති තැන෴ *---The Place where Everything is Found---*
ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //
ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
හදෙහි ඇඳී පින්තාරුව, //
බොඳ වෙලා ගොසින්... //
ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
කවියන් තම කවියට බුදුරජුන් යොදා ගත් අතර සිත්තරු තම සිත්තමට බෝසත් සිරිත ම යොදා ගත්තෝ ය. නාඩගම්, නාටකාදිය සඳහා පමණක් නොව පැල් කවියක ජන කවියක පවා බුදු සිරිතෙන් ලද ආස්වාදය දැක ගත හැකි විය.
”බොදුවකු ගලට දකුණත දිගු කළ දාක
බුදුරුව ගලින් බුදුරුව මතුවුණු සේක
පුදුමයි ගලෙන් මෙත් ගලනා තැන මේක
පිදුමට මෙතේ බෝසත් සිටිනා සේක”ඌව වෙල්ලස්සේ ජීවත් වූ අප්‍රකට ජන කවියකු ගේ නිර්මාණයකි. වැල්ලවායේ බුදුරුව ගලේ චමත්කාරය දුටු ගැමි කවියාට තම නෙත සිත වාවා ගත නොහැකි විය.
බුදුරුව ගල මහායාන සම්ප්‍රදායට අනුව නෙළන ලද්දකැයි අපි සිතමු. මෛති‍්‍ර බෝසත් පිළිමයක් ගැන කියැවෙන්නේ එහෙයිනි. බොදුනුවකු ශෛලමය පර්වතයකට දකුණත දිගු කළ විගස ඒ ගල් රුව බුදු පිළිමයක් බවට පරිවර්තනය වේ. කවියෝ ඉන් ලද භක්තිය හා ශ්‍රද්ධාව කවියට නැගුවෝ ය.
බුදු හිමියන් ගේ දර්ශනය සිංහලයන් ගේ සිත් මුදු කළේ ය. ගලෙන් නෙළුෑ ඇතැම් ප්‍රතිමා නිදන් හොරුන් කඩද්දී සිංහල බෞද්ධයෝ මහත් කම්පාවට පත් වූවෝ ය. එකී කම්පාව අසිරිමත් කවියකට නැඟීමට ඔව්හු අතපසු නො කළෝ ය.
සෙල්ලිපි නෙළී බුදු පිළිමය සෙනෙහෙ වඩා
පල් හොරු දැමී එය මොහොතින් බිමට කඩා
නිල්මිණි මාලිගාවක ඇති නමුදු කුඩා
බොල් හිත රළුයි පිළිමය නෙළු ගලට වඩා
බටහිර මිනිසුන් විනෝද ගමන් යද්දී සිංහලයන්ට වන්දනා ගමන් යෑමේ පුරුද්දක් ආයේ බෞද්ධ දර්ශනයත් සමඟ ය. බුදු රජුන් අද වැනි දිනක ලොව පහළ නො වූවා නම්, රට පුරා, ලොව පුරා වන්දනාවේ යන සිරිතක් අපට කොයින් ද? සිංහලයන් වන්දනාවේ ගියා පමණක් නොව එහි දී ඔවුන් වැඳ පුදා ගත් අසිරිමත් බෞද්ධ පුරාවස්තු ජීවමාන බුදුන් සේ සලකන්නට ද ඔව්හු මැළි නො වූවෝ ය.
සාදු හිතට අප ගිය වන්දනාවේ
සාදු පෙර පිනෙන් මෙපමණ සෙනෙහාවේ
සාදු නිවන් යන්නට සැම දෙන පැතුවේ
සාදු බුදුන් වැන්දා යුදඟනාවේවෙල්ලස්සේ යුදඟනා සෑය වැන්ද ජන කවියා තමන් නිර්වාණයට යාමට එතැන දී පැතූූ බව සඳහන් කරයි’ ඔව්හු සාදු බුදුන් වැන්දා යුදඟනාවේ යැයි යුදඟනා සෑයට ගෞරවයෙන් සැලකූහ. ඉන්දියාවේ ටජ්මහල බලද්දී ඇති නොවන සෞන්දර්යාත්මක ආගමික සංහිඳියාවක් සිංහලයෝ යුදඟනාව වැඳ ලබා ගත්තෝ ය.
මහියංගණය කොත වැඳලා ගත්තු වරන්
දන්ත ධාතු දළදා කරඬුයෙන් වරන්
සිරීපාද සමනළ අඩවියෙන් වරන්
සිව්පද කියන අප රැක දෙන් සතර වරන්
සිංහලයන් බෞද්ධයන් වූ පසු ඔව්හු ඒ ඒ පූජා බිම්වලින් වරම් ගැනීමට ආශා කළෝ ය. වන්දනාවේ යද්දී පින් පොතක් ලියමින් ඒ ඒ පූජා භූමියට තමන් පූජා කළ මුදල් ද ඔව්හු එහි සටහන් කළෝ ය.
ගෙත්තම්පාණ ඉඳිකටු පූජා කරමු
හැරමිටිපාණ හැරමිටි පූජා කරමු
දොඩම්බැබිල තල අබ පූජා කරමු
සිරිපතුලට රන් මල් පූජා කරමු
ගල් යුගයේ පටන් දඩයම් යුග පසු කරමින් බුදු සමයේ ආලෝකය වැටෙන තෙක් ලක්වැසියෝ තම උදරාර්ථය ගැන පමණක් සිතුවෝ ය. මහින්දාගමනයෙන් බුදු සිරිත දැන ගත් පසු ඔවුන් සිරිපාද කන්ද නැග්ගේ මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගෙන නො වේ.
දාර්ශනික චින්තකයකු ගේ සිරිපා මග ඔස්සේ සිංහලයෝ ද තම පතුල් තබමින් එහි ගමන් ගත්තෝ ය. සමන් දෙවියා බුදුරජුන් ගේ සිරිපාදයට ආවතේව කරන ආරක්ෂක දෙවියකු ලෙස පමණක් ඔව්හු සැලකූූහ. බෞද්ධ ආගමත් සමග සිංහලයා පරිතන්‍ාගශීලී විය.
බෝසතාණෝ සිය ධනය හැර දමා ගිහි ගෙයින් නික්මුණෝ ය. ඒ ආභාසය සිංහලයා ද බෝ කර ගත්තේ ය. සිරිපා ගමන පුරා ම දන් දීම ප්‍රධාන ම කටයුත්ත වූයේ එබැවිනි. ඉහත ජන කවියේ එන වන්දනාකරුවෝ තම තමන්ට හැකි ලෙස ඒ ඒ තන්හි විවිධ පූජා සිදු කළේ ඒ ආභාසයෙනි.
මස්කෙළියේ අම්බලමේ සිටින කොට
ඉස්කෙළියේ යන එන්නෝ පෙනුණි මට
ආයෙත් ගොසින් එක නුවරක උපදින්ට
බැරි වුණි මගේ මැණිකේ කැන්දන් එන්ට
බෞද්ධාගමේ ඉගැන්වීම් සිංහලයෝ තම ජීවිතයට සම්බන්ධ කළෝ ය. බෝසතුන් සසර පුරා ඉපදෙමින් මිය යමින් ආවා සේ ම තමන් ද සසර සැරි සරති යි ඔව්හු සිතුවෝ ය. විවාහයේ දී තමන් ගේ බිරිය තමන් ලද ත්‍යාගයකැ යි ඔව්හු සිතුවෝ ය.
ඇය උපන් උපන් ආත්මවල යළි යළිත් ලැබීමට ඔව්හු ආශා කළෝ ය. ඉහත ජනකවියේ සිරිපාදය නැගි ගැමියාට බිරිඳ රැගෙන නොඒම පිළිබඳ ව කම්පාවක් ඇති විය. යසෝදරාව සංසාරය පුරා ම බෝ සතුන් සමඟ පැමිණියා සේ තම බිරිඳත් සසර පුරා ම ලැබේවා යි ඔව්හු ඉත සිතින් පැතුවෝ ය.
