Showing posts with label සංස්කුරුතික. Show all posts
Showing posts with label සංස්කුරුතික. Show all posts

ගැමියන්ගේ හෘද සාක්‍ෂිය

බුදු රජුන් ගේ පහළ වීමත් සමඟ ඉන් පසු පහළ වූ බොහෝ සිංහල බෞද්ධ මිනිසුන් ගේ චින්තනය බෞද්ධ ඉගැන්වීම් සමඟ යා විණි. ගල් වඩුවෝ ස්තී‍්‍ර පුරුෂ ප‍්‍රතිමා නෙළීම වෙනුවට සිත දියුණු කළ බුදුරජුන් ගේ ප‍්‍රතිමා ගල් පර්වත මත නෙළුෑහ.

කවියන් තම කවියට බුදුරජුන් යොදා ගත් අතර සිත්තරු තම සිත්තමට බෝසත් සිරිත ම යොදා ගත්තෝ ය. නාඩගම්, නාටකාදිය සඳහා පමණක් නොව පැල් කවියක ජන කවියක පවා බුදු සිරිතෙන් ලද ආස්වාදය දැක ගත හැකි විය.

”බොදුවකු ගලට දකුණත දිගු කළ දාක
බුදුරුව ගලින් බුදුරුව මතුවුණු සේක
පුදුමයි ගලෙන් මෙත් ගලනා තැන මේක
පිදුමට මෙතේ බෝසත් සිටිනා සේක”

ඌව වෙල්ලස්සේ ජීවත් වූ අප‍්‍රකට ජන කවියකු ගේ නිර්මාණයකි. වැල්ලවායේ බුදුරුව ගලේ චමත්කාරය දුටු ගැමි කවියාට තම නෙත සිත වාවා ගත නොහැකි විය.

බුදුරුව ගල මහායාන සම්ප‍්‍රදායට අනුව නෙළන ලද්දකැයි අපි සිතමු. මෛති‍්‍ර බෝසත් පිළිමයක් ගැන කියැවෙන්නේ එහෙයිනි. බොදුනුවකු ශෛලමය පර්වතයකට දකුණත දිගු කළ විගස ඒ ගල් රුව බුදු පිළිමයක් බවට පරිවර්තනය වේ. කවියෝ ඉන් ලද භක්තිය හා ශ‍්‍රද්ධාව කවියට නැගුවෝ ය.
බුදු හිමියන් ගේ දර්ශනය සිංහලයන් ගේ සිත් මුදු කළේ ය. ගලෙන් නෙළුෑ ඇතැම් ප‍්‍රතිමා නිදන් හොරුන් කඩද්දී සිංහල බෞද්ධයෝ මහත් කම්පාවට පත් වූවෝ ය. එකී කම්පාව අසිරිමත් කවියකට නැඟීමට ඔව්හු අතපසු නො කළෝ ය.

සෙල්ලිපි නෙළී බුදු පිළිමය සෙනෙහෙ වඩා
පල් හොරු දැමී එය මොහොතින් බිමට කඩා
නිල්මිණි මාලිගාවක ඇති නමුදු කුඩා
බොල් හිත රළුයි පිළිමය නෙළු ගලට වඩා

බටහිර මිනිසුන් විනෝද ගමන් යද්දී සිංහලයන්ට වන්දනා ගමන් යෑමේ පුරුද්දක් ආයේ බෞද්ධ දර්ශනයත් සමඟ ය. බුදු රජුන් අද වැනි දිනක ලොව පහළ නො වූවා නම්, රට පුරා, ලොව පුරා වන්දනාවේ යන සිරිතක් අපට කොයින් ද? සිංහලයන් වන්දනාවේ ගියා පමණක් නොව එහි දී ඔවුන් වැඳ පුදා ගත් අසිරිමත් බෞද්ධ පුරාවස්තු ජීවමාන බුදුන් සේ සලකන්නට ද ඔව්හු මැළි නො වූවෝ ය.

සාදු හිතට අප ගිය වන්දනාවේ
සාදු පෙර පිනෙන් මෙපමණ සෙනෙහාවේ
සාදු නිවන් යන්නට සැම දෙන පැතුවේ
සාදු බුදුන් වැන්දා යුදඟනාවේ

වෙල්ලස්සේ යුදඟනා සෑය වැන්ද ජන කවියා තමන් නිර්වාණයට යාමට එතැන දී පැතූූ බව සඳහන් කරයි’ ඔව්හු සාදු බුදුන් වැන්දා යුදඟනාවේ යැයි යුදඟනා සෑයට ගෞරවයෙන් සැලකූහ. ඉන්දියාවේ ටජ්මහල බලද්දී ඇති නොවන සෞන්දර්යාත්මක ආගමික සංහිඳියාවක් සිංහලයෝ යුදඟනාව වැඳ ලබා ගත්තෝ ය.

