ගාමිණි ෆොන්සේකා

ලාංකේය සිනමාවේ රංග ආශ්චර්යය, ගාමිණී
ලාංකේය සිනමාවට රුක්මණී දේවිය අහිමි වීමෙන් ඇති වූ හිඩැස පිරැවිය හැකි නිළියක එදා මෙදා තුර බිහි වූයේ නැත. එච්.ආර්. ජෝතිපාල අහිමි වීමෙන් ගායන ෙක‍ෂ්ත්‍රය තුළ ඇති වූ හිඩැස පුරවන්නටද ඔහු වැනි ගායන පෞරුෂයක් ඇති ගායකයකු එදා මෙදා තුර බිහි වූයේ නැත. විජය කුමාරණතුංග අහිමි වීමෙන් සිනමා රංගනය තුළ ඇති වූ හිඩැස පුරවන්නටද එදා මෙදා තුර කිසිවකු බිහි වූයේ නැත. ප්‍රේමසිරි කේමදාස අහිමි වීමෙන් සංගීත ෙක‍ෂ්ත්‍රය තුළ ඇති වූ හිඩැස පිරවිය හැකි සංගීතඥයකු යළි බිහිවන ඉඩකඩක් පෙනෙන්නට නැත. එසේම ගාමිණී ෆොන්සේකා නමැති අද්විතීය රංගධරයා අහිමි වීමෙන් ඇතිවූ හිඩැස පිරැවිය හැකි අයකු මතු බිහිවන බවක්ද පෙනෙන්නටද නැත.

අපට අහිමි වූ එ සංස්කෘතික බල කණු සියල්ලම මෙරට කලා ඇකඩමි තුළින් බිහිවූවන් නොවේ. එබඳු ඇකඩමි කිසිවක් එදා මේ රට තුළ බිහිනොවූවා මෙන්ම මතුවට බිහිවන බවක් පෙනෙන්නටද නැත. එබැවින් ඉහත දැක්වූ කලා ශිල්පීන් සියල්ලෝම ස්වකීය ජන්මයෙන් උරුම කරගත් කුසලතාවන් ස්වෝත්සාහයෙන් සහ සතතාභ්‍යාසයෙන් වර්ධනය කරගනිමින් විවිධ ෙක‍ෂ්ත්‍ර ඔස්සේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් මුදා හළ අය වූහ. එවැනි කලාකරුවන් අතර ගාමිණී ෆොන්සේකාට හිමි වනුයේ සුවශේෂී ස්ථානයකි.

ගාමිණී ෆොන්සේකා ලාංකේය සිනමාව ආක්‍රමණය කරන්නේ එය ජන්මයෙන්ම උරුමකම් කියූ අනුකාරකවාදී-නාට්‍යාතිශය-ඕලාරික ආකෘතිය අන්තර්ගතය සහ රංග වින්‍යාශය පිළිබඳ පූර්ණ වෙනසක අවශ්‍යතාවක් පැවැති පරිවර්තන යුගයකය.

ලාංකේය සිනමාවේ එකී පරිවර්තන යුගයේ පුරෝගාමියා වන ලෙස්ටර් ෙජ්මිස් පීරිස් 1956 දී රේඛාව ඔස්සේ ගැසූ පළමු කැරැල්ල තුළින්ම ගාමිණී ෆොන්සේකා මතුවීම ඔහුගේ සමස්ථ සිනමා ජීවිතය තුළම ලැබූ නියත විවරණයක් බඳුය.

ගාමිණී හාපුරා කියා සිනමාවට සම්බන්ධ වනුයේ ලෙස්ටර්ගේ 56 කැරැල්ලේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසිනි. ඔහු රේඛාව චිත්‍රපටයේ කාර්මික ශිල්පියකු ලෙස විලී බ්ලේක් යටතේ සිනමාවට අත්පොත් තබන අතර රේඛාව තුළින් හාපුරා කියා සමූහ දර්ශනයකට පෙනී සිටීමේ අවස්ථාවද උදාකර ගත්තේය.

