Showing posts with label ජනශ‍්‍රැති. Show all posts
Showing posts with label ජනශ‍්‍රැති. Show all posts

අම්පිටියේ දෙවියෝ෴ ෴ ෴

අම්පිටියේ දෙවියෝ නැගෙනහිර පලාතේ පානම් පත්තුවේ පුද පූජාවට භාජනය වන දෙවි කෙනෙකි.
පානම් පත්තුවේ පිහිටි අම්පිටියේ,
උඩුපිල දේවාලයේ අලූත් දෙවියෝද,
යටිපිල දේවාලයේ පත්තිනි දෙවියෝද වැඩ සිටිති.
අලූත් දෙවියන්ද පත්තිනි දෙවියන්ද උදෙසා අංකෙළි උත්සවයක් පවත්වනු ලබන්නේ
යල කන්නයේ අස්වැන්න නෙළා ගැනීමෙනි පසුවය.
අම්පිටියේ දින දොලහක් පැවැත්වෙන මෙම උත්සවයට පිරිමි පමණක් සහභාගි වන අතර,
ස්ත‍්‍රීන්ට එම කාලය තුළ එම ස්ථානයට පැමිණිම තහනම්ය.
එමෙන්ම ගංකරේ ඇත්තන්ද සියලූ කිළි මගහැරීමෙන් පේවීම සිදු කළ යුතුය.
අං කෙළියේදී උඩුපිල ජය ගැනීම සුබ දායක ලෙස සැලකේ.
මින් පසු දෙවියන් ගමේ ගෙන ඒම සිදුවේ.

හැම නිවසකම මිදුලේ තැනූ අතු පැලක් මත පත්තිනි දෙවියන්ගේ ආභරන තබා,
කපුරාල විසින් සෙත් පතනු ලැබේ.
දෙවියන් ගමේ ගෙන ඒමේ දිනට පසුදින අලූයම මූදූ තීරයේ දිය කැපීමෙන්,
අංකෙලි උත්සවය නිමා වේ.

ගොයමට උපද‍්‍රව පැමිණුනු විට අම්පිටියේ දේවාලයට භාරවේ.
බාරය ඔප්පු කෙරන්නේ අලූත් දෙවියන්ගේ මඩුව නම් ශාන්තිකර්මය මගිනි.
මෙහි කියවෙන දේව කන්නලව්ව මෙසේය
........
නමෝ තෙදවරං දිවස් පස්වාන් දහසකට දිවස් කරුණා කරන්න යහපති

ආයි බෝ වේවා

ඕ.... ඕ.... සිට වැන්දෙත් බැහැ වැන්දේත්
දනිස් නමා දසගිල්ලෙන් වැන්දේත්
දොහොත් නමා දසගිල්ලෙන් වැන්දේත්
මෙසක්වලෙන් එසක්වලට එසක්වලෙන් එසක්වලට
මෙර හතර මූදේ
මේ ශ‍්‍රීලඞකා දීපයට නිධානයක් වූ පැවැත්වාවු
අලූත් බණ්ඩාර කෝවිලේ බණ්ඩාර
සමකුලූනු බැහැ උන්නාවූ අලූත් බණ්ඩාර
කතරගම මහ මූලස්ථානෙට වැඩ උලූවිත් කෝවිල තනා
පට පඩුරු අය කරගත් අලූත් බණ්ඩාර දෙවි හාමුදුරුවන් වහන්සේට කියා සිටින කන්නලව්වයි
මේ අසුරමණ්ඩියේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා
යක්‍ෂ භය භූත භය පේ‍්‍රත භය ගසා නඩත්තු කරවා දී
ඉසේ තියාවුන් මල්ලක් බිමට බෑවා සේ
කාදුන්නක දුනු දියක් බෑවා සේ
අහසේ වලාවක් ගසා ගියා සේ
පොළොවේ දූවිලි කඩක් ගසා ගියා සේ
කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ
මුහුද පීනා ගොඩ දුරට ආ සේ
හාල් ගරා ගල් දුටුවා සේ
සිද්ධ ස්වාමිනී
කනාගේ හැරමිටිය හැංගුවාසේ කරන්න එපා
පීරා කන කුකුළාගේ දෙපා බින්දා සේ කරන්න එපා
හිගන්නාගේ පාත්තරේ බින්දා සේ කරන්න එපා
සිද්ධ ස්වාමිනී
අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා ගසා ගියා සේ
හත්දා බලි ඇරියා සේ
මේ සියලූ රෝග මේ සියලූ උපද‍්‍රව දුරු කර දෙන්න
අලූත් බණ්ඩාර දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්
......
අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group
අනුමෝදනාව
මහාචාර්ය කේ එ න් ඕ ධර්මදාස
උදුල බණ්ඩාර අවුසදහාමි