මහියංගණය කොත වැඳලා ගත්තු වරන්
දන්ත ධාතු දළදා කරඬුයෙන් වරන්
සිරීපාද සමනළ අඩවියෙන් වරන්
සිව්පද කියන අප රැක දෙන් සතර වරන්

සිංහලයන් බෞද්ධයන් වූ පසු ඔව්හු ඒ ඒ පූජා බිම්වලින් වරම් ගැනීමට ආශා කළෝ ය. වන්දනාවේ යද්දී පින් පොතක් ලියමින් ඒ ඒ පූජා භූමියට තමන් පූජා කළ මුදල් ද ඔව්හු එහි සටහන් කළෝ ය.

ගෙත්තම්පාණ ඉඳිකටු පූජා කරමු
හැරමිටිපාණ හැරමිටි පූජා කරමු
දොඩම්බැබිල තල අබ පූජා කරමු
සිරිපතුලට රන් මල් පූජා කරමු

ගල් යුගයේ පටන් දඩයම් යුග පසු කරමින් බුදු සමයේ ආලෝකය වැටෙන තෙක් ලක්වැසියෝ තම උදරාර්ථය ගැන පමණක් සිතුවෝ ය. මහින්දාගමනයෙන් බුදු සිරිත දැන ගත් පසු ඔවුන් සිරිපාද කන්ද නැග්ගේ මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගෙන නො වේ.

දාර්ශනික චින්තකයකු ගේ සිරිපා මග ඔස්සේ සිංහලයෝ ද තම පතුල් තබමින් එහි ගමන් ගත්තෝ ය. සමන් දෙවියා බුදුරජුන් ගේ සිරිපාදයට ආවතේව කරන ආරක්‍ෂක දෙවියකු ලෙස පමණක් ඔව්හු සැලකූූහ. බෞද්ධ ආගමත් සමග සිංහලයා පරිතන්‍ාගශීලී විය.

බෝසතාණෝ සිය ධනය හැර දමා ගිහි ගෙයින් නික්මුණෝ ය. ඒ ආභාසය සිංහලයා ද බෝ කර ගත්තේ ය. සිරිපා ගමන පුරා ම දන් දීම ප‍්‍රධාන ම කටයුත්ත වූයේ එබැවිනි. ඉහත ජන කවියේ එන වන්දනාකරුවෝ තම තමන්ට හැකි ලෙස ඒ ඒ තන්හි විවිධ පූජා සිදු කළේ ඒ ආභාසයෙනි.

මස්කෙළියේ අම්බලමේ සිටින කොට
ඉස්කෙළියේ යන එන්නෝ පෙනුණි මට
ආයෙත් ගොසින් එක නුවරක උපදින්ට
බැරි වුණි මගේ මැණිකේ කැන්දන් එන්ට

බෞද්ධාගමේ ඉගැන්වීම් සිංහලයෝ තම ජීවිතයට සම්බන්ධ කළෝ ය. බෝසතුන් සසර පුරා ඉපදෙමින් මිය යමින් ආවා සේ ම තමන් ද සසර සැරි සරති යි ඔව්හු සිතුවෝ ය. විවාහයේ දී තමන් ගේ බිරිය තමන් ලද ත්‍යාගයකැ යි ඔව්හු සිතුවෝ ය.

ඇය උපන් උපන් ආත්මවල යළි යළිත් ලැබීමට ඔව්හු ආශා කළෝ ය. ඉහත ජනකවියේ සිරිපාදය නැගි ගැමියාට බිරිඳ රැගෙන නොඒම පිළිබඳ ව කම්පාවක් ඇති විය. යසෝදරාව සංසාරය පුරා ම බෝ සතුන් සමඟ පැමිණියා සේ තම බිරිඳත් සසර පුරා ම ලැබේවා යි ඔව්හු ඉත සිතින් පැතුවෝ ය.

මහියංගණේ එක එළියයි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු දෙක යස මානා
එක ඔරුවක ඉපදෙමු රන් කුරු නෑනා

බුදු දහම පැරැණි සිංහලයන් ගේ ජීවිතයේ පෙ‍්‍ර්ම සබඳතාවලට ද ආලෝකයක් සැපයී ය. මහියංගණයේ වන්දනාවේ ගිය යුවළක් බලා සිටියහ. දහවල් වේරගංතොටට ගොස් ඔරු පාරු දෙස බලා සිටියේ ය. සෑය අබියස පන්දම්, විලක්කු ආධාරයෙන් පොල් ගාමින් ඔව්හු උදෑසන අලුත් සහල් මංගල්ලයට සූදානම් වූවෝ ය. මේ දෙදෙනා පෙම්වතුන් වුණත් විවාහ වීමට වරම් ලද්දෝ නොවෙති.

මේ ඔවුන් දෙදෙනා එකට හමුවන අවසාන රාති‍්‍රය යි. රාති‍්‍රයේ ඔවුන් ගයන ජනකවියේ එදා දවසේ සියලු කළ කී දෑ සංකේත ලෙස දැක්වේ. වේරගංතොටේ දෙපසට පා වී ගිය ඔරු දෙක මෙන් තමන් ද දෙපසට පාවී යන බව ඔව්හු දනිති. ලබන ආත්මයේවත් එක ඔරුවක ඉපදෙමු යයි ඔව්හු සෑ රදුන් අබියස ප‍්‍රාර්ථනා කරති.