මහියංගණේ එක එළියයි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු දෙක යස මානා
එක ඔරුවක ඉපදෙමු රන් කුරු නෑනා
බුදු දහම පැරැණි සිංහලයන් ගේ ජීවිතයේ පේර්ම සබඳතාවලට ද ආලෝකයක් සැපයී ය. මහියංගණයේ වන්දනාවේ ගිය යුවළක් බලා සිටියහ. දහවල් වේරගංතොටට ගොස් ඔරු පාරු දෙස බලා සිටියේ ය. සෑය අබියස පන්දම්, විලක්කු ආධාරයෙන් පොල් ගාමින් ඔව්හු උදෑසන අලුත් සහල් මංගල්ලයට සූදානම් වූවෝ ය. මේ දෙදෙනා පෙම්වතුන් වුණත් විවාහ වීමට වරම් ලද්දෝ නොවෙති.
මේ ඔවුන් දෙදෙනා එකට හමුවන අවසාන රාති‍්‍රය යි. රාති‍්‍රයේ ඔවුන් ගයන ජනකවියේ එදා දවසේ සියලු කළ කී දෑ සංකේත ලෙස දැක්වේ. වේරගංතොටේ දෙපසට පා වී ගිය ඔරු දෙක මෙන් තමන් ද දෙපසට පාවී යන බව ඔව්හු දනිති. ලබන ආත්මයේවත් එක ඔරුවක ඉපදෙමු යයි ඔව්හු සෑ රදුන් අබියස ප්‍රාර්ථනා කරති.
අද වැනි දිනක බෝසතුන් බුදු නොවූවා නම් මහියංගණය යනු හුදෙක් ප්‍රදේශයක් පමණක් වීමට තිබුණි. බුද්ධත්වයේ බලමහිමය මහියංගණයේ සංස්කෘතිය ම විශාල පරිවර්තනයකට යොමු කළේ ය. අටමස්ථාන වන්දනා ගාථාවේ මුලට ම එන්නේ ද මහියංගණය යි.
”මහියංගණං නාගදීපං
කල්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපි
චේතිංච මුතියංගණං”
ආදි වශයෙන් ආදි වැසියන් විසූ මහියංගණයට සදාචාර, ශීලාචාර සංස්කෘතියක ආලෝකය වැටුණේ ය. මහියංගණයේ ඉදි කළ චෛත්‍යරාජයා ඌවට තිලකයක් ම විය. එය වැඳ පුදා ගැනීම බදුල්ලේ, දුම්බර උඩදුම්බර ආදී මහියංගණය අවට ජනතාව ගේ ඒකායන ප්‍රාර්ථනාව විය. එමතු නොව සිංහල බෞද්ධයන් ගේ කවි සිත ද පුබුදුවා ලීමට මහියංගණ වෛත්‍ය රාජයාට හැකි විය.
”කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඩින් පිම්බා වැනි සුබාවා
හතර වරම් දෙවියන් කළ සොබාවා
මහියංගණේ වැඳලා යන්ට ආවා”
එක් පසෙකින් උඩදුම්බර හසලක මිනිපේ කඳුවැටියි. ඒ කඳු මතින් මහ සෙනඟ මහියංගණයට ඇදෙති. එම සෙනග ගේ ආගමනය ජන කවියා දුටුවේ කන්ද උඩින් පායන තාරකාවක ආකාරයෙනි. නළා හඩින් සාදු හඩින් මහියංගණයට එන මාවත් ගිගුම් දෙයි.
සෑ රදුන් මිනිස් අතකින් කළා යයි සිතන්නටවත් සිංහල බෞද්ධයාට නො හැකි ය. එය නිර්මාණය කළෝ සතර වරම් දෙවියෝ ය. යට සඳහන් පැදියේ අවසන් පේළියෙන් මහිංයගණයට ඔවුන් ගේ පැමිණීම පිළිබඳ ගැමි සිතේ උපන් ආනන්දය සුන්දර ලෙස සටහන් ව තිබේ.
”ඉර මඬලේ ගිරවෙක් ඉන්නවා දුටිමි
සඳ මඬලේ සාවෙක් ඉන්නවා දුටිමි
මැද මඬලේ සබයක් ඉන්නවා දුටිමි
මහියංගණේ බුදු රැස් වඩිනවා දුටිමි”
ගැමියෝ මහියංගණයේ දී බුදු රැස් දුටුවෝ ය. මහියංගණය වැනි තැනිතලා භූමියක දී දේවතා එළි යැයි ගැමියන් හඳුන්වන ආලෝක කදම්භ බොහෝ විට දැක ගත හැකි ය. මහියංගණ සෑ බිමේ දී ගැමියෝ ඒවා බුදු රැස් යයි සිතුවෝ ය. තර්කයෙන් හා විද්‍යාවෙන් ගැමි සිත දූෂණය වී නො තිබිණි. ගැමියාට මහිංගණයේ දී දුටු බුදු රැස් වර්ණනා කිරීමට උපමා සොයා ගත නොහැකි විය.
ඈත දිදුළන සූර්ය දිව්‍යරාජයා ගේ මුහුණත ඇති ගිරවා ගේ රූපය ගැමියාට සිහි විය. සඳ මඬලේ මුහුණත දිදුළන සාවා ගේ මුහුණ සිහි විය. මැද කඳු රටේ සිංහලේ මහා රාජ සභාවේ ශ්‍රී විභූතිය ද සිහි විය. කවියා මහිංගණයේ බුදු රැස් වැඩීම දුටුවේ ඒවාට සමගාමී රූපවලිනි. බුදු රැස් සඳහා යෙදූ කි‍්‍රයාපදය ‘වඩිනවා’ යන බුදුරදුන්ට යෙදූ කි‍්‍රයා පදය ම වීම ද විශේෂයෙන් සලකා බැලිය යුතු ය.
පසු කලෙක රජවරුන් ගේ දුර්වලතාත් විදේශ ආක්රමණත් රදළයන් ගේ බල තණ්හාව නිසාත් මහියංගණ සෑ රදුන්ට නරක කාලයක් උදා විය.
මහියංගණයේ අසිරිමත් රන් කොත කඩා වැටුණි. ඌව වෙල්ලස්ස කම්පා විය. ගැමි කවියෝ ඉන් මහත් කම්පාවට පත් වූවෝ ය.
ඉරේ ඉන්න ගිරවා විලසේ වෙවුලා
සඳේ ඉන්න සාවා විලසේ වෙවුලා
මලේ ඉන්න බඹරා විලසේ වෙවුලා
මහිංයගණේ රන්කොත කැඩුණා වෙවුලා
අසිරිමත් චෛත්‍ය රාජයා ගේ කොත් වහන්සේ කඩා වැටීමට ගැමියා උපමා සොයා ගත්තේ්ද ඉරෙන් හඳෙන් හා මලෙනි. ඇදහිය නොහැකි සිදු විය නොහැකි සිද්ධියක් ලෙස මේ පත් විපත ගැමියා දැක තිබේ.
බෞද්ධ ඉගැන්වීම් හා බෞද්ධ ආකල්ප සිංහල ගැමි වහර ද පෝෂණය කළේ ය.
වනේ ගිජිඳ්‍රය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳ්‍රය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලෙක අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
මේ කවියේ දිසි අරුත එකකි. වැසි අරුත අනෙකකි. බැලූ බැල්මට පෙනෙන්නේ කැලයේ අලියකුට බයේ දිවූ මිනිසකු ළිඳකට වැටෙද්දී කටු අත්තක එල්ලුණු බව ය. ළිඳ පතුලේ සර්පයෙකි.
මරණ තුනක් පෙනෙද්දීත් මේ මිනිසා දඬුවැල් බෑයකින් පැණි කමින් සිටී. එහෙත් වැසි අරුත එය නො වේ. සත්වයා තමන් ගේ වර්තමානය අතීතය හා අනාගතය නොදැන කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වේ. අතීතය නම් වනේ ගිජිඳ්‍ර ය. මරණය අලියකු ගේ් වේශයෙන් සත්වයා ලුහුබඳී. අතකින් කරවැලක එල්ලී මී පැණි වළඳන මිනිසා ගේ වර්තමාන භවය යි.