රේඛාව බිහිවීමත් 1956 න් පසු බණ්ඩාරණායක රජය මගින් ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනය තහනම් කිරීමත් සමග ලාංකේය සිනමාව එළැඹෙන්නේ සංක්‍රාන්තිමය යුගයකටය. එතෙක් දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයන් අත තිබූ ලාංකේය සිනමා කර්මාන්තය තමන් වෙත අත්පත් කර ගන්නා සිලෝන් තියටර්ස්, සිනමාස් සමාගම සහ සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම යන ආයතන මේ රට තුළ ස්ථාවර සිනමා කර්මාන්තයක් පවත්වා ගැනීම සඳහා අඩිතාලම සකස් කරන්නේ ඊට අවශ්‍ය සියලූ මනෝමූල සහ වාස්තවික තත්ත්වයන් පිළිබඳ සවිඥානික මනසකිනි.

ස්වකීය ආයෝජනයන් වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔවුහු තමන් විසින්ම අරඹන ලද සිනමා පුවත්පත් සහ සඟරා ඔස්සේ තරු ජනප්‍රිය කරවීමේ වෑයමක යෙදුණහ. මුලින්ම ස්වකීය නිෂ්පාදන තුළින් පොදු ජන රසඥතාව තුළ මවන සිහින කුමරුන්, වීරයන් පොදු ජන මනස තුළ පැල කිරීමේ කාර්යය පුවත්පත් සහ සඟරා ඔස්සේ සිදු කෙරිණි. සිනමා මාධ්‍ය පිළිබඳව අවබෝධයක් ලබාදීම හෝ ප්‍රේක‍ෂක රසඥතාව වැඩීම හෝ වෙනුවට එවායෙහි පළ කෙරුණේ නළු නිළියන්ගේ ඕපාදූප, ඔවුන්ට රසිකයන් ලියූ පෙම් ලිපි ඇතුළු විවිධ විශේෂාංගයි.

මෙසේ සිනමා ප්‍රකාශන හරහා ඇරැඹි තරු වන්දනාව තුළ වඩාත් ඉහළින් වැජඹෙන්නට ගාමිණී ෆොන්සේකාට හැකි වනුයේ එ සඳහා අවශ්‍ය වාස්තවික සහ මනෝමූල තත්ත්වයන් උත්පාදනය කිරීම සහ එවා රැක ගැනීම සම්බන්ධයෙන් ඔහු වඩාත් සවිඥානිකව කටයුතු කළ බැවිනි.

පොදු ජන රසිකත්වය තුළ සිහින කුමරකු මෙන්ම වීරයකු වන්නට දැරූ ප්‍රයත්නය තුළ ගාමිණීට ඔහුගේ ශරීරය වැදගත් ආයුධයක් විය. එතෙක් චිත්‍රපටවල කිරුළු පලන් ගිනිකූරු රැවුල් සහිත නළුවන් පරදවන කඩවසම් පෙනුමක් සහ මනා පෞර්ෂයක් ගාමිණී සතු විය. ස්වකීය ශරීර ලක‍ෂණ, පෞර්ෂයය, සිනමා විෂය පිළිබඳ අවබෝධය ආදී කරුණු නිසා ඔහු එදා සිනමා නිෂ්පාදකයන්ගේ අභිමතාර්ථයන් ජයගන්නා පොදුජන වීරයා වීමේ අවස්ථාව ක්‍රමිකව අත්පත් කරගත්තේය. එකී ජයග්‍රහණය තුළ අවසානයේදී ගාමිණී තමන් පෙනී සිටින දර්ශන තමන්ට අභිමත පරිදි රූපගත කිරීම සඳහා දර්ශන තලයේදී කැමරා ශිල්පියාට පමණක් නොව අධ්‍යක‍ෂකවරයාට පවා උපදෙස් දෙන තත්ත්වයට ඔහු සිනමා කර්මාන්තය තුළ ආධිපත්‍යයක් ගොඩනගා ගත්තේය.