අද වැනි දිනක බෝසතුන් බුදු නොවූවා නම් මහියංගණය යනු හුදෙක් ප‍්‍රදේශයක් පමණක් වීමට තිබුණි. බුද්ධත්වයේ බලමහිමය මහියංගණයේ සංස්කෘතිය ම විශාල පරිවර්තනයකට යොමු කළේ ය. අටමස්ථාන වන්දනා ගාථාවේ මුලට ම එන්නේ ද මහියංගණය යි.

”මහියංගණං නාගදීපං
කල්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපි
චේතිංච මුතියංගණං”

ආදි වශයෙන් ආදි වැසියන් විසූ මහියංගණයට සදාචාර, ශීලාචාර සංස්කෘතියක ආලෝකය වැටුණේ ය. මහියංගණයේ ඉදි කළ චෛත්‍යරාජයා ඌවට තිලකයක් ම විය. එය වැඳ පුදා ගැනීම බදුල්ලේ, දුම්බර උඩදුම්බර ආදී මහියංගණය අවට ජනතාව ගේ ඒකායන ප‍්‍රාර්ථනාව විය. එමතු නොව සිංහල බෞද්ධයන් ගේ කවි සිත ද පුබුදුවා ලීමට මහියංගණ වෛත්‍ය රාජයාට හැකි විය.

”කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඩින් පිම්බා වැනි සුබාවා
හතර වරම් දෙවියන් කළ සොබාවා
මහියංගණේ වැඳලා යන්ට ආවා”

එක් පසෙකින් උඩදුම්බර හසලක මිනිපේ කඳුවැටියි. ඒ කඳු මතින් මහ සෙනඟ මහියංගණයට ඇදෙති. එම සෙනග ගේ ආගමනය ජන කවියා දුටුවේ කන්ද උඩින් පායන තාරකාවක ආකාරයෙනි. නළා හඩින් සාදු හඩින් මහියංගණයට එන මාවත් ගිගුම් දෙයි.

සෑ රදුන් මිනිස් අතකින් කළා යයි සිතන්නටවත් සිංහල බෞද්ධයාට නො හැකි ය. එය නිර්මාණය කළෝ සතර වරම් දෙවියෝ ය. යට සඳහන් පැදියේ අවසන් පේළියෙන් මහිංයගණයට ඔවුන් ගේ පැමිණීම පිළිබඳ ගැමි සිතේ උපන් ආනන්දය සුන්දර ලෙස සටහන් ව තිබේ.

”ඉර මඬලේ ගිරවෙක් ඉන්නවා දුටිමි
සඳ මඬලේ සාවෙක් ඉන්නවා දුටිමි
මැද මඬලේ සබයක් ඉන්නවා දුටිමි
මහියංගණේ බුදු රැස් වඩිනවා දුටිමි”

ගැමියෝ මහියංගණයේ දී බුදු රැස් දුටුවෝ ය. මහියංගණය වැනි තැනිතලා භූමියක දී දේවතා එළි යැයි ගැමියන් හඳුන්වන ආලෝක කදම්භ බොහෝ විට දැක ගත හැකි ය. මහියංගණ සෑ බිමේ දී ගැමියෝ ඒවා බුදු රැස් යයි සිතුවෝ ය. තර්කයෙන් හා විද්‍යාවෙන් ගැමි සිත දූෂණය වී නො තිබිණි. ගැමියාට මහිංගණයේ දී දුටු බුදු රැස් වර්ණනා කිරීමට උපමා සොයා ගත නොහැකි විය.

ඈත දිදුළන සූර්ය දිව්‍යරාජයා ගේ මුහුණත ඇති ගිරවා ගේ රූපය ගැමියාට සිහි විය. සඳ මඬලේ මුහුණත දිදුළන සාවා ගේ මුහුණ සිහි විය. මැද කඳු රටේ සිංහලේ මහා රාජ සභාවේ ශ‍්‍රී විභූතිය ද සිහි විය. කවියා මහිංගණයේ බුදු රැස් වැඩීම දුටුවේ ඒවාට සමගාමී රූපවලිනි. බුදු රැස් සඳහා යෙදූ කි‍්‍රයාපදය ‘වඩිනවා’ යන බුදුරදුන්ට යෙදූ කි‍්‍රයා පදය ම වීම ද විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පසු කලෙක රජවරුන් ගේ දුර්වලතාත් විදේශ ආක‍්‍රමණත් රදළයන් ගේ බල තණ්හාව නිසාත් මහියංගණ සෑ රදුන්ට නරක කාලයක් උදා විය.
මහියංගණයේ අසිරිමත් රන් කොත කඩා වැටුණි. ඌව වෙල්ලස්ස කම්පා විය. ගැමි කවියෝ ඉන් මහත් කම්පාවට පත් වූවෝ ය.

