Showing posts with label මහපාරේ. Show all posts
Showing posts with label මහපාරේ. Show all posts

පදික වෙලෙන්දෝ සහ [වෙසක්]


කාලෙකට පස්සේ මං බොරැල්ලට ගියා, වෙසක් එකට බඩුමුට්ටු ටිකක් ගන්න කියලා.
මම බොරැල්ලෙන් බහිනවා කියලා කට අරින්න හදන කොටම,
කොන්දොස්තර මල්ලි මාව බලෙන්ම වගේ බොරැල්ලෙන් තල්ලු කරලා ගියා.

ස්තුතියි මල්ලි.

ම්ම්ම්...... මොකද බොරැල්ලේ වෙනදා තරං සෙනග නැත්තේ...???
ඔන්න ඔහේ ඕන එකක්.
වෙනදා තරං වෙසක් ලකේට නැත්තෙ මොකද මෙච්චර මේ යුද්දෙත් දිනලා ඉන්න එකේ
හනේ මන්දා
හප්පේ දැන් කොච්චර බොරැල්ලේ ඇවිද්දද මං..?
කෝ වෙසක් කඩ?
හෑ......
යුද්දෙ තිබ්බ කාලෙ උනත් බොරැල්ලේ මීට වඩා සෙනග හිටියනේ,


මම කලින් දවසක ආවට වඩා බොරැල්ල දැන් එළිය වැටිලා,
ඒත් පදික වේදිකාවෙ පොඩි පොඩි කඩ දාගෙන හිටපු අයියලා මල්ලිලා ටික එතනිං එලවලා දාලා.
හනේ බුදුනේ.... වෙසක් කඩ ඔක්කොම අකුලං ගිහිං නේද?

ඉස්සර නං බොරැල්ලෙ පදික වේදිකාවේ සෙනග සූ ගාලා .....
ඒ ඉතිං කඩෙන් ගන්නවට වඩා,
ටිකක් ලාබෙට හැම දෙයක්ම පාරෙන් ගන්න පුලුවං නිසානේ.
බොරැල්ල පුරා තියෙන පදික වෙළද තට්ටු ටවුමෙ ලස්සන නැතිකරනවා තමයි.
ඒත් මේ අනවසර වෙළදාම් නිසා ජීවත් වෙච්ච පිරිසත් මේ රටේම මිනිස්සු.
ඒ ගොල්ලෝ රටට බරක් නොවී තමන්ගේ ජීවිතේ ගැට‍ගහගත්තු උදවිය.
ඒ වගේම කවුරැ කොහොම කීවත්,
පදික වෙලෙන්දන්ගෙන්ම බඩු ගන්න ආපු අති විශාල සෙනග කන්දරාවකුත් හිටියනේ.

ලංකාව වගේ තුන්වැනි ලෝකේ රටක,
මිනිස්සුන්ට ලාබෙට දෙයක් ගන්න පුලුවං පො‍ළෙනුයි පාරෙනුයි විතරයි.
මේ එලවපු අසරන මිනිස්සුන්ට
කොළඹට වරිපනං ගෙවාගෙන කඩ කුළි ගෙවාගෙන ලාබ ලබන්න විදිහක් නෑ.
ඒ මිනිස්සුන්ට කඩ කරලා පුරැදුත් නෑ.
අනේ මන්දා......

කොළඹ ලස්සන කලාට කමක් නෑ.
පදික වෙළදාම් සංස්කෘතිය ගැනත් හොදට අධ්‍යනයක් කරලා ඒ දේ කළා නං,
තවත් හොදයි ......


ඒ වගත් මෙසේමය...... අරැමය

කිරලාගේ කතා වස්තුව

දිනය මැයි නම වැනිදා.
අපි, මහාපාරේ ඇවිදිමින්....
එකපාරටම කන ලගින් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහිලා වට පිට බලනකොට කිරලෙක් .
ආපහු තව ටිකක් ඇවිදන් යනකොට තවත් කිරලෙක් කෑගහනවා.
අපි ටිකක් නැවතිලා එයාල දිහා බලන් හිටියා.
මේ කිරල ජෝඩුවක්.
ඒත් ඇයි එයාලා අමුතු විදිහට කෑගහන්නේ ...?
අපි යන්න ගිය ගමන පැත්තකට දාලා කිරල ජෝඩුව දිහා බලන් හිටිය.
අනේ එතකොටයි දැක්කේ,
එයාලා අද දොරට වඩම්මපු, තමුන්ගේ කිරල පැටව් දෙන්නට ඇවිදින්න උගන්වන හැටි.
ඒත් ඒ ඉගැන්නිල්ලට අපේ ඇග හිරි වැටිලා ගියා.
මොකද එයාලට තවම දුවා ගන්න බැහැනේ.
පැටව් දෙන්නගෙන් එක පැටියෙක් කිරල අම්මා ඉන්න දිහාට දිව්වා.
ඒත අනේ අනිත් පැටියට දුවාගන්න බෑ.
එයා නිදිකුම්බා ගාලක හැංගුනා.
එයාට කටු ඇනෙයි කියලා බයේ අපි එයාව බලන්න ගියා.
කෝ එයා....?
අනේ එයා ඉන්නවා.
ඒත්....?
එයා කිසිම හැල හොල්මනක් නෑ.
අපි හිතුවා එයාගේ ආයුෂ කෙටියි කියලා.
අපි තව ටිකක් එයා දිහා බලන් හිටියා
ඔන්න බොලේ ලස්සන හුරතල් කලූයි සුදුයි පුංචි බලූ පැට්ටෙක් පෙරලි පෙරලි ඒ දිහාවට ආවා.
ඒත් ඉතින් එයා ඉව කරලා බලලා ගියා.
ඔන්න එතකොටම කිරල තාත්තා අහසේ සිට සංඥාවක් දුන්නා.
එකපාරටම, අර මැරිල වගේ හිටපු කිරල පැට්ටා අම්මා ලගට දූවගෙන ගියා.
අපි දෙන්නා ඇස් දෙකේ සතුටු කඳුලූ පුරවාගෙන හිනාවෙවී අපේ ගමන යන්ට පිටත් වුනා.