එකී ආධිපත්‍යය ඔස්සේ සිනමාව තුළ පැවැත්ම සඳහා ශක්තිමත්ම අඩිතාලමක් සකස්කර ගන්නා ගාමිණී සිය ප්‍රතිභාව මුළුමනින්ම කැප කරන්නේ තම පැවැත්ම තහවුරු කරන ජනප්‍රිය සිනමා සංස්කෘතිය පෝෂණය කිරීම සඳහාය. එවකට සිනමා කර්මාන්තයේ පැවැත්ම සඳහා ප්‍රධාන සාධකය වූ ජනප්‍රිය සිනමා රැල්ලේ නිෂ්පාදනය වූ චණ්ඩියා ගැටවරයෝ සුර චෞරයා සූරයන්ගෙත් සූරයා ආත්ම පූජා හතරදෙනාම සූරයෝ එදත් සූරයා අදත් සූරයා කවුද රජා ඇතුළු වීර චිත්‍රපටවල කිරුළු පළන් වීරයා ලෙස පෙනී සිටි ගාමිණී සිය ජීවිත කාලය පුරාම විවිධ අයුරින් එම වීර ප්‍රතිරූපය ගොඩනඟා ගනිමින් සදහටම ඔබ මගේ කස්තුරි සුවඳ ආදරේ හිතෙනව දැක්කම ආදී චිත්‍රපට ඔස්සේ සුකුමාර පෙමිවතා වන්නට දැරූ පරිශ්‍රමය ඔහුගේ ආත්මය තුළ සැඟව තිබූ රංගනය පිළිබඳ සුවිශේෂ කුසලතාව නිසි ලෙස ප්‍රකට කරන්නට හැකිවන්නේ හරවත් චිත්‍රපට කිහිපයකින් පමණි.

ගාමිණී හාපුරා කියා සියුම් භාවමය රංග කාර්යකට එක්වන්නේ ඔහු සිනමාවට දායාද කරනු ලැබූ ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයෙනි.

වැඩවසම් සමාජයේ බිඳ වැටීමත් නව ධනේෂ්වර පංතියක නැගීමත් සංකේතවත් කරවන්නක් වූ ගම්පෙරළිය චිත්‍රපටයේ එන ජිනදාසගේ චරිතය සමාජ පරිණාමය හමුවේ බිඳ වැටෙන පැලැන්තියක නෂ්ටාවශේෂයක් බඳු විය. නව සමාජ ප්‍රවේගයක් හමුවේ ගසාගෙන ගිය පරඩැලක් බඳු වූ මේ පුද්ගලයාගේ ආත්මගත දුර්මුඛභාවයත් එම පුද්ගලයා වෙතින් සංකේතවත් වුණු දියවී යන වැඩවසම් වාදයේ මරලතෝනියත් මූර්තිමත් කිරීමට ගාමිණීට හැකි වන්නේ එම චරිතය සතුවූ ආත්මීය ලක‍ෂණ සියුම් ලෙස නිරීක‍ෂණය කිරීමට ඔහු තුළ පැවැති ඉවෙනි. එම ඉව ඔස්සේ ගොස් ජිනදාසගේ වැලපෙන ආත්මය සිය මුහුණේ සාක්වික අභිනයක් ඔස්සේ ප්‍රකට කරන්නට ගාමිණී සමත් වූයේය.

