Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

පදික වෙලෙන්දෝ සහ [වෙසක්]


කාලෙකට පස්සේ මං බොරැල්ලට ගියා, වෙසක් එකට බඩුමුට්ටු ටිකක් ගන්න කියලා.
මම බොරැල්ලෙන් බහිනවා කියලා කට අරින්න හදන කොටම,
කොන්දොස්තර මල්ලි මාව බලෙන්ම වගේ බොරැල්ලෙන් තල්ලු කරලා ගියා.

ස්තුතියි මල්ලි.

ම්ම්ම්...... මොකද බොරැල්ලේ වෙනදා තරං සෙනග නැත්තේ...???
ඔන්න ඔහේ ඕන එකක්.
වෙනදා තරං වෙසක් ලකේට නැත්තෙ මොකද මෙච්චර මේ යුද්දෙත් දිනලා ඉන්න එකේ
හනේ මන්දා
හප්පේ දැන් කොච්චර බොරැල්ලේ ඇවිද්දද මං..?
කෝ වෙසක් කඩ?
හෑ......
යුද්දෙ තිබ්බ කාලෙ උනත් බොරැල්ලේ මීට වඩා සෙනග හිටියනේ,


මම කලින් දවසක ආවට වඩා බොරැල්ල දැන් එළිය වැටිලා,
ඒත් පදික වේදිකාවෙ පොඩි පොඩි කඩ දාගෙන හිටපු අයියලා මල්ලිලා ටික එතනිං එලවලා දාලා.
හනේ බුදුනේ.... වෙසක් කඩ ඔක්කොම අකුලං ගිහිං නේද?

ඉස්සර නං බොරැල්ලෙ පදික වේදිකාවේ සෙනග සූ ගාලා .....
ඒ ඉතිං කඩෙන් ගන්නවට වඩා,
ටිකක් ලාබෙට හැම දෙයක්ම පාරෙන් ගන්න පුලුවං නිසානේ.
බොරැල්ල පුරා තියෙන පදික වෙළද තට්ටු ටවුමෙ ලස්සන නැතිකරනවා තමයි.
ඒත් මේ අනවසර වෙළදාම් නිසා ජීවත් වෙච්ච පිරිසත් මේ රටේම මිනිස්සු.
ඒ ගොල්ලෝ රටට බරක් නොවී තමන්ගේ ජීවිතේ ගැට‍ගහගත්තු උදවිය.
ඒ වගේම කවුරැ කොහොම කීවත්,
පදික වෙලෙන්දන්ගෙන්ම බඩු ගන්න ආපු අති විශාල සෙනග කන්දරාවකුත් හිටියනේ.

ලංකාව වගේ තුන්වැනි ලෝකේ රටක,
මිනිස්සුන්ට ලාබෙට දෙයක් ගන්න පුලුවං පො‍ළෙනුයි පාරෙනුයි විතරයි.
මේ එලවපු අසරන මිනිස්සුන්ට
කොළඹට වරිපනං ගෙවාගෙන කඩ කුළි ගෙවාගෙන ලාබ ලබන්න විදිහක් නෑ.
ඒ මිනිස්සුන්ට කඩ කරලා පුරැදුත් නෑ.
අනේ මන්දා......

කොළඹ ලස්සන කලාට කමක් නෑ.
පදික වෙළදාම් සංස්කෘතිය ගැනත් හොදට අධ්‍යනයක් කරලා ඒ දේ කළා නං,
තවත් හොදයි ......


ඒ වගත් මෙසේමය...... අරැමය

අපේ Tv දැන්වීම් කලාව

ඉස්සර නං Tv එකේ පෙන්නන දැන්වීම්. කිසි කමකට නෑ.
ටයර් විකුණගන්න පවා ගෑනු ලමයෙ‍කුගේ කලවා පෙන්වන කාලයකුත් තිබුනා.
පොඩි එව්වො පෙන්නලා තමුන්ගේ මඩිය තර කර ගත්ත අයත් හිටියා.
ඒත් දැන් දැන් ඒ ‍ගොන් ජෝක් ටික ටික අඩුවෙලා වගේ පේනවා.
ඔය පිටපත, ටී වී කරන්න කීයක් හරි වැඩිපුර ගියත් කමක් නෑ දෙයියනේ ටිකක් රට ගැන මිනිස්සුන්ට හිතෙන විදිහට ඕක කරනවනං කොච්චර හොදද..!!
අපට කමක් නෑ වෙලෙන්දො මොන දේ විකණුවත්,
ඒ අස්සෙ අපේ කමේ සංකල්ප ටිකකුත් ඔය අස්සෙම ඔලුවලට කවන්න පුලුවං වුනොත්
ඒක කොච්චර පිංකමක්ද..!! නේද ආයුබෝං.......???

අපේක්‍ෂාව

බලාපොරොත්තු සහිත මේ දෑස් බබළන්නේ
අපේක්‍ෂිත නිදහස් නිවහල් හෙටක් වෙනුවෙනි.

වන්දා

වන්දා කියන්නේ මෙයාට.
මෙයා ගොඩාක් අහිංසක සතෙක්.
මට මෙයා ගැන එකපාරටම ලියන්න හිතුනේ අපේ සමාජයේ ඉන්න සමහරුන්ටත් මෙයාට කියන නම කියන නිසා.
ඒ ඉතින් අහිංසක කම නිසා නම් නෙමෙයි.
අපේ සමාජයේ සමහරු වටේටම වැඳලා තමුන්ගේ වැඩ කර ගන්නා කලාවක් පුරුඳු වෙලා තියෙන නිසා.
තවත් සමහරු ලොකු ලොකු අයියලගේ වන්දිභට්ටයො වෙලා.
අනේ මන්දා ඉතිං.
ඕකෙන් මේකෙන් වෙන්නේ අපේ අසරන වන්දා තියෙන තැනත් නැති වෙන එකද මන්දා

ආදරය තේරුම් ගත් පින්තූර

ආදරය කියන්නේ ගොඩාක් උතුම් දෙයක්.
ජිවිතය විඳවන්නේ නැතිව විඳින්න නම් ආදරයක් හිතේ ඇතිවෙන්ටම වුවමනායි.
මිනිස්සු ආදරය තලලා පොඩි කරලා විනාශ කරලා දමද්දි,
තව සමහරු ආදරය ලෝකෙටම බෙදනවා.

අපි නොහිතන සමහර තැන්වල ආදරය ගොඩාක් ආදරෙන් තියෙනවා.හිත් පිත් නැති අයත් ආදරෙන් වෙලිලා ඉන්නවනම්,
ඇයි, අපි තවමත් මනුස්සකමින් ආදරය නොකරන්නේ......???