ඉරේ ඉන්න ගිරවා විලසේ වෙවුලා
සඳේ ඉන්න සාවා විලසේ වෙවුලා
මලේ ඉන්න බඹරා විලසේ වෙවුලා
මහිංයගණේ රන්කොත කැඩුණා වෙවුලා

අසිරිමත් චෛත්‍ය රාජයා ගේ කොත් වහන්සේ කඩා වැටීමට ගැමියා උපමා සොයා ගත්තේ්ද ඉරෙන් හඳෙන් හා මලෙනි. ඇදහිය නොහැකි සිදු විය නොහැකි සිද්ධියක් ලෙස මේ පත් විපත ගැමියා දැක තිබේ.
බෞද්ධ ඉගැන්වීම් හා බෞද්ධ ආකල්ප සිංහල ගැමි වහර ද පෝෂණය කළේ ය.

වනේ ගිජිඳ්‍රය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳ්‍රය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලෙක අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

මේ කවියේ දිසි අරුත එකකි. වැසි අරුත අනෙකකි. බැලූ බැල්මට පෙනෙන්නේ කැලයේ අලියකුට බයේ දිවූ මිනිසකු ළිඳකට වැටෙද්දී කටු අත්තක එල්ලුණු බව ය. ළිඳ පතුලේ සර්පයෙකි.

මරණ තුනක් පෙනෙද්දීත් මේ මිනිසා දඬුවැල් බෑයකින් පැණි කමින් සිටී. එහෙත් වැසි අරුත එය නො වේ. සත්වයා තමන් ගේ වර්තමානය අතීතය හා අනාගතය නොදැන කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වේ. අතීතය නම් වනේ ගිජිඳ්‍ර ය. මරණය අලියකු ගේ් වේශයෙන් සත්වයා ලුහුබඳී. අතකින් කරවැලක එල්ලී මී පැණි වළඳන මිනිසා ගේ වර්තමාන භවය යි.

කොයි මොහොතේ් කටුවැල අතහැරී ළිඳට වැටී මිය යා දැ යි ඔහු නො දනී. ඒ බව නොසිතමින් හෙතෙම මී පැණි වළඳයි. ඔහු ගේ ඊළඟ භවය ළිඳ යි. ඒ තුළ ද දැනටමත් මරණයේ සර්පයා ඔහු එන තෙක් බලා සිටී. බුදු දහමේ සාරය ධම්මපදයේ ලියැවී තිබේ. සිංහල ජන කවියා ද බුදු දහමේ ආභාසයෙන් නව ජන කවියක නව ධම්මපදයක් ලියුවේ ය.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහි පල නොදුන්නේ
ලොවුතුරා බුදුන් කවදද දකින්නේ

ගොවියෝ වර්ෂා කාලය නියං කාලය පිළිබඳව තතු සොයා ගොවිතැන් ආරම්භ කරති. එසේ කළ විට මල් වරා කිරිවැද පැසෙන්නට පටන් ගනී. ලිත බලා කාලය අනුව ගොයම් කළ ඉක්බිති නියං සමය ඒ නම් ඒ සෙනසුරා ගේ කි‍්‍රයාවකි.

හැම දේකට ම නිසි හේතුවක් ගැමියාට තිබේ. කල් බලා ගොවිතැන් කළ පසු සෙනසුරා වැහි පල දීමෙන් ගොයම විනාශ වේ. ගැමියාට ඒ පිළිබඳ ව දුක සිතෙන්නේ තමන්ටත් දරුවන්ටත් කුසගින්නේ සිටින්නට වන නිසා නොවේ. අස්වැන්න නො ලැබූ පසු ලොවුතුරා බුදුන් දකින්නට වන්දනාවේ යා නො හැකි ය.

අලුත් සහල් මංගල්ලය පැවැත්විය නො හැකි ය. ගැමියන් අස්වැන්න කපා පාගා ගත් පසු වන්දනාවේ යාම චාරිත‍්‍රයකි. බුදු සමය මෙරට පැතිරීමත් සමඟ ආහාර දෙවන තැනට වැටී සදාචාරය පළමු තැනට ආවේ ය. මේ සඳහා හොඳ ම සාධකය නුවරඑළියේ එළවළු වගාව යි. වී ගොවිතැනින් සිංහලයා නෙළා ගත් සංස්කෘතිය අල ගොවියෝ අලවලින් නෙළා නො ගත්තෝ ය.
නුවරඑළියේ ගොවියෝ එළවළු ගොවිපළේ දී ම මුදල් බවට පත් කරති. අලුත් අල මංගල්ල, අලුත් ගෝවා මංගල්ල, ඔවුන්ට නැත.
බෞද්ධ දර්ශනය සිංහල ගැමි බෞද්ධයා ගේ සිතුම් පැතුම් සියල්ල නො පිට පෙරළුවේ ය.

බුදු රජුන් දේශනා කළ කාරණා ද ගැමියෝ ස්වකීය සිතුවිලි අනුව සකසා ගත්තෝ ය. බුදු දහම අනුව තිරිසන් සත්තු නිවනට නොයති. උන් වෙනුවෙන් පාංශුකූල දානය දීමේ සම්ප‍්‍රදායක් ද බෞද්ධ ආකල්පවලට ඉඳුරා ම පටහැනි ය. එහෙත් ගැමි බෞද්ධයා බුද්ධාගම තේරුම් ගත්තේ තමන්ට වැටහෙන ආකාරයෙනි.