කොයි මොහොතේ් කටුවැල අතහැරී ළිඳට වැටී මිය යා දැ යි ඔහු නො දනී. ඒ බව නොසිතමින් හෙතෙම මී පැණි වළඳයි. ඔහු ගේ ඊළඟ භවය ළිඳ යි. ඒ තුළ ද දැනටමත් මරණයේ සර්පයා ඔහු එන තෙක් බලා සිටී. බුදු දහමේ සාරය ධම්මපදයේ ලියැවී තිබේ. සිංහල ජන කවියා ද බුදු දහමේ ආභාසයෙන් නව ජන කවියක නව ධම්මපදයක් ලියුවේ ය.
කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහි පල නොදුන්නේ
ලොවුතුරා බුදුන් කවදද දකින්නේ
ගොවියෝ වර්ෂා කාලය නියං කාලය පිළිබඳව තතු සොයා ගොවිතැන් ආරම්භ කරති. එසේ කළ විට මල් වරා කිරිවැද පැසෙන්නට පටන් ගනී. ලිත බලා කාලය අනුව ගොයම් කළ ඉක්බිති නියං සමය ඒ නම් ඒ සෙනසුරා ගේ කි්රයාවකි.
හැම දේකට ම නිසි හේතුවක් ගැමියාට තිබේ. කල් බලා ගොවිතැන් කළ පසු සෙනසුරා වැහි පල දීමෙන් ගොයම විනාශ වේ. ගැමියාට ඒ පිළිබඳ ව දුක සිතෙන්නේ තමන්ටත් දරුවන්ටත් කුසගින්නේ සිටින්නට වන නිසා නොවේ. අස්වැන්න නො ලැබූ පසු ලොවුතුරා බුදුන් දකින්නට වන්දනාවේ යා නො හැකි ය.
අලුත් සහල් මංගල්ලය පැවැත්විය නො හැකි ය. ගැමියන් අස්වැන්න කපා පාගා ගත් පසු වන්දනාවේ යාම චාරිත්රයකි. බුදු සමය මෙරට පැතිරීමත් සමඟ ආහාර දෙවන තැනට වැටී සදාචාරය පළමු තැනට ආවේ ය. මේ සඳහා හොඳ ම සාධකය නුවරඑළියේ එළවළු වගාව යි. වී ගොවිතැනින් සිංහලයා නෙළා ගත් සංස්කෘතිය අල ගොවියෝ අලවලින් නෙළා නො ගත්තෝ ය.
නුවරඑළියේ ගොවියෝ එළවළු ගොවිපළේ දී ම මුදල් බවට පත් කරති. අලුත් අල මංගල්ල, අලුත් ගෝවා මංගල්ල, ඔවුන්ට නැත.
බෞද්ධ දර්ශනය සිංහල ගැමි බෞද්ධයා ගේ සිතුම් පැතුම් සියල්ල නො පිට පෙරළුවේ ය.
බුදු රජුන් දේශනා කළ කාරණා ද ගැමියෝ ස්වකීය සිතුවිලි අනුව සකසා ගත්තෝ ය. බුදු දහම අනුව තිරිසන් සත්තු නිවනට නොයති. උන් වෙනුවෙන් පාංශුකූල දානය දීමේ සම්ප්රදායක් ද බෞද්ධ ආකල්පවලට ඉඳුරා ම පටහැනි ය. එහෙත් ගැමි බෞද්ධයා බුද්ධාගම තේරුම් ගත්තේ තමන්ට වැටහෙන ආකාරයෙනි.
අනේ මගේ කිකිළී කොයි ගියාදෝ
ඇහිඳ කකා ගම මැද්දේ ගියාදෝ
රෑට ඇවිත් කජු අත්තේ ලගීදෝ
කැලණි ගඟේ පාවී පණ ගියාදෝ
කොක් කොක් ගගා මගෙ දොරකඩට එන ලියේ
රාගන් කිය කියා බිත්තර දමන ලියේ
රිදී පනම් ගෙට උපයා දුන්න ලියේ
අමා මහ නිවන් දැකපන්න කිකිළියේ
කිකිළිය යනු වර්තමාන බ්‍රොයිලර්ස් සංස්කෘතියේ කිසි වැදගත්කමක් නැති ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතුවෙන් සැදි ප්රපංචයක් පමණකි. ඌ ගේ කිසිදු සංවේදී භාවයක් වර්තමානිකයෝ නො දකිති. එහෙත් බෞද්ධ සංස්කෘතිය ඊට වඩා සංවේදී මනසක් අපට උරුම කොට දී තිබුණි.
ඉහත පදයේ ගැමියා නැති වූ කිකිළියට වැලපේ. කිකිළිය බිජු දමමින් ආර්ථිකය සවිමත් කළ හැටි ගැමියා සිහිපත් කරයි. බුදු දහම තමන්ට ගැළපෙන සේ කපා කොට ගන්නා ගැමියා තමන්ට උදව් කළ කිකිළියට අමා මහ නිර්වාණය ප්‍රාර්ථනා කරයි.
මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනිවට මිදුලේ කෙළ කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
තලගොයා යනු කිකිළිය මෙන් කිසිදු ආර්ථික ප්‍රයෝජනයක් ඇති සතෙක් නො වේ. ඌ ගැමියා සමඟ ළමා වියේ දී සෙල්ලම් කර තිබේ. ඌ මිය ගිය ඉක්බිති තලගොයාට නිර්වාණය පතන්නට තරම් ගැමියා එඩිතර වේ.
මොනරාගල බුත්තල ප්‍රදේශයේ ජනකවි එකතු කිරීමක යෙදුණු නෝමන් සිරිපාල මහතාට අපූරු ජන කවි කිහිපයක් හමු ව තිබේ. බැද්ද වැඳීම නම් මේ අපූරු කවි එකතුව බුදු දහම මිනිස් සිතට කරන ලද ආශ්චර්යවත් බලපෑම හෙළි කරන ප්‍රබල සාක්ෂියකි.
ලකුණු බලා බුදු වෙන්නට වැඩිය වරේ
අකුණු හඩින් වසවතු ඇවිත් යුද කෙරේ
මකුළු දැලක් දා අලුවෙන කල අතරේ
කකුසඳ මුනි අණින් වැන්දෙමි වනන්තරේ
සාරා අසංකය පෙරුවත් පුරපු වරේ
සව්සත ගොඩ ගන්න වීරිය කරපු වරේ
මව්සඳ පඩි ව අප මුනිසඳ උපන් වරේ
ගෞතම මුනි අණින් වැන්දෙමි වනන්තරේ
(බුත්තල ජන කවි - නෝමන් සිරිපාල 29)
මේ කවි පෙළ නෝමන් සිිරිපාල මහතාට ලබා දී තිබුණේ බුත්තල වගුරුවෙල ආර්. ජී. නෙතා මහතා ගේ පුත්‍ර ආර්. ජී. බබානිස් මහතා ය. තම පියාට අයත් පුස්කොළ පොතක මේ අසිරිමත් කවි කිහිපය සටහන් ව තිබූ බව ඒ මහතා කියා තිබේ.
වනයේ ඇවිද විඩාවට පත් වූ ඉක්බිති මේ කවි කීමෙන් තමන්ට මහත් වූ ආරක්ෂාවක් ලැබේ යයි වෙල්ලස්සේ ගැමියන් අතර විශ්වාසයක් තිබී ඇත.
මේ පද්‍යයන්හි විශේෂත්වය නම් බැද්දට වන්දනා කිරීම යි.
වනාන්තරයට වන්දනා කිරීම යනු එය ආරක්ෂා කිරීම යි. කැලය දකින විට ම මුදල් මතක් වන සංස්කෘතියකට අද අප මාරු වී සිටියත් බුද්ධ උත්පත්තිය එක් කලෙක සිංහලයන් ඉතා සංවේදී ජාතියක් ව සිටි බවට මේ කදිම සාක්ෂියකි.
සටහන
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්. හේරත්
අතීතයේ මිනිසා ගොවිතැන් කටයුතුවලදී ද රාති‍්‍ර පැල් රැකීමේ දී ද, වන්දනා ගමන් යාමේදී ද, ඔරු පාරු පැදීමේ දී ද, පතල් කර්මාන්තයේ දී ද යනාදී වූ දෛනික චර්යාවල දී පාළුව කාන්සිය හා වෙහෙස මඟ හරවා ගැනීම සඳහා තුන් සරණය ආදී කවි ගායනා කළේ ය. එයින් සිත තුළ නිරන්තරයෙන් පහන් සිතුවිලි ගොඩ නැඟුණේ ය.
