skip to main |
skip to sidebar
අද උදෙන්ම ගියා ආයුබෝං, අස්සයෝ අල්ලන්න.
ඈ............!!!අස්සයෝ අල්ලන්න කිව්වම ඉතින්, මොනවත් හිතන්න එපා ආයුබෝං...
හොඳයි මං පැහැදිළි කරංඤ්ඤංකො එහෙනං
මං ගියේ චන්ද පොලට,
ඒකත් ඉතින් අස්ප රේස් එකක්ම නොවැ,
ඉතින් මං ගොහින් පෝලිමේ හිටං හිටියා නොවැ,
ඔන්න මගේ වාරෙත් ආවා.
හොඳයි පුතෝ දෙඤ්ඤං බැටේ කියලා මමත් චන්ද කොළයක් ඉල්ලා හිටියා.
ඔන්න එකපාරටම එතන හිටපු මිසී කෙනෙක් මගේ පෙළපත් නාමේ මහ හයියෙන් කෑගහලා කියපි.
ඕක ඉතිං මහ පරසිද්ධියේ කියන්ට ඕනෑයැ,
අනිත් මහත්තයා දික්කරපු චන්ද කොලෙත් උදුරලා අරගෙන,
මමත් ඉතින් එතනින් සුරුස් ගාලා අඩියට දෙකට පැනගත්තා.
ගියා අර හතර වටින් වහපු පෙට්ටිය අස්සට,
ගත්තා චන්ද කොලේ,
ගැහුවා අපට එපා කියලා කතිරයක්.
ඊට පස්සේ හොඳ ජොකියො තුන්දෙනෙක් බලලා ඇල්ලූවා ඔට්ටුවක්,
අනේ මන්ද ඉතින් හෙට තමයි මං ඔට්ටු අල්ලපු අස්පයො දිනලද කියලා බලන්ට වෙන්නේ.
හැබැයි ඉතිං දිනපුවම අස්පයින්ට අං එයිද මන්දා...!!!
අවුරුදු ඉවරවෙනකොට ඉලැක්‍ෂන්... අනේ මන්දා....!!!
පක්‍ෂි දේශපාලනය පිටු දකිමු
සුදු රෙද්දෙන් සැරසී ප‍්‍රසිද්ධියේ උපාසක චරිතවල නියැලෙමින් හොර රහසේ වංචා දූෂණ කොමිස් ගැහිලි පගා ගැහිලි ප‍්‍රචන්ඩ ක‍්‍රියා මැර ක‍්‍රියා ආදිය සිදුකොට ජනතා නායකත්වය සොයා යාම වනාහී සුදු රෙදි හොරුන්ගේ දේශපාලනයයි
ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත්ව කොතෙකුත් අක‍්‍රමිකතා ඔස්සේ කෝටි ගනන් මුදල් උපයමින් ඉන් ඇබිත්තක් පන්සලකට පූජා කොට සියලූ පව් වසා ගැනීම සඳහා කහ කුරුල්ලෙකු සේ නිතර නිතර පන්සලේ සැරිසරමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
කහ කුරුලූ දේශපාලනයයියුද්ධයට එරෙහිව හඩ නගන බව පෙන්වා ඊනියා සාම ව්‍යාපෘති ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් උපයා ගැනිමේ අරමුනින් අපේ සංස්කෘතිය සදාචාරය විනාශ කොට
ජනතා නායකත්වය සොයා යාම වනාහී
සුදු පරෙවි දේශපාලනයයි
කඳක් දුටු තැන කොටන්නට මාන බලමින් තමන් සතු සියලූ බලපුල්වන්කාරකම භාවිතා කොට කඳෙන් කඳට කොට කොටා මාරුවෙමින් කඳන් පසුපස හඹා යාම සඳහාම
ජනතා නායකත්වය සොයා යාම වනාහී
කොට්ටෝරු දේශපාලනයයි
තමන් බලයට පත්කළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීම තබා ඇහුම් කන් දීමටවත් ඉඩක් නොදී තොරතෝංචියක් නැතිව තමාගේ අනාගත සැලසුම් පිළිබඳව පුරාජේරු ගොන්නක් ඇද බාමින් ගජබින්නාලංකාරය වදාරමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
ගිරාපෝතක දේශපාලනයයි
පොදු ජනතාවගේ ප‍්‍රශ්න හමුවේ ඔවුන් අහන සියලූ දේ සඳහා හ්ම් හ්ම් යනුවෙන් පවසමින් ජනතාවට සහනයක් නොදෙමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
බකමූනු දේශපාලනයයි
තමා හමුවට පැමිණෙන ජනතා ප‍්‍රශ්න හමුවේ ඒවාට විශ්ලේෂනාත්මක විසඳුම් සොයනවා වෙනුවට කෑදරකම එකම පොදු ප‍්‍රතිපත්තිය කර ගනිමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
ගිජුලිහිණි දේශපාලනයයි
අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group