අනේ මගේ කිකිළී කොයි ගියාදෝ
ඇහිඳ කකා ගම මැද්දේ ගියාදෝ
රෑට ඇවිත් කජු අත්තේ ලගීදෝ
කැලණි ගඟේ පාවී පණ ගියාදෝ

කොක් කොක් ගගා මගෙ දොරකඩට එන ලියේ
රාගන් කිය කියා බිත්තර දමන ලියේ
රිදී පනම් ගෙට උපයා දුන්න ලියේ
අමා මහ නිවන් දැකපන්න කිකිළියේ

කිකිළිය යනු වර්තමාන බ්‍රොයිලර්ස් සංස්කෘතියේ කිසි වැදගත්කමක් නැති ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතුවෙන් සැදි ප‍්‍රපංචයක් පමණකි. ඌ ගේ කිසිදු සංවේදී භාවයක් වර්තමානිකයෝ නො දකිති. එහෙත් බෞද්ධ සංස්කෘතිය ඊට වඩා සංවේදී මනසක් අපට උරුම කොට දී තිබුණි.

ඉහත පදයේ ගැමියා නැති වූ කිකිළියට වැලපේ. කිකිළිය බිජු දමමින් ආර්ථිකය සවිමත් කළ හැටි ගැමියා සිහිපත් කරයි. බුදු දහම තමන්ට ගැළපෙන සේ කපා කොට ගන්නා ගැමියා තමන්ට උදව් කළ කිකිළියට අමා මහ නිර්වාණය ප‍්‍රාර්ථනා කරයි.

මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනිවට මිදුලේ කෙළ කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

තලගොයා යනු කිකිළිය මෙන් කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් ඇති සතෙක් නො වේ. ඌ ගැමියා සමඟ ළමා වියේ දී සෙල්ලම් කර තිබේ. ඌ මිය ගිය ඉක්බිති තලගොයාට නිර්වාණය පතන්නට තරම් ගැමියා එඩිතර වේ.

මොනරාගල බුත්තල ප‍්‍රදේශයේ ජනකවි එකතු කිරීමක යෙදුණු නෝමන් සිරිපාල මහතාට අපූරු ජන කවි කිහිපයක් හමු ව තිබේ. බැද්ද වැඳීම නම් මේ අපූරු කවි එකතුව බුදු දහම මිනිස් සිතට කරන ලද ආශ්චර්යවත් බලපෑම හෙළි කරන ප‍්‍රබල සාක්‍ෂියකි.

ලකුණු බලා බුදු වෙන්නට වැඩිය වරේ
අකුණු හඩින් වසවතු ඇවිත් යුද කෙරේ
මකුළු දැලක් දා අලුවෙන කල අතරේ
කකුසඳ මුනි අණින් වැන්දෙමි වනන්තරේ

සාරා අසංකය පෙරුවත් පුරපු වරේ
සව්සත ගොඩ ගන්න වීරිය කරපු වරේ
මව්සඳ පඩි ව අප මුනිසඳ උපන් වරේ
ගෞතම මුනි අණින් වැන්දෙමි වනන්තරේ
(බුත්තල ජන කවි - නෝමන් සිරිපාල 29)

මේ කවි පෙළ නෝමන් සිිරිපාල මහතාට ලබා දී තිබුණේ බුත්තල වගුරුවෙල ආර්. ජී. නෙතා මහතා ගේ පුත‍්‍ර ආර්. ජී. බබානිස් මහතා ය. තම පියාට අයත් පුස්කොළ පොතක මේ අසිරිමත් කවි කිහිපය සටහන් ව තිබූ බව ඒ මහතා කියා තිබේ.

වනයේ ඇවිද විඩාවට පත් වූ ඉක්බිති මේ කවි කීමෙන් තමන්ට මහත් වූ ආරක්‍ෂාවක් ලැබේ යයි වෙල්ලස්සේ ගැමියන් අතර විශ්වාසයක් තිබී ඇත.
මේ පද්‍යයන්හි විශේෂත්වය නම් බැද්දට වන්දනා කිරීම යි.

වනාන්තරයට වන්දනා කිරීම යනු එය ආරක්‍ෂා කිරීම යි. කැලය දකින විට ම මුදල් මතක් වන සංස්කෘතියකට අද අප මාරු වී සිටියත් බුද්ධ උත්පත්තිය එක් කලෙක සිංහලයන් ඉතා සංවේදී ජාතියක් ව සිටි බවට මේ කදිම සාක්‍ෂියකි.