එසේ ම ඒ ප්රසන්නතාව නිරෝගී බවට ද හේතු විය. බුද්ධ වන්දනාවේ දී ද පිරිත් සජ්ඣායනයේ දී ද, බෝධි පූජාවේ දී ද අල්තාරය ඉදිරිපිට යාඥා කිරීමේ දී ද, දේවාලයේ දී ස්තෝත්ර ගායනාවේ දී ද මේ ප්රසන්නතාව මිනිසා ගේ සංවර්ධනය සඳහා කි‍්‍රයාත්මක වේ. එහෙත් බොහෝ දෙනා අද පුරුදුව ඇත්තේ උච්චාරණය අතහැර නිහඬව වන්දනා කිරීමට ය. අධ්‍යාත්මීය වශයෙන් දියුණු වූ අය හැරෙන්නට සාමාන්‍ය අය නිහඬව සිතින් වන්දනා කරනවා ය කියන කටයුත්තේ දී ඔහු හෝ ඇය තුළින් දුර්වල කමක් දකිමු. ඒ අපගේ පෞද්ගලික අදහස යි. අද බෞද්ධ කටයුත්තකදී පවා පන්සිල් ගැනීමට පෙර නමස්කාරය කීමේ දී කණට ඇහෙන්නට හඬ නඟා කියන අය ඉතා අල්පය.
![]() |
කුරුපැන්නෙ හාමුදුරුවන් විසින් කළු ගලෙන් ඉදිකරන ලද කළුගල් වෙහෙර |
සජ්ක්‍ධායනයේ ඇති වටිනාකම හා ඵලදායි බව වර්තමානයේ නවීන විද්‍යාවෙන් පවා සනාථ කොට ඇත. ඒ බව සුකුබා සරසවියේ ජාන ඉංජිනේරු මහාචාර්ය කාසෝ මුරාකාමි මහතා මෙසේ විස්තර කැර ඇත.
“ඕනෑම ජීවියෙක්, මිනිසකු වේවා සතකු වේවා ශාඛයක් වේවා, ඒ සෛල විශාල සංඛ්‍යාවෙකින් සැදුම් ලද්දේ වේ. සෛලයක් යනු ප්‍රමාණයෙන් (ආසන්න ම) මිලි මීටරයකින් පන් ලක්ෂයකින් එකකි. (1 / 500000) බරින් ග්රෑමයකින් (ආසන්නම) විසි කෝටියකින් එකකි. (1/ 200000000) ජීවිතයක් ආරම්භ වනුයේ මව් කුසෙහි හට ගත්තා වූ මෙවැනි ඒක සෛල කලලයකිනි. සංසේචනයෙන් පසු මෙම කලල සෛලය දිගින් දිගට ම ඡේදනය වී අවසාන වනවිට අග පසඟ නිර්මාණය වන්නට පටන් ගනී.” (මහායානය එහි දර්ශනය හා පරිචය ජේ. විජේසේකර - 53 පිටුව)
වෙද්‍යවරු සිය පර්යේෂණ මගින් මූලිකව සජ්ඣායනයෙන් සිත හා කය ලබන යහ වර්ධනයෙහි නිරවද්‍යතාව සහතික කැර ඇත්තා හ.
තෝකියෝ විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තොමියෝ හිෙරෙ මෙසේ පවසයි. “දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීමෙන් රුධිරයෙහි ක්ෂාර ගතිය අඩු වන අතර රුධිර වාහිනී විශාල වී රුධිර ගලනය පහසුවේ. ඉන් හදවත සැහැල්ලු වන අතර මාංශ පේශි සංසිඳේ.”
මොළයේ කි‍්‍රයාත්මක වන බීටා තරංග හා ඇල්ෆා තරංගවලට ද සජ්ඣායනය ඉතා සුබදායි අන්දමින් බලපෑමක් කරයි. අකුසල සිතුවිලි හා සම්බන්ධ බීටා තරංග අභිබවා කුසල සිතුවිලි සමඟ සම්බන්ධ ඇල්ෆා තරංග උත්පාදනය කැර වර්ධනය කිරීමට ද හේතුවේ. සජ්ඣායනයේ බලපෑම පිළිබඳ පර්යේෂණවලින් අනාවරණය වන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව සිදුවන විට එය යමකුගේ ප්‍රාණවත් බව වර්ධනය වීමට ඉවහල් වන බව ය. සජ්ඣායනය තුළින් ස්වයංසාධක ස්නායු පද්ධතියට යහපත් සුව සාදනය සඳහා බලපෑම් කැරේ. ඉන් සමස්ත සිරුරේ සෞඛ්‍ය තත්ත්වය ද වැඩි දියුණු වේ.
“ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනයේ යෙදෙන කලට මොළයෙන් පිටවන බීටා තරංග ඇල්ෆා තරංග ලෙසට පරිවර්තනය වේ. බීටා යනු කෙටි අක්‍රමවත් තරංග විශේෂයකි. භාව ප්‍රකෝප වූ විට නොරිස්සුම් සිතුවිලි ඇති වූ විට එසේ නැත්නම් අධික ආතතියක් ඇති වූ විට මෙම කෙටි තරංග මොළයෙන් පිටවන්නට පටන් ගනී. ඇල්ෆා තරංග මට සිලුටු ය. වක්රාකාරය. යමෙක් සිත පහන්ව විවේකීව ගත කරන කල්හි ඇල්ෆා තරංග උත්පාදනය වේ.” (මහායානය එ.ද.භා.ප - 25 පිටුව)
මහායානය හෝ වේවා හීනයානය හෝ වේවා මෙහිදී කියැවෙන සජ්ඣායනය ඕනෑම ජීවිතයකට සාධාරණය වේ. එහෙත් මොළයේ ඇල්ෆා තරංග වර්ධනය වන්නේ එම සජ්ඣායනය ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කළහොත් පමණි. මහායානිකයෝ “නම්යෝ ම්යෝ හෝ රෙන්ගේ ක්යෝ” යැයි “ඔදයිමොකු’ සජ්ඣායනයේ යෙදෙමින් දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීම හෙවත් ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ යම් සේ ද “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන නමස්කාර පාඨය ද එසේ ම සජ්ඣායනා කළ හැකි ය. පන්සිල් පදයන් ද වෙනත් ඕනෑම පිරිත් සූත්‍රයන් ද එසේ ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ක්ධායනා කළ හැකි ය.
ථේරවාදී නිකායවල මහා සංඝයා වහන්සේ ද මෙහෙණින් වහන්සේ ද සිල් මෑණිවරු ද පිරිත් සජ්ඣායනයෙන් රෝගීන් සුවපත් කරන අවස්ථා බොහෝ ය.
![]() |
ගැමියන් විසින් පහන් දල්වා දිනපතා පූජා පවත්වනු ලබන කුරුපැන්නෙ හිමියන් නමින් ඉදිකළ ස්මාරක චෛත්‍යය. |
එවැනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ආදාහනය කිරීමෙන් පසුව ද උන්වහන්සේ විසූ ගල්ලෙන තුළින් දවස් හතක් පිරිත් සජ්ඣායනය ඇසුණා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු නිසැකය. එහෙත් එය සත්‍යයකි. එය සනාථ කරන වයස් ගත වැඩි හිටියෝ කරවනැල්ල ප්‍රදේශයේ කුරුපැත්ත හා එළුවාන ගම්මානවල අදත් වාසය කරති. දෙහිඕවිට, එළුවාන ගමේ පදිංචි 66 හැවිරිදි ඇස්වත්තගේ පියදාස මහතා මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ මෙසේ පවසයි.
“ඉස්සර කොළඹ සාප්පුවක වැඩ කළ කෙනෙක් ඒ රස්සාව අතහැර මේ ප්‍රදේශයේ රේල් පාර හදන කාලෙ එහි වැඩට ආවා. ඔහු කළේ මේසන් (පෙදරේරු) වැඩ. මමයි ඔහුට අත්වැඩ දුන්නේ. ඔහු පිරිත් කියන්න දක්ෂයි. මන්ත්‍ර ගුරුකම් එහෙමත් දන්නවා. වැඩ නැති දවස්වලට ගමේ ඇවිදින්න යනවා. ඔහු කුරුපැන්න කන්ද දැකලා, කන්දේ ගල් ලෙන් එහෙම දැකලා පැවිදි වුණා.