zගම්පෙරළියZ චිත්‍රපටයේ ජිනදාසගේ භූමිකාව ලද සීමිත ඉඩකඩ තුල සිය උපරිම කුසලාතව ප්‍රකට කරන ගාමිණී ඉන් අනතුරුව ඔහු විසින්ම අධ්‍යක‍ෂණය කරනු ලැබූ පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයාගේ චරිතය තුළින් දීර්ඝ රංගනයක් සඳහා ඉඩකඩ පාදා ගනී. ස්ත්‍රිය සහ සුරාව ආත්ම කොට ගනිමින් දිවි ගෙවූ සෙල්ලක්කාර වලව්කාරයකු වූ බොනීගේ චරිතය තුළින් ගාමිණී සිය කුසලතාවන් නිසිලෙස අවදි කරන්නේ බොනී බීමත්කම නිසාම රෝගාතුර වූ අවස්ථාව වන විටය. රෝගාතුර වී මිය යන මොහොත දක්වාම ගාමිණී සිය මුහුණ බොනීගේ හදවත පිළිබිඹු කරන කැඩපතක් බවට පත්කර ගනී.

ඩී.බී. නිහාල් සිංහගේ වැලිකතර චිත්‍රපටයේ වික්‍රමරන්දෙනිය හැටියට ගාමිණී ඉදිරිපත් කරන රංගනය සිනමාවේ වීරයා ලෙසටම වැජඹෙන්නට ඔහු තුළ තිබූ උවමනාව පිරිමසන චරිතයක් වුවද උසස් පොලිස් නිලධාරියකු හැටියට සිය රාජකාරී ජීවිතයට එල්ල වන අභියෝගය හමුවේ මුහුණදෙන සංකීර්ණ තත්ත්වය මත එම චරිතයට මානුෂීය මුහුණුවරක් මෙන්ම බරක්ද ඔහු එක් කෙළේය.

ගාමිණී ෆොන්සේකාගේ අද්විතීය රංගනය ලෙසට ඉතිහාස ගතවන්නේ ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ නිධානය චිත්‍රපටයේ විලී අබේනායකගේ භූමිකාවයි.

විලී අබේනායක වූ කලි අභාවයට යමින් පැවැති රදළ පරම්පරාවකින් පැවැත එන්නෙකි. හෙතෙම එම පරම්පරාවේ අවසාන පුරුක විය.

කිසියම් පන්තියක ගරා වැටීම එම පන්තිය නියෝජනය කරන පුද්ගලයාගේ පැවැත්ම කෙරෙහිද ඍජු ලෙසම බලපවත්වයි. එහිදී පුදග්ලයා ස්වකීය පන්තිය රැකගැනීම උදෙසා කරන අරගලය ඔහු ජීවත්වන ප්‍රායෝගික සමාජය සමග ගැටෙයි. මේ ගැටුමේදී පවතින සමාජයට අනුගත වන්නට නොහැකි වන පුද්ගලයා සමාජයෙන් වියුක්ත වූවකු බවට පත්වෙයි.

විලී අබේනායක ගොදුරුවී සිටින්නේ එම වියුක්තවාදී පුද්ගල පරා රෝපණයටයි. විලී අබේනායක ජීවත්වන්නේ මියගිය අතීතය සමගිනි. වර්තමාන යථාර්ථය ඔහු නුරුස්සයි. එහෙයින් ඔහුට අතීතය තුළ හෝ වර්තමානය තුළ හෝ පැවැත්මක් නැත. අතීතයේ හෝ වර්තමානයේ හෝ පැවැත්මක් නැති පුද්ගලයෙකුගේ ජීවන අත්දැකීම් සකස් වනුයේ කිනම් ආකාරයකින්ද?

විලී අබේනායක යනු එබඳු සංකීර්ණතා රැසකින් ගහණ මිනිසෙකි. එබඳු මිනිසකුගේ පුද්ගල ආත්මය විනිවිද දැකිය හැකිවන්නේ මනා පරිකල්පනයක් තුළින් ගොඩ නැගෙන නිර්මාණාත්මක රංග කුසලතාවක්ද ඇති නළුවකුට පමණි. විලී අබේනායක මුහුණදුන් සියලූ මනෝභාවයන් සූක‍ෂම ලෙස ග්‍රහණය කොට ගනිමින් එ එ අවස්ථාවලදී ක්‍රියාකළ ආකාරයන් පිළිඹිබු කිරීමේදී ගාමිණී තම ඉහළම රංග කුසලතා ඉවහල් කර ගනියි.