දැයට කිරුළ 2009

මේ අපි දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී ගත්තු ජායාරූප කිහිපයක්...
කල් ගියාට කමක් නෑ පරන උනාමත් සමහර දේවල් අගය වැඩිවෙනවනේ

අරුමයක් නොවූ උරුමය

අපි අපේ උරුමය ලෙස බොහෝ විට යොදා ගන්නා සංකේත දෙකක් තිබෙනවා. ඒ වැව සහ දාගැබ. නමූත් අපේ උරුමය පූළුල්ව විග්‍රහ කිරීමේදී මිනිසා මිනිසාගේ ලෝකය සහ සමස්ත විශ්වය තුළ එය වඩාත් ගැඹූරින් විග්‍රහ කළ යූතු වෙනවා. උරුමය හූදෙකලා කළ ඒකකයක් ලෙස විග්‍රහ කළ යූත්තක් නොවෙයි. එය බොහෝ විට සංස්කෘතිය හා සම්මිශ්‍රණය කරගත් සංස්කෘතිය හා බැඳුණූ ඒකකයක් ලෙස දක්වන්නට අපි කැමැතියි. උරුමය හූදකලාව සිටූවා තැබිය හැක්කක් නොවෙයි. ඒ තුළ සංස්කෘතිය තිබෙනවා. නමූත් උරුමය යනූ එපමණක්ද - උරුමය පිළිබඳ එහි ගැඹූරින් කරන අර්ථ විග්‍රහය කළ මේ ප්‍රශ්නය අපි සාකච්ඡා කළ යූතුයි.

අපේ උරුමයේ ආරම්භය බූදු දහම ලෙස ඇතැමූන් සළකතත් ඉන් ඔබ්බට විහිදුනූ උරුමයක ලකුණූ අපේ ඉතිහාසය තුළ තිබෙනවා. ඒ අතීත සම්භාව්‍ය දැනූම බූදුරජාණන් වහන්සේ පවා අනූගමනය කර තිබෙනවා. සමස්ත සංඝ සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය නිර්මාණය කරන්නට බූදුරජාණන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ගේ සප්ත අපරිහානී ධර්ම සහ ඔවූන්ගේ සමාජ ව්‍යූහය උපයෝගි කර ගෙන තිබෙනවා. උරුමය එහි ඉතිහාසයේ ආරම්භය වෙත ගමන් කොට පැමිණ ඇති ගමනේ සමස්තය දෙස බලන විට එළඹිය හැකි එක් නිගමනයක් වන්නේ උරුමය යනූ වර්ග කර දැක්විය හැකි දෙයක් නොවන බවයි. ලේබලයක් අලවා මලක සූවඳක් වර්ග කර දැක්විය නොහැකි සේ උරුමයත් ලෝකයේ එක් ජන වර්ගයකට හෝ කොටසකට වර්ග කර පෙන්විය හැකි දෙයක් නොවෙයි. මේ නිසා උරුමය තුළින් අපට මානව හිතවාදී ධර්මයක් ගොඩනඟා ගැනීමට පූළුවන්. නමූත් විවිධාකාර ලේබල් අලවාගෙන අපි එකිනෙකා එකිනෙකාගෙන් දුරස්ථව සිටින නිසා එය අද අපහසූ කාරණයක්.

උදාහරණයක් ලෙස අප ජීවත් වන පරිසරය එය අපේ මූතුන් මිත්තන් ගෙන් අපට උරුම වූ සහ අපෙන් අපේ දූ දරුවන්ට උරුම විය යූත්තක්.

අපේ උරුමය තුළින් අප උකහා ගත යූත්තේ සම්ප්‍රදායික දැනූම නොවෙයි සම්භාව්‍ය දැනූමයි. එනම් යටගියාවෙන් අපට උරුම වූ දැනූම. අපේ මූතුන්මිත්තන් මේ දැනූමින් අතීතයේ අපේ උරුමය සොයා ගිය ගමන පූරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඔප්පූ කරන්න පූළුවන්. ප්‍රාග් ඓතිහාසික මිනිසූන් ඒ යූගයේ තිබූ පාෂාණ පිළිබඳ දැනගෙන හිටියා. පසූ කාලයක එයින් යකඩ ලබා ගැනීමට ඔවූන් ඒ දැනූම පාවිච්චි කළා. වැඩිදියූණූ කරගත් ඒ දැනූම තාක්ෂණය හා මූසූ කරගෙන විවිධ නිර්මාණ බිහි කරන්නට මිනිසා පෙළඹූණා.

ඒනිසා අපි අපේ උරුමය විග්‍රහ කිරීමේදී එය වැව සහ දාගැබ යන පටූ සීමා තුළ නොරැඳී සංස්කෘතිය, පරිසරය, සම්භාව්‍ය දැනූම හා බැඳුණූ පූළුල් අර්ථයක් එයට ලබාදිය යූතු වෙනවා. එසේම එය උරුම කර හැකි පිරිසක්ද සිටිය යූතු වෙනවා. මේ අවශ්‍යතා හතරෙන් කවරක් හෝ සපූරාගත නොහැකි උරුමයකට පැවැත්මක් නැහැ.

අපේ උරුමයේ ආරම්භය බූදු දහම ලෙස ඇතැමූන් සළකතත් ඉන් ඔබ්බට විහිදුනූ උරුමයක ලකුණූ අපේ ඉතිහාසය තුළ තිබෙනවා. ඒ අතීත සම්භාව්‍ය දැනූම බූදුරජාණන් වහන්සේ පවා අනූගමනය කර තිබෙනවා. සමස්ත සංඝ සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය නිර්මාණය කරන්නට බූදුරජාණන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ගේ සප්ත අපරිහානී ධර්ම සහ ඔවූන්ගේ සමාජ ව්‍යූහය උපයෝගි කර ගෙන තිබෙනවා.