පැවිදි වුණාට පස්සෙ නම භාවිතා කළේ ධම්මානන්ද හාමුදුරුවෝ කියලා. නිකාය ඇහුවා ම කියන්නේ බෞද්ධ තාපස නිකාය කියලා. උන් වහන්සේ ගේ ගම මම දන්නේ නෑ. බෙන්තර ප්‍රදේශයේ කියලයි ආරංචි. ගිහි නමත් මට මතක නැහැ.
කරවනැල්ලේ පුංචි අප්පුහාමි මේ හාමුදුරුවන්ට ඉඩමක් දුන්නා පන්සලක් හදාගන්න. උන් වහන්සේ සල්ලි ඇල්ලුවේ නෑ. වැරදියි කියන කිසි ම දෙයක් කළේ නැහැ. හැබැයි වැසිකිළි යන වේලාවට සුරුට්ටුවක් බිව්වා. මිනිස්සු උන් වහන්සේ හැඳින්නුවේ කුරුපැත්තෙ හාමුදුරුවො කියලා.
උන් වහන්සේ හැමදාම උදේ පාන්දරයි හැන්දෑවෙයි නොවරදවා ම පිරිත් කිව්වා. ගමේත් ගම අවටත් මිනිස්සු පිරිත් අහන්න එනවා. මිනිස්සු ආවත් නාවත් උන්වහන්සේ පිරිත් කිව්වා. ඒ පිරිතෙන් අපල උපද්‍රව ලෙඩ දුක් සුවපත් වුණා. උන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙනට යන්න පාරේ සිට පඩි පෙළක් හැදුවා. ඒ මහ ගල් පලන්න, පෙරළන්න, ගෙනියන්න මන්ත්‍ර ශාස්ත්‍රයෙන් වැඩ ගත්තා. මිනිස්සු ගලේ එක පැත්තක් උස්සන කොට හාමුදුරුවො අනිත් පැත්තට අත තිබ්බා ම ගල ඉස්සෙනවා. ඒ වගේ ම කළු ගලෙන් චෛත්‍යයක් හැදුවා. මුළු චෛත්‍යයම කළුගල්වලින්. වාත්තු කළා වාගේ අවශ්‍ය හැඩයට ගල් සකස් කර මේ චෛත්‍යය හැදුවේ. අදත් යන කෙනෙකුට, දැක ගන්න පුළුවන්. මේවා කොහොම කළා ද කියා හිතා ගන්නත් අමාරුයි.
උන් වහන්සේ ගෙන් මම ඉගෙන ගත්ත මන්ත්‍ර තියෙනවා. සර්ප විෂ වෙදකමත් මට කියා දුන්නා.
මගුලේ යන්නත් දැකලා
කුඹුරේ මඩ කළල් කළා
වැස්සට පැල යට ඉඳලා
නාග විෂට නස්න කළා
මගුල් කරඳ කොළ හා කුඹුරු ඇට මද නර මුත්‍රයෙන් නස්න කළ විට නාග විෂ බහින බවයි එහි තේරුම.
මුත්තගෙ බෑයේ සුදු මද රැගෙනේ
අත්ත ගෙනා පැන් උණුකර අනාගෙනේ
පත්තෑ කෑ මුකේ ගෑවොත් විස බසිනේ
මුත්තාපල්ල බේතකි රටට නොකියන් නේ
කිල්ලෝටයේ හුණු මී පැණි සමඟ අනා ගෑවොත් පැත්තෑ විෂ බහින බව ඉන් කියැවේ.
“ඕං රීං කණ්ඩ කාලී මහා කාලී ඔඩ්ඩි අම්මා ඔට්ටු කට්ටු පූට්ටු ඒස්වාහº” මේ උළුක්කුවට මතුරන මන්ත්රයකි. මේ මන්ත්‍රයෙන් එඬරුතෙල්වලට මතුරා උළුක්කු වූ ස්ථානයේ ගාන්න.
ඒ කාලෙ මේ ප්‍රදේශයේ ඒක දත්තයා කියලා ඇතෙක් හිටියා. එක දළයයි ඒ ඇතාට තිබුණේ. ඒ නිසයි ඒක දත්තයා කියලා නම වැටුණේ. මේ ඇතා හරිම සැරයි. දවසක් මේ ඇතා පාරට ඇවිත් හිටියා. ඒ වෙලාවේ කුරුපැත්තෙ හාමුදුරුවොත් පාරේ ගමන් කරමින් සිටියා ඒ දිසාවට ම.
මිනිස්සු කෑ ගැහුවා “යන්න එපා හාමුදුරුවනේ” කියලා. මේ හාමුදුරුවො ඒ කීම නාසා ඇතා ඉන්න දිහාවට ම වැඩ ම කළා. සමහරු කේන්තියෙන් “යන්න එපා ගණයො. පල අහකට” කියලත් කෑ ගැහුවා. දැන් ඈත එන හාමුදුරුවන් දෙස ඇතා බලාගෙන ඉන්නවා.
හාමුදුරුවොත් ඇතා ඉස්සරහට ම වඩිනවා. මිනිස්සු ‘අනේ අපෝයි’ කියනවා. අන්තිමට ඇතා හොඬය උස්සලා කුංචනාද කර හාමුදුරුවෝ ඉස්සරහා දණ ගහලා නමස්කාර කළා.
ආයෙත් දවසක් භූතයෙක් වැහී පිස්සු හැදුණු තරුණ ගෑනු ළමයකු ඇගේ වැඩිහිටියන් විසින් පන්සලට කැඳවා ගෙන එනු ලැබුවා. පිරිතෙන් සුවපත් කරගන්න බලාපොරොත්තුවෙන්. ඒ කාලෙ පන්සල පාවුල කටු මැටියෙන් නවාතැන් පොළක් හදා තිබුණා පිටින් එන අයට නවාතැන් ගන්න.
මේ පිරිසත් එතැන නවාතැන් අරගෙන උදේ සවස මේ ගෑනු ළමයාව එක්කර ගෙන ගියා පිරිත් අහන්න. ඒත් මේ ළමයා සුවපත් වුණේ නෑ. ඒ වගේ ම මේ ළමයා තරුණ කෙනෙක් නිසා ගමේ ඉලංදාරි හැමදාම පූජාව වෙලාවට පිරිත් කියන වෙලාවට පංසලට ඇවිත් තාප්ප උඩ ඉඳගෙන බලා ඉන්නවා. මෙයින් වැඩි දෙනෙක් බීමත් ව එන්නේ. හාමුදුරුවන් මේ ගැන අකමැත්තෙන් හිටියේ.
මේ කෙල්ලගෙ පිස්සුව සාමාන්‍ය පිරිතෙන් සුව කරන්න බැරි තැන දවසක් හාමුදුරුවෝ ආටානාටිය සූත්‍රය දේශනා කළා. එදා කෙල්ල කීවා “මම බිල්ලක් අරගෙන මිසක් යන්නෙ ම නෑ” කියා.
හාමුදුරුවෝ කීවා “උඹට බිලි දෙන්න මම සූදානම් නෑ. අන්න අර පන්සලේ ඉන්න බැල්ලිගෙ වලිගය කුණු වෙලා වැටිලා තිබුණා. උඹට ඕනෑ නම් ඒක අරගනින්” කියා.
“හාමුදුරුවෝ මට අගෞරව කරනවා නේදැ” යි භූතයා ඇසුවා.
“මම භූතයන්ට මීට වඩා සලකන්නේ නෑ බං” හාමුදුරුවෝ කීවා.
“මම කාලි”
“ආ... එහෙනම් උඹ සදාකාලි ද?”
භූතයා නිරුත්තර වුණා. ටික වේලාවක් නිහඬව සිට “මට යන්න ඕනෑ” යි කීවා.
“ඉතින් පලයං. මම උඹට නවතින්න කීව යැ”යි හාමුදුරුවෝ පැවසුවා.