චිත්‍රපටය රූපගත කෙරෙද්දී වරෙක අපස්මාර රෝගියකු ලෙස දෑත් උඩ දමමින් ගොඩ දැමූ මාළුවකු මෙන් දඟලමින් කටින් සෙම දමිමින් ඔහු ඉදිරිපත් කළ රංගනය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් පවා බිය ගන්වන සුළුවිය. ලෙස්ටර් මෙන්ම එ මොහොතේ එම රූපගත කිරීම්වල නිරතව සිටි සිනමා ශිල්පීන් සිතා සිටියේ සැබැවින්ම ගාමිණී අපස්මාර රෝගයට ගොදුරුවී ඇති බවකි.

නිධානය චිත්‍රපටය දුටු විදේශිකයන් පිරිසක් චිත්‍රපට දර්ශණයෙන් පසු ගාමිණී මුණගැසී ඔහුගෙන් අසා ඇත්තේ යථෝක්ත දර්ශණයේදී දෑසේ කළු ඉංගිරියාව නොපෙනෙන ලෙස සුද පමණක් පෙනෙන ලෙස කළ අභිනය සඳහා කන්ටැක් ලෙන්ස් පාවිච්චි කළාද යනුවෙනි. එවැන්නක් ගැන තමා එවකට අසා නොසිටි බව පවසමින් ගාමිණී ඔවුන් ඉදිරියේ තම දෑසේ කළු ඉංගිරියාව නොපෙනෙන ලෙස ඇසේ සුද පමණක් මතුවන පරිදි එම ඉරියව්ව යළි රඟ දක්වා ඇත.

සැබවින්ම රංග කාර්්‍යයේදී නළුවකුට හෝ නිළියකට මනා පරිකල්පනයක් තිබීම අනවශ්‍යය. කිසියම් චරිතයක බාහිර ගති පැවතුම් මෙන්ම අභ්‍යන්තර ස්වභාවයන් විනිවිද දැකිය හැකි අන්දමේ භාවමය රංගනයක යෙදිය හැක්කේ එකී පරිකල්පනය මතයි. ගාමිණී තුළ පැවැති එම පරිකල්පන ශක්තිය සහ නිර්මාණාත්මක හැකියාව ඉහළින්ම ප්‍රකට කළ අවස්ථා වූයේ විලී අබේනායකගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ අපූර්ව රංගනයයි.

සුනිල් ආරියරත්නගේ සරුංගලේ චිත්‍රපටයේ නඩරාජාගේ චරිත නිරූපණයද ගාමිණීගේ රංග කුශලතා මනා ලෙස ප්‍රකට කිරීමක් විය.

1958 ජාතිවාදී ගැටුම සරුංගලේ සඳහා විෂය වී තිබිණ. ද්‍රවිඩ ජාතිකයකු වූ නඩරාජා සිංහල තරුණියකට ප්‍රේම කරයි. ජාතිවාදය පිටු දකින හෙතෙම කුලවාදය තරයේ අදහයි. තම නැගණිය කුල හීන තරුණයකු සමග ප්‍රේමයෙන් වෙලී සිටීම ඔහු තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරයි. ඇගේ ප්‍රේමයට කුල වාදය හරස්වන්නා සේම නඩරාජා සහ සිංහල තරුණිය අතර පවතින ප්‍රේමයට ජාතිවාදය හරස්වෙයි. කුලවාදයෙන් මත්වී සිටින නඩරාජා ස්වකීය බලය යොදා තම නැගණියට ඇගේ පෙම්වතා අහිමි කරන අතර ජාතිවාදය නිසා ඔහුට සිංහල පෙම්වතිය අහිමි වෙයි. නඩරාජා තුළ පැවැති ප්‍රතිවිරෝධාත්මක ලක‍ෂණ නිසි ලෙස ග්‍රහණය කරගනිමින් එම ප්‍රතිවිරෝධතාව ප්‍රේක‍ෂකයා තුළ දනවන අයුරින් එකී චරිතය සතු ගුණ නුගුණ දෙකම ඉස්මතු කරන්නට ගාමිණීගේ අපූර්ව රංගනය සමත් වෙයි.