උරුමය එහි ඉතිහාසයේ ආරම්භය වෙත ගමන් කොට පැමිණ ඇති ගමනේ සමස්තය දෙස බලන විට එළඹිය හැකි එක් නිගමනයක් වන්නේ උරුමය යනූ වර්ග කර දැක්විය හැකි දෙයක් නොවන බවයි. ලේබලයක් අලවා මලක සූවඳක් වර්ග කර දැක්විය නොහැකි සේ උරුමයත් ලෝකයේ එක් ජන වර්ගයකට හෝ කොටසකට වර්ග කර පෙන්විය හැකි දෙයක් නොවෙයි.

මේ නිසා උරුමය තුළින් අපට මානව හිතවාදී ධර්මයක් ගොඩනඟා ගැනීමට පූළුවන්. නමූත් විවිධාකාර ලේබල් අලවාගෙන අපි එකිනෙකා එකිනෙකාගෙන් දුරස්ථව සිටින නිසා එය අද අපහසූ කාරණයක්. කැමැති වූණත් අකැමැති වූණත් කෙනෙකුට අද උපදින්නට සිදුවී තිබෙන්නේත් ලේබලයක් අලවාගෙනයි. උපදින විටම පූද්ගලයෙක් සිංහල-දෙමළ-මූස්ලිම් ආදී වශයෙන් ජාතිකයකු ලෙසත් බෞද්ධ - ක්‍රිස්තියානි ආදී වශයෙන් ආගමිකයකු හැටියටත් ඔහූට ලේබලයක් ලැබෙනවා. මේ උපතේ ස්වභාවයම මානව හිතවාදීව සිතන්නට විශාල බාධාවක්. අපට පමණක් නොවෙයි වසර දෙදහස් පන්සියයකට ප්‍රථම ගෞතම බූදුරජාණන් වහන්සේටත් මේ ගැටලුව තිබූණා. මානව හිතවාදය පිළිබඳ උන්වහන්සේගේ පණිවූඩය තුළ තිබෙන්නේ මේ දහමෙහි නියැලෙන්නා සතර අගතියෙන් තොර විය යූත්තෙක් බවයි.

උරුමයත් අපේ මූතුන්මිත්තන්ගෙන් අපි දායාද වශයෙන් ලබා අනාගත පරපූරට ඒ උරුමය පවරන්නට නම් එය මානව හිතවාදී දහමක් ලෙස සලකා කටයූතු කළ යූතු වෙනවා. ඕනෑම රටක පවත්නා වර්තමාන ස්වභාවයන්හි යථාර්ථයන් අමතක කර යටගියාව අධ්‍යයනය කරන්නට බැහැ. වර්තමානයේ අපේ රට මූහූණදී ඇති අර්බූද සමග අපේ උරුමය හා සංස්කෘතිය අප අර්ථ ගන්වා ගන්නේ කෙසේද? අපේ ශිලා ලිපිවල හමූවන ද්‍රවිඩ වචන, ජේතවනාරාමයේ කැනීම්වලදී හමූවන හින්දු පිළිම සහ අනූරාධපූරයේ කැනීම්වලින් හමූවූ ක්‍රි.ව. 6 වන සියවසට අයත් නෙස්ටෝරියානූ කුරුසය අපේ උරුමය සහ සංස්කෘතිය තුළ අප විග්‍රහ කරගන්නේ කොහොමද? වැව සහ දාගැබ අපේ උරුමය ලෙස අර්ථගන්වා ගැනීම කොතරම් පටූ සීමාවක අප හූදෙකලා වීමක්ද යන්න සනාථ කළ හැකි පූරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.

මේ ලෝකයේ කිසිම ජාතියක් පාරිශුද්ධ ජාතියක් නොවෙයි. අතීතය පූරාම ජෛව සහ සංස්කෘතික විවිධත්වයක් තිබෙනව. අප සංස්කෘතිය තුළ ඇඳුම් පැළඳුම්, ආහාරපාන, වැඳුම් පිදුම් ක්‍රම ආදිය බෙදා හදාගෙන ජීවත්වූ පිරිසක් බවට පූරාවිද්‍යාත්මක සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා.

අපේ රටෙි වර්තමානයේ යථාර්ථය අපේ අතීත උරුමය තුළින් විග්‍රහ කරගැනීමට මේ ඉතාම සූදුසූ අවස්ථාවක්. අද අපි හිතන අපි කවූද සහ ඇත්ත වශයෙන්ම අපි කවූද? අප පිළිබඳ අප විසින්ම ගොඩනඟාගත් මිථ්‍යාවන් සමූහයක අප අතරමං වෙලාද? අපි ඉතිහාසය නිවැරැදිව කියවා තිබෙනවාද?