“හා... හා... පොඩ්ඩක් ඔහොම හිටපං” යි කියූ හාමුදුරුවෝ ළඟ තිබුණු පොල්මලක් ගෙන යමක් අධිෂ්ඨාන කැර තරුණිය අතට දුන්නා.
පොල් මල අතට ගත් උමතු තරුණිය පැන්න ගමන් අර තාප්පය උඩ හිටපු බීමත් තරුණියන්ට ගහගෙන ගහගෙන ගියා. උන්ට තාප්පයෙන් වැටෙන්නට ගැහැව්වා. පොල් මල් පාරට සමහරුන් ගේ මූණු පුපුරලා.
ඊට පස්සේ තරුණිය දුවගෙන ඇවිත් හාමුදුරුවන් අබියස සිහිසුන්ව වැටුණා. එයින් ම ඒ ළමයා සුවපත් වුණා. ඒක අමානුෂ්‍යයෙක් ශරීර ගත වී හැදුණු උමතුවක්. ඒ වගේ ම ඊට පස්සෙ ඉලංදාරි පිස්සු නැටුම් බලන්න ආවෙත් නෑ. බීගෙන පංසලට ආවෙත් නෑ.
ධම්මානන්ද හාමුදුරුවෝ 1962 වර්ෂයේ අපවත් වුණා. එතකොට උන්වහන්සේ ගේ වයස අවුරුදු අනූ එකයි. උන් වහන්සේ අපවත් වී ආදාහනය කළාට පස්සෙත් වැඩ සිටිය ගල්ලෙන තුළින් පාන්දරටත් රාති‍්‍රයටත් ඉතා ම සිහින් හඬකින් පිරිත් දේශනා කරනවා ඇහුණා. අපේ හාමුදුරුවෝ අපවත්වෙලත් පිරිත් කියනවා ය කියන ආරංචියට ගමේ අයත් ගම අවට අයත් දිනපතා 30 - 40 ක් ඒ පිරිත් අහන්න පංසලට ආවා. ඒ පිරිත් අහපු පැරැණි අය අදත් ගමේ ඉන්නවා. මමත් එයින් එක්කෙනෙක්” යැයි පියදාස මහතා කීවේය.
කුරුපැන්නේ හාමුදුරුවන්ගේ පිරිත් දේශනයේ අනුසස් දන්නා පැරැණි අය තමන්ගේ ලෙඩ දුක්වලදී කරදරවල දී තවමත් පැමිණ උන් වහන්සේ ගේ සොහොන් කොත ළඟ පහනක් දල්වා පූජා පවත්වනු දැකිය හැකි ය.
මෙම ගවේෂණය සඳහා මට සහාය වූ දියගම ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහතාටත් මධුක ගුණතිලක මහතාටත්, දැනට එහි යෝගී ජීවිතයක් ගත කරන හෝමාගම ඉන්ද්‍රරතන හිමියන්ටත් ස්තුති කරමි.
පින්තූර හා සටහන
තිස්ස දේශීය සිනමා මන්දාකිනියට සම්ප්‍රාප්ත වූයේ ජාත්‍යන්තර ඇගැයුම් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ හා දෙබස් රචකයා ලෙසිනි. ඉක්බිති උසස් තිර රචනා විරල දේශීය සිනමා “වැලි කතර” ට තිස්ස අග්‍රගණ්‍ය “නිධානය” ක් මැ විය.
සිනමාව නුමුහුන් කලාවක් නොවන බවත් එය සාහිත්‍යාදි අවසෙස් නානා විධ කලා පයුරුපාසනයෙන් ප්‍රාරබ්ධ සංස්ලේශී (Synthetic) උත්තම කලාවක් බැව් “කරුමක්කාරයෝ” (1980), “මහගෙදර” (1982), “විරාගය” (1987) ඈ ස්වකීය නිර්මාණ ති‍්‍රත්වයෙන් අබේසේකරයෝ පෙන්වා දුන්හ.
සිංහල – ඉංගී්රසි ද්විභාෂා අතැඹුලක් සේ ප්‍රගුණ කොට එමඟින් ව්‍යක්ත ලේඛනයෙහි ද චතුර සංකථනයෙහි ද එක ලෙස නියැළිය හැකි කලාකරුවෝ දුලබ වෙති. තිස්ස එවන් විරල ගණයේ කලා ඇදුරුතුමෙකි.
ස්වකීය පෞරුෂත්වය තීව්ර කළ ගැඹුරු ස්වරයකට උරුමකම් කී තිස්ස තමාටම ආවේණික කථන ශෛලියක් ගොඩනඟා ගත්තෙකි. එම කථන විලාසය අනුකරණය කිරීමට වෙරදැරූ සන්නිවේදකයෝ අප අතර හිඟ නොවෙති.
ආතර් යූ. අමරසේනයන් ගේ ‘විසිතුර’ පුවත්පත ඔස්සේ සිනමා විචාරයට ප්‍රවිෂ්ට වූ තිස්ස, සිනමා මාධ්‍යයට ආවේණික විචාර මිනුම් දඬු සොයා ගිය පුරෝගාමී විචාරකයන් අල්පයෙන් ද කෙනෙකි. එසේම හේ පෙර අපරදෙදිග කලා න්‍යායන් යා කළ දාර්ශනිකයෙකි.
උසස් අධ්‍යාපනය ලබනු පිණිස මෙරට කිසිදු විශ්ව විද්‍යාලයකට පා නොතැබූ තිස්ස, පොත පත නමැති සරසවියෙන් හා ජීවිත උගැන්මෙන් පරිචයත්, බහුශ්‍රැත භාවයත් ලත් ස්වාධ්‍යායෙන් හෙබි උගතෙකි.
කොළඹ සරසවියේ සාහිත්‍ය සූචී (D.Lit) උපාධිය ඔහුට ගෞරවයක් ගෙන ඒමට වඩා ඊට ඔහුගෙන් ගෞරවයක් ලැබිණි.
තිස්ස ස්වකීය ජීවිතයේ ආරම්භක සමයේ උසස් ගණයේ ලේඛකයකු වීමේ ප්රණීධානයෙන් මඩනා ලද්දෙකි. එහෙත් සිනමා කලාවට ඒ ප්‍රතිභාව කැප වූයෙන් ඒ උත්තම ගණයේ සාහිත්‍යකරුවා අපට අහිමි විය.
සිංහල බසෙහි රස රිසියෙන් හේ පාඨකයා ඔකඳ කළ අපූරුව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ ”Bringing Tony home” කෘතිය (ග්‍රේෂන් සම්මාන ලැබූ) කියවූ කල මා හට දැනුණේ සොම්නසක් නොව දොම්නසකි.
මන්ද තිස්ස අඛණ්ඩව ඉංගි්රසි බසෙන් සාහිත්‍යකරණයෙහි නියැළිණි නම් ඔහු බුකර් සම්මානයකට පවා උරුමකම් කිව හැකි, ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි, ලාංකික ලේඛකයකු බව මට පෙනී ගිය හෙයිනි. තිස්සගේ මහා ප්‍රතිභාව අපතේ ගියා දැයි මට වරෙක සිතේ.
ඔහුට නිවන් සුව පතනවාද? නැතිනම් මේ ප්‍රතිභාව සමඟම යළිත් ලංකාවේ උපදින්නට වරම් ලැබේවා යැයි සිතනවාද? මේ වූ කලි තවමත් ඔහුගේ සමුගැන්මෙන් පසු මා හට විසඳ්‍ර ගත නොහැකි වූ උභතෝකෝටියකි. මම රාති‍්‍රයේ කවුළු පියන්පත් හැර සෞම්‍ය සඳ එළියෙන් බබළන අහස් කුස දෙස බලමි.
එකල්හී තිස්ස අබේසේකරයන්ගේ පන්හිඳෙන් ලියැවුණු මාලිනී බුලත්සිංහල ගැයූ සුමධුර ගීතයක් සීතල මඳ පවනත් සමඟ මා සවනත වැකේ.
”සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ මුහුණ පෙනෙනවා
කවුළු දොරින් මට”
නුවන් නයනජිත් කුමාර
වැලිකතරින් රටට ලැබුණු නිධානය
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ
ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන් මෙරට චිත්‍රපට ක්ෂේත්රයට සිදුවූ අලාභය පිරවිය නොහැකි හිඩැසකි. මේ අඩුපාඩුව හමුවේ මා ප්‍රධාන වශයෙන් බද්ධ වන්නේ අප දෙදෙනා ම අලුම්කළ විෂය සිනමාව වීම හේතුවෙනි.
1966 දී පමණ චිත්‍රපට ක්ෂේත්රයේ කටයුතු කරගෙන යන වකවානුවේ මට තිස්ස මුණගැසුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එවකට පදිංචි වී සිටි දෙහිවල නිවසේදී ය. විශ්ව විද්‍යාලයෙන් පිටවුණු මම කේ.ඇල්. ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද “නියද රටා” වාර්තා චිත්‍රපටයේ කැමරාකරණයට දායක වීමි. එහි සංස්කරණය උරගෑමට හා ප්‍රදර්ශනය කිරීමට ලෙස්ටර් ඇඳුරුතුමාට තිස්සත් එක්වී සිටි බව අද මෙන් මා හට මතක ය.
ඒ චිත්‍රපටය නැරැඹීමෙන් පසු තිස්ස හා මා අතර ඇතිවූ මිතුදම කිට්ටු ආශ්රයකට පෙරළිණි. එවකට ආචාර්ය පීරිස් මැතිතුමාගේ “සහාය අධ්‍යක්ෂක” ලෙසත්, “අමතර දෙබස් රචක” ලෙසත් ඔහු කටයුතු කරමින් සිටියේ ය.
අපගේ මිතුදම බෙහෙවින් ගැඹුරු වූයේ අප දෙදෙනාම සිනමාවට වශී වී සිටි බැවිනි. සිනමාව ගැන ලියැවුණු සෑම පොතක් ම කියවීමත්, එහි නිෂ්පාදනය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවට පැමිණි අවස්ථාත් එමටය. තිස්සගේ චිත්‍රපට රචනය පිළිබඳ තිබු ගැඹුරු අවධානය පිළිබඳව තියුණු පැහැදීමක් මා සිතට ක්‍රම ක්‍රමයෙන් ඇතුළු විය.
අන් අයගේ චිත්‍රපටවල කැමරාකරණය හා සංස්කරණය කරමින් සිටි මා 1967 වන විට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළ අවස්ථාවේ එහි කතාව පිළිබඳ අප දෙදෙනා අතර ඇතිවූ වාද විවාද, සාකච්ඡා එමට ය. විශ්ව සාහිත්‍ය පුළුල් ලෙස කියැවීමෙන් ලද පෝෂණයෙන් ඔපමට්ටම් වූ ඔහුගේ සුවිසෙස්වූ රචනා ශක්තිය පිළිබඳ ව මා සිත තුළ වූ පැහැදීම පල දැරුවේ “මරුකතර” නම්වූ චිත්‍රපටයේ කථාව, තිර රචනය, දෙබස් ලිවීම ඔහුට බාර කිරීමෙනි. පසුව “වැලිකතර” ලෙස නම වෙනස් වූ මේ චිත්‍රපටය තිස්සගේ පළමුවෙනි හා බොහෝ දෙනාගේ අදහස අනුව විශිෂ්ට වූ තිර රචනයයි.
“වැලිකතර” පෝෂණය කිරීමට අති දක්ෂ පිරිසක් දායක විය. ගාමිණි, ජෝ, සුවිනිතා රංගනයෙන් හා සෝමදාස ඇල්විටිගලයන් සංගීතයෙන්. ඒ අයගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට අඩිතාලම සැකසුවේ තිස්ස ය. “වැලිකතර”ට පසුව ඔහුගේ දෙවෙනි තිර රචනය වූයේ මුදලිනායක සෝමරත්නයන්ගේ කතාව මත ලියැවුණු “බිනරමලි” චිත්‍රපටයයි.
අද පවා “වැලිකතර” දෙබස් සිහිගැන්වෙන අවස්ථා එමට ය. “නෝනා පයින් යන්න... යනකොට හුළං වදී...” ගෝරිං මුදලාලි ගීතා රන්දෙණියට කියයි. “රජ දැක්මට අවසර ද?...” වික්‍රම රන්දෙනිය තම බිරිඳට විහිළු කරයි. “උඹ කොහෙටද පැනලා යන්න හදන්නේ...” වික්‍රම කරන අභියෝගයට ගෝරිං කැපෙන වදනකින් පිළිතුරු දෙයි. “යන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ. නමුත් යන පාර දන්නවා. මීට අවුරුදු 13 කට කලින් සර් පැනල ගියෙත් ඒ පාරේ...”
තිස්සගේ නොමැකෙන දෙබස් පමණක් නොව ඔහු ගොඩනැගු චරිත තුන, වික්‍රම, ගීතා, ගෝරිං හුදෙක් ම ප්‍රබල ජීවමාන හා සිනමානුරූපි චරිත විය. ඔහුගේ රචනයේ රමණීය භාෂා භාවිතය සිනමා මාධ්‍යය මැනැවින් හා ගැඹුරු අවබෝධය තුළින් බිහිවූවකි. සාහිත්‍යයෙන් පෝෂණය වූ මේ සුවිශේෂ හැකියාව ආරයෙන් එන්නක් ලෙස මම දකිමි. “වැලිකතරි”න් තම සහජ හැකියාවන් ඔප්පු කරමින් අලුත් දිවියකට පා තැබී ය. “අමතර දෙබස් රචක” අග්‍රගණ්‍ය “තිර රචක” විය.
‘වැලිකතරින්’ විවර වූ දොරින් ‘නිධානයක්’ බිහිවිය. ඉන් පසු චිත්‍රපට ගණනාවක් ඔහුගෙන් හා ඔහු වෙත ගලා ආවේ ය. තවත් “තිස්ස” කෙනෙකු බිහි නොවන බවත් සිතමි. තිස්ස සිනමා තිර රචනය වෙන ම සාහිත්‍යයක් බව අවබෝධ කරගෙන සිනමාවම රූප ශබ්ද ගැළපීමෙන් කුතුහලය දනවන රසවත් කථාවක් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරයක් බව පැහැදිලිව ම පූර්ණ ව හා ගැඹුරින් අවබෝධ කරගත් ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට තිර රචකයා වේ.
ඉන්පසු තිස්සගේ හැකියාවන් වෙනත් පැතිවලට යොමු වූ අතර, රාජ්‍ය චිත්‍රපට අංශය හරහා තිස්ස වාර්තා චිත්‍රපට අධ්යක්ෂණයට යොමු විය. විවිධ ක්ෂේත්රවල ඔහුගේ තියුණු බුද්ධිය යොමු විය. රූපවාහිනිය, රංගනය වාර්තාකරණය, චිත්‍රපට අධ්‍යක්ෂණය, නවකතා සහ පොත් පත් රචනය, මේ කාර්යයන්ට ඔහු දායක ව නමුදු, මාගේ මුල් නිගමනය නොවනස් ව පවතී.
තිස්ස නිවන් සැප ලැබේවා!
මේ උසස් ආචාර්යවරයාට අපි තක්සලාවක් හදා දුන්නාද?
රූපණවේදී ජැක්සන් ඇන්තනී
“ලංකාවේ සිනමාලංකාරය සොයාගත්තේ තිස්ස අබේසේකරයි. ඔහු කෘතහස්ත අධ්යක්ෂවරයෙක්, තිරනාටක රචකයෙක්, නළුවෙක්. මේ සියල්ල ම ඇත්ත. ඔහු ලියූ පොත්, නිර්මාණය කළ චිත්‍රපට ආදිය මඟින් මේ භූමිකා අපට තවදුරටත් පරිශීලනය කරන්න පුළුවන්. නමුත් මා වඩාත් කනගාටුවන්නේ තිස්ස නමැති සිනමාලංකාරිකයා අපට අහිමිවීම ගැනයි.
ඔහු තමයි අපට සිටි උසස් ම සිනමා ගුරුවරයා. නමුත් ඔහුට තක්සලාවක් අප හදා දුන්නාද? ද්විභාෂාවෙන් ම ලියන්නට දෙසුම් පැවැත්විය හැකි මේ ශූර සන්නිවේදකයාගෙන් සේවය ලබා ගන්න ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට හැකි වුණාද? එතැන සිදුවූයේ ආධ්‍යාපනික කුහකකමක්.