නිධානයට පසු ගාමිණී තවත් අද්විතීය රංගනයකට එක්වනුයේ ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ යුගාන්තය චිත්‍රපටයෙනි. යුගාන්තය චිත්‍රපටයේ සවිමන් කබලාන යනු විශාල ප්‍රාග්ධනයකට හිමිකම් කියූ ප්‍රතාපවත් මිනිසෙකි. ඔහුගේ හැඩ රුව කතා ලතාවෙන් පමණක් නොව අභ්‍යන්තර ක්‍රියාකාරකම් තුළින්ද එම ප්‍රතාපවත් බව ඉස්මතු වෙයි. ෆැක්ටරි හිමියකු වූ හෙතෙම ධනය ඉපැයුවේ කම්කරුවන් තලා පෙලා දමා උක්ද~ු මිරිකන්නාක් මෙන් ඔවුන්ගේ ශ්‍රමය සූරා ගනිමින් යැයි වරෙක මාගේ පුත් මාලන් පවසයි.

එංගලන්තයේදී ඉගෙනුම ලබද්දී මාක්ස්වාදය වැළඳගන්නා මාලන් පසු කාලෙක පියාගේ ශ්‍රම සූරාකෑමට එරෙහිව පියාගේම ෆැක්ටරි සේවකයන් පෙළ ගැස්වීම නිසා පිය පුතු ගැටුමකට මුල පුරයි. එම ගැටුම තුළ සවිමන් කබලාන මුහුණු දෙන සංකීර්ණතා සියල්ල සියුම් ලෙස චිත්‍රපටය තුළ චිත්‍රණය වන්නේ ගාමිණීගේ විශිෂ්ඨ රංගනය තුළය.

ගාමිණී ෆොන්සේකාගේ සමස්ථ රංග කාර්ය දෙස විචාරක‍ෂියෙන් බලන විට පැහැදිලිව පෙනී යන්නේ ලාංකේය සිනමාව තුළ හරවත් චින්තනයක් ගොඩ නැංවීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ලෙස්ටර් නැමැති මහා සිනමාකරුවා ගාමිණී ෆොන්සේකා විශිෂ්ඨ රංග ධරයකු කිරීමෙහිලා ද සුවිශේෂ මෙහෙයක් ඉටු කර ඇති බවයි.