විජය කුමරු මෙරටට පැමිණීමට පෙර යක්ෂ නාග ආදී ගෝත්‍රික ජනතාව මෙරට විසූ බව පැවසෙනවා. යක්ෂ, නාග, රාක්ෂ ඒ ගෝත්‍රික ජනතාව නොදියූණූ මිනිසූන් හැටියටයි අප සැලකුවේ. නමූත් අනූරාධපූර ඇතුල්නූවර අඩි 50 ක් පමණ ගැඹූරට සිදුකළ කැනීම්වලදී මේ මතයට අභියෝග කළ හැකි සාක්ෂි සමූහයක් හමූවී තිබෙනවා. එම කැනීමේදී ක්‍රිස්තු පූර්ව 6 වන සියවසටත් කලින් මේ රටෙි ගොවිතැන ජීවනෝපාය කරගත්, මැටි මෙවලම් නිෂ්පාදනය කළ පබළු සැදූ ජන කොටිඨාසයක් ජීවත් වූ බවට සාක්ෂි හමූවී තිබෙනවා.

මූලින්ම ලෝහ තාක්ෂණය යොදාගත් ජන කොටිඨාසයක් සහ මූලින්ම නිවාස තනාගෙන ජීවත්වූ ජන කොටිඨාසයක් අනූරාධපූර ආශ්‍රිතව ජීවත් වූ බවට සාධක හමූවී තිබෙනවා. මේ පිරිස කවූද? ඔවූන් ආවේ කොහෙන්ද? අපි අපේ ඉතිහාසය නිවැරැදිව කියවා ඇද්ද යන කුකුස මේ සාධක සමූහය විසින් අප තුළ ඇති කර තිබෙනවා.

බූදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් වදාළ පරිදි ගුරුවරයකු පැවසූ නිසාම හෝ තම මතයට සම්ප්‍රදායට එකඟ වූ නිසාම යමක් පිළිගත යූතු නොවේ. යමක් අවබෝධ කරගත යූත්තේ හොඳින් විමසා බලා මැදහත් සිතෙනි. අපේ උරුමය පිළිබඳ පූරාවිද්‍යාත්මක සාධක ඔස්සේ විමසා බැලෙන ලිපි පෙළක ආරම්භක ලිපියයි මේ.
අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group

ගෙඩිය ගසා වැඩ වැරීම

අලුත් අවුරුදු කෝනම ගෙවදින්නේ, වැඩ වැරීමෙන් නොහොත්, පුන්‍ය කාලයෙන්. පන්සලේ ගෙඩිය ගැසීමෙන් ගංකරේ ඇත්තන්ට වැඩ වැරීමේ කාලය උදාවූ බව දන්වනවා
ගන්ඨාරේ බිහිවෙන්න කලින් අපේ පැරන්නෝ හොඳ හයිය හත්තිය තියෙන ලී කොටේක ඇතුළෙ ලොකු හිලක් විදලා සදා ගත්ත උපකරණය ගෙඩිය නමින් හැඳින්වූවා.
අවුරුද්දේ තුන්සියහැටපස් දවසෙම හේනේ කුඹුරේ වැඩ කරපු ගංකරේ අපේ ඇත්තෝ ගංතුලානේ හැමෝමත් එක්ක පන්සලට ගාල්වෙලා ආගමික වතාවත් වල යෙදෙනවා.

වැඩ වැරීමේ කාලය පුණය කාලය නමින් පසුව හැඳින්වුනේ මේ නිසාලූ ආයිබොවන්


අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴
Arumaya web Group

මහනුවර


ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.
ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375* දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.


එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත.


තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.


සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැුවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ,
සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.


මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දුියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළද මැදුරට ඉදිරියෙන් ඇත ිදෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.

අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.
මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.

දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි
මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ ¥පතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑ¥ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ.

යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.

උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත.
පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.


දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැුස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැුල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි.
සිංහලයේ අවස්න රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැුසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.


අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම Arumaya web Group

පොළොන්නරුව


ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.

අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිඛෙන්නට ඇතැයි ද විශ්වාසයකි.

පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කි්‍රස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කි්‍රස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.

පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.

වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ශී්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. එකළ රාමඤ්ඤ පුරය, ප`ඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිළිය.

වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම ප්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.

දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් බිඳවැටේ.

නැවත දෙවැනි පරාක්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.

යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කි්‍රස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.

ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බි්‍රතාන්‍ය සමයේ නැවත හෙළි පෙහෙළි කැරි‚. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.

පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාක්‍රමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාක්‍රමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශී්‍ර විභූතිය කියාපාන සාධකයෝය.

නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.

› ලංකාවේ විශාලතම චෛත්‍යය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්‍යයනුත් බද්ධ සීමා ප්‍රාසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය.

අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වටදා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දකවයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.

මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශී්‍ර ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.

අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group

සීගිරිය

කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.

අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමෙී් අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.

මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.

සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතිැයි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.ප්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප්‍රචලිතය.

අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කිියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.

සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.

සීගිරිය ප්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.ඛෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.

පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තනතුරට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.

සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙී කුරුටු ගී පෙන්වයි.

ක්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ෙජ්.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.ඛෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.

පැරණි ශී්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.

සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිඛෙන්නට ඇත. එම ප්‍රදේශය විශාල ප්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිඛෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.

18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලු ලු අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.

අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴
Arumaya web Group