සිනමාව ඉගැන්වීමට අපට සිටි සුදුසු ම ගුරුවරයා පසෙක තබා මේ රටේ සිනමා පාඨමාලා පැවැත්වුණා. නව ශිෂ්‍ය පරම්පරාවකට ඔහුගෙන් දැනුම ලබා ගැනීමට තිබූ අවස්ථාව මේ නිසා අහිමි වුණා.
තිස්සගේ සැබෑ ගුණය සිනමා විචාරකයන් ග්‍රහණය කොට ගත්තේ නැහැ. සෞන්දර්ය විශ්වවිද්‍යාලය තිස්සට බාහිර කථිකාචාර්ය පදවියක් පිරිනැමුවා.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් දුන්නා. නමුත් මේ සියල්ල ඔහුට ලැබුණේ වයස්ගතව රෝගාතුර ව සිටි කාලයක.
නමුත් තිස්ස ගස්, ගල්වලට පවා කතාකළ ඔහුගේ තාරුණ්‍යයේ දී මෙබඳු අවස්ථා ලැබුණේ නම් සිනමාවේ අනාගතයට කොතරම් නම් සේවාවක් ඉටු වේවිද!”
අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳයි
ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්
තිස්ස අබේසේකරයන්ගේ දැනුම ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. විශ්වයේ නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් ඥාන සම්භාරයක් ඔහුට තිබුණා. සිංහල, ඉංග්‍රීසි භාෂා යුගල ම ඔහු අතැඹුලක් සේ දැන සිටියා. තිස්ස අප ඇසුරු කිරීම අරඹන විට ඔහුට යන්තම් අවුරුදු 20 පමණ වන්නට ඇති.
අඩසියවසක කාලයක් ඔහු ලෙස්ටර්වත් මාවත් ඇසුරු කළා. තිස්ස ක්‍රමයෙන් අපේ මිතුරෙක්, සහෝදරයෙක් බවට පත්වුණා. ලෙස්ටර්ගේ ‘සන්දේශය’ නිර්දය ලෙස විචාරයට ලක් කළ ලිපියක් ඔහු ලෙස්ටර්ට එවා තිබුණා. අපට අවශ්‍ය වුණා මොහු කවුරුන්දැයි දැන හඳුනාගන්න.
ලෙස්ටර්ට ඔහුගේ දක්ෂතා පිළිබඳ වැටහුණු නිසා ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ හා දෙබස් රචක වශයෙන් දායක කොට ගත්තා. පසුව ලෙස්ටර් ගේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේදී තිස්සගේ දක්ෂතා වැඩියෙන් මුවහත් වුණා. මෙහි තිරරචනය සාර්ථක ව ලිවීමට රෙජී සිරිවර්ධනත්, ලෙස්ටර් හා තිස්සත් මහත් පරිශ්‍රමයක් දැරුවා. එහිදී ලෙස්ටර්ගෙන් හා රෙජීගෙන් ලැබුණු උපදෙස් ඉතා නිහතමානීව ඔහු පිළිගත්තා.
තිස්ස ලියූ උසස් තිරරචනය ලෙස්ටර් ගේ ‘නිධානය’ බව අප කවුරුත් හොඳින් දන්නා දෙයක්. මට කනගාටු ඔහුගේ දැනුම, ප්‍රතිභාව උපරිම අවස්ථාවට ළංවෙමින් තිබියදී ඔහු අපෙන් සමුගැනීම ගැනයි.
ඇමරිකානු පොත් ප්‍රකාශන සමාගමක් තිස්ස ලියූ ’Bringing Tony home’ ප්‍රකාශයට පත් කළා. මෙය ලාංකික ලේඛකයකු ලැබූ භාග්‍යයක්. ඔහු මේ ග්‍රන්ථය ඉතා සතුටින් ලෙස්ටර්ට පිළිගැන්නුවා.
අන්තර්ජාලයෙන් මේ පොත ගැන පළවූ විචාර දැකලා ලේඛකයකු වශයෙන් විශාල බලාපොරොත්තුවක් තිස්සගේ හිතේ තිබුණා. නමුත් එය ඵල දැරීමට පෙර ඔහු අපට අහිමි වීම දුකක්. තිස්ස සෑම නිර්මාණයකටම ඉතා වෙහෙස වුණා.
පුළුවන් හැම උත්සවයකට, පොත් දොරට වැඩීමකටම සහභාගි වුණා. මරණය අප කාටත් නියතයි. නමුත් තව කලක් අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳ යැයි මට හිතෙනවා. ලෙස්ටර් තිස්සගේ මරණය ගැන දැඩි ලෙස කම්පාවෙන් ඉන්නේ. ඔහුට ඒ ගැන කතාකරන්නවත් බැහැ.
තිස්ස දැඩි ලෙස අසනීපෙන් යැයි දැනගත්දා සිට ඔහු වරින් වර රෑ දෙගොඩහරියේ “තිස්සට දැන් සනීප”දැයි මගෙන් ඇසුවා. තිස්සගේ මරණය ඔහුට එකවරම දැන්වීමට මා බියවුණා. උදෑසන පත්‍ර පවා ටික වේලාවක් සඟවා තැබීමට මා සේවකයන්ට නියම කළා.
සැබෑ තත්ත්වය මා ඔහුට කීවේ බොහොම අමාරුවෙන්. ගඟඅද්දර, මායා, ලොකු දුව වැනි මා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ඔහුගේ තිර රචනයෙන් කලඑළි වුණා. තිස්සට නිවන් සුව ලැබේවා යැයි අපි පතනවා.
ඔහුගේ නිර්මාණවල, විචාරවල තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්
සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
“අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ‘අනුගාමික නිධිය’ යනුවෙන් යෙදුමක්. එහි අරුත ආත්මයෙන් ආත්මයට සංසාරයේ තමා සමඟ එන නිධානයක් බඳුපිනක්”. තිස්ස අබේසේකරයන් සතුව මේ නිධානය තිබුණා.
එපමණක් නොවෙයි එතුමා එය නිර්ලෝභීව අපට බෙදා දෙන්න කැමැති වුණා. මේ බෙදා දීමේදී ඔහුගේ ආකෘතිය වුණේ සිනමාව හා සාහිත්‍යයයි.
සිනමා නිර්මාණකරණයේදීත් සාහිත්‍යකරණයේදීත් තිස්ස අබේසේකරයන් අපට කී දේ තුළත් ලියූ දේ තුළත් ගැඹුරක් තිබුණා.
ඔහු ඕනෑම දෙයකට ප්රවේශවීමේදී ඒ තුළ තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්. එනම් එහි කියැවීම් බොහොමයක් අන්තර්ගත වුණා. තිස්සගේ නිර්මාණවල මෙන්ම විචාර චින්තාවන්හි ද මේ ස්වරූපය දකින්න ලැබුණා. තිස්ස පඩිවරයෙක්.
තමා පඩිවරයකු බව කිසිවකුට පවසා ඒ ගැන ලියවා නොගත්ත පඩිවරයෙක්.
ඔහුගේ හිතේ පුංචි කොනක මා ගැන මතකයක් තිබුණා. මගේ නිර්මාණ එතුමා ප්‍රසිද්ධියේ අගය කළා. මා ගැන අන්‍යයන්ට කියාදුන්නා. ප්‍රසිද්ධියේ මා වෙනුවෙන් සාක්ෂි දැරුවා. මා සිනමාකරුවකු කිරීමේ ගෞරවය මුළුමනින් ම හිමිවන්නේ ඔහුට.
‘අග්නිදාහය’ නමැති මගේ පළමු සිනමා කෘතිය නිර්මාණය කිරීමට එතුමා මට පියකු මෙන් බලකර සිටියා.
තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන්
මට තාවකාලික ව අහිමි වූයේ වඩාත් උණුසුම, සිසිල සැපයූ දැවැන්ත සෙවණැල්ල මෙන් ම මගේ සාංසාරික ගුරුවරයා.
-++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog. Thanks to Arumaya Group. I - S Creation House Design by: අරුමය ~ © All Rights Reserved