ගාමිණී ෆොන්සේකා නැමැති විශිෂ්ඨ රංගධාරියා අවසන් හුස්ම හෙලන තෙක්ම සිනමාවෙහි රැඳී සිටිමින් චිත්‍රපට රාශියක චරිත නිරූපණය කරමින් සිය රංග ප්‍රතිරූපය සවිමත් ලෙස ගොඩනඟා ගැනීමට සමත්වුවද ඔහුගේ රංග කාර්යයෙන් උපරිම ඵල දැරුණේ ජනප්‍රිය සිනමාවක පැවැත්ම උදෙසාය. ඔහුගේ අධ්‍යක‍ෂණයෙන් බිහිවූ උතුමාණෙනි සාගරයක් මැද කොටි වලිගය ඇතුළු ඔහුගේ අනෙකුත් චිත්‍රපට තුළින්ද ඔහු උත්සාහ දැරුවේ එකී ජනප්‍රිය සිනමාව ශක්තිමත් කිරීමටය. එවැනි සිනමාවක පැවැත්ම උදෙසා ගාමිණී විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටවල අරුම පුදුම වීරයෝ වූහ. අරුම පුදුමයුක්ති ගරුක ගුණ ගරුක මානව හිතවාදීහු වූහ. ඉඳින් එම චිත්‍රපට ඇසුරු කළ පොදු ජන ප්‍රේක‍ෂකයෝ එම අරුම පුදුම වීරයන් මානව හිතවාදීන් තුළ සිය ආත්මය සඟවා ගනිමින් තමන් පෙළෙන්නාවූ කටුක යථාර්ථයෙන් පළා ගියහ. එසේ යථාර්ථයෙන් පළවාහරිනු ලැබූ පීඩිතයන් තිරයේ දුටු වීරයාත් ගාමිණී ෆොන්සේකාත් එකකු ලෙස දකින්නට වූහ. එම මායා දැල ඉරා දමනු වෙනුවට ගාමිණී ෆොන්සේකා කළේ ඔහුගේ පැවැත්ම සඳහාම එය තව දුරටත් සවිමත් කිරීමකි.

ගාමිණී ෆොන්සේකා විශිෂ්ට රංගධරයකු ලෙස ස්වකීය ආත්මගත ජීවිත පරිඥාණය බයිස්කෝප් කර්මාන්තයක් තුළ ස්වකීය පැවැත්ම උදෙසා පරදුවට තැබුවකු බව පසක් වනුයේ රංගනය යනු කුමක් දැයි ඔහු තුළ පැවැති මත පිරික‍ෂා බැලීමේදීය. නිධානය චිත්‍රපටයේ ස්වකීය රංගනය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දක්වා ඇත.

කවර කලාකරුවකු වුවද ලෝක ස්වභාවය හා මිනිස් සංහතියේ සිතුම් පැතුම් රටාව දකින්නේ ඔහුට ආවේනික වූ දෘෂ්ටියකිනි. ඔහුට ලෝකය පෙනෙන්නේ එ ආකාරයට විය හැකිය. නමුත් ඔබටත් මටත් මේ ලෝකය පෙනෙන ක්‍රමය වෙනස් වීමට ඉඩ ඇත. එබැවින් කවර කතා රචකයකු හෝ ලෝකයත් මිනිස් ජීවිතයත් දකින ක්‍රමය සර්ව සාධාරණ දැක්මක් ලෙස අපට පිළිගැනීමට නුපුළුවන. එ නිසා නිධානය චිත්‍රපටයේ විලීගේ චරිතය පමණක් නොව සෑම චරිතයක් දෙසම කතාකරුවා බලන ප්‍රමාණයට වඩා බැලීමට මම පුරුදුව සිටියෙමි.

යථෝක්ත ප්‍රකාශයෙන් ගාමිණී අවධාරණය කරනුයේ රංගනය යනු දෙන ලද චරිතයක ජීවත්වීම හෝ ඊට ආවේශවීම හෝ නොව රංගනය සඳහා ප්‍රවිශ්ඨ වන නළුවා හෝ නිළිය ස්වකීය ජීවන පරිඥාණය තුළින් එ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම බව පැහැදිලිය.

එම ප්‍රතිනිර්මාණ කාර්යය සඳහා නළුවකුට හෝ නිළියකට හෝ පරිකල්පන ශක්තියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ගාමිණී ෆොන්සේකා චරිත නිරූපණයෙහි ලා එකී පරිකල්පණය ඉහළම අන්දමින් මෙහෙයවූ බව ඔහුගේ සමස්ත රංග කාර්යය හඩගා කියයි.

ගුණසිරි සිල්වා

---උපුටනය---
(ලංකා ඊ නිව්ස් -2009.මාර්තු 21)

අරුමයක්මැයි.... ඒ වගත් මෙසේමArumaya web Group

0 comments:

Post a Comment