
අරුමය අපි ලංකාවේ ආර්ට් එකට යන කල දවස ගැන.
ලෝකෙට සිංහලෙන් කියන්න අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා.
http://www.art1.tk
෴නැති දෙයක් නැති තැන෴ *---The Place where Everything is Found---*

වෙසක් උත්සවය ඉවර උනා... හරි චාමෙට,
"බෝධීන් වහන්සේ 
ඉස්සර නං Tv එකේ පෙන්නන දැන්වීම්. කිසි කමකට නෑ.

මේ පිළිබඳ යම් තරමකින් හෝ වැටහීමක් ලබා නොගන්නා මිනිසා ඉතා අමාරුවෙන් ලබාගත් මිනිස් භවයෙන් ප්‍රයෝජන නොගෙන මරණින් මතු අනන්ත වූ දුක්විඳී. තමන් ගේ උත්සාහය අනුව ඊට සරිලන, ඊට ගැළපෙන ප්‍රතිඵල ලබන විට එයින් සෑහීමකට පත් නොවී මිරිඟුව ජලය යැයි සිතා රැවටුණු පිපාසිත මුවන්සේ ආශාවන් පසුපස හඹා ගොස් අතර මඟ මැරී වැටෙයි.
පියසේන මුදලාලි උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ ගම්මානයක විසූවෙකි. අදින් දසක පහකට පමණ පෙර ඔහු ජීවත් වූ ගම්මානයේ සිටි ඉහළ ම පොහොසතා විය. ඔහු පොහොසත් වූයේ උපායෙනි.
ගමේ කෙනකු ලෙඩකට, දුකකට, කරදරයකට පත් වූ බව දැන ගත් වහාම සුළු ත්‍යාගයක් ද රැගෙන ඔහුගේ නිවසට යෑම පියසේන මුදලාලි ගේ සිරිතය. ගැමියා රෝගාතුර වීම හෝ කරදරයකට පත්වීම පිළිබඳ එම නිවසේ අය ඉදිරිපිට කිඹුල් කඳුළු හෙළන පියසේන මුදලාලි ඔවුන්ගේ දුකට පිහිටවීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙයි.
හේන් ගොවිතැනින් ජීවත් වූ ගැමියන් වාසය කරන මේ ප්‍රදේශයේ මිනිසුන් බොහෝ අගහිඟකම්වලින් පීඩිතව ජීවත් වූවෝ ය. හදිසි විපතක්, ව්‍යසනයක් සිදුවූ විට ඒ සඳහා මිල මුදලක් ඉතුරු කැර ගත නොහැකි සමාජ පරිසරයක් හෝ තත්ත්වයක් එහි නොපැවතිණි.
”මට උඹලා ගැන හරිම කනගාටුයි. මේ මනුස්සයා කොහොම හරි ගොඩ දා ගන්නත් එපායැ. මේ වෙලාවේ උඹලාට අත මිට හිඟත් ඇති නොවැ. මෙන්න මේක දැනට අතේ තියා ගනිල්ලා”යි කාලයේ හැටියට සෑහෙන මුදලක් රෝගියාගේ අතේ තබා එන්නට තරම් පියසේන මුදලාලි කාරුණික බවක් පෙන්වයි.
පැමිණි දුකෙන් කරදරයෙන් ගොඩ එන්නට ක්‍රමයක් නැතුව අහස පොළව ගැටලන ගැමියාට අවස්ථාවේ හැටියට එය ලොකු සහනයක් වෙයි.
”අනේ! මුදලාලි මහත්තයා වෙලාවේ හැටියට මේක අපට දෙවියෝ අත පෑවා වගේ දෙයක්. මුදලාලිට තව තවත් වැඩි වැඩියෙන් ම ලැබෙන්න ඕනෑ”යි ඒ උදව් ගන්නා ගැමියෝ පවසති.
”නෑ.. නෑ.. ඒවා අපෙන් කෙරෙන්න ඕනෑ යුතුකම්. මේ වගේ වෙලාවට නැති මිල මුදල් හිතවත්කම්වලින් වැඩක් නැහැනෙ. තවත් මොනවා හරි කෙරෙන්න දෙයක් තියෙනවා නම් මට ඇවිත් කියාපල්ලා”යි පවසන පියසේන මුදලාලි ඒ නිවසින් පිටත්ව එන්නේ දහසක් අනාගත බලාපොරොත්තු පිළිබඳ පිඹුරුපත් අඳිමිනි. එසේ ම තව දවස් කීපයකින් මේ ගෙදර අය ඔහු සොයා ගෙන පැමිණෙන බව ද සක් සුදක් සේ පැහැදිලිය.
නොවැරදීම ඒ ගෙදරින් කෙනෙක් ඊට දින කීපයකට පසු පියසේන මුදලාලි සොයාගෙන යයි.
“මුදලාලි මහත්තයා පොඩි අතමාරුවක් ඉල්ලා ගන්නයි ආවේ. මේ වෙලාවේ අපට පිහිටක් වෙන්නට වෙන කෙනෙක් නෑ. ඒකයි මුදලාලි මහත්තයාව ම හොයා ගෙන ආවේ”යි පවසයි.
”හොඳයි හොඳයි ඉතින් උඹලාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ”යි මුදලාලි විමසයි.
ලෙඩාව රෝහලට ගෙන යන්නට වාහන කුලිය, නඩුවට පෙරකදෝරු ගාස්තුව, තොවිලයට, ශාන්තිකර්මයට විය පැහැදම, මඟුල් තුලාවට විය පැහැදම, මළ ගෙදරක මරණයේ කටයුතුවලට වියදම වැනි අවශ්‍යතා එළැඹි විට ඔහු කලින් පෙන්වූ කාරුණික පරිත්‍යාගශීලී භාවය නිසා ම ගැමියෝ ඔහු සොයා ගියේ වෙනත් එල්ලෙන්නට පිදුරු ගහක්වත් නැති බැවිනි. තමන් පත්ව ඇති කරදරය, විපත, නිසා ඉන් එහා සිතන්නට පවා මේ ගැමියනට නොහැකිය.
”ආ.... මෙන්න මේකෙන් උඹලාගේ උවමනාව පිරිමහා ගනිල්ලා. තවත් මදි පාඩුවක් වුණොත් ඇවිත් මාව හම්බ වෙයල්ලා”යි ඔහු තව දුරටත් බලාපොරොත්තු ඇති කරයි. කෙසේවත් මේ ගැමියනට ලබා ගත් මුදල් ආපසු ගෙවන්න නොහැකි බව කපටි කෛරාටික පියසේන මුදලාලි හොඳින් ම දනී. එසේ ම ඔවුන් ලබා ගත් මුදලින් ඒ කටයුත්ත පිරිමසා ගන්නට බැරි බව ද ඔහු දනී. එසේ ලබාගත් මුදලින් තමන්ගේ උවමනාව පිරිමසා ගන්නට බැරි වූ තැන ඒ පවුලේ අය සාකච්ඡා කරති.
”ඒ මනුස්සයා අපි නොඉල්ලා ම අපට මුදලක් දුන්නා. ඊළඟට අතමාරුවක් දුන්නා. ආයෙත් නම් නිකම් ඉල්ලන්නට හොඳ නෑ”යි ගෙදර කතා බස් වී නැවත මුදලාලි සොයා යයි.
”මොකද බං ආයෙත් ආවේ. ඉක්මනින් කියාපල්ලා මට හදිසි වැඩ රාජකාරි වගයක් තියෙනවා”යි මුදලාලි තමන්ගේ ඉස්කුරුප්පුව තද වෙන පැත්තට තව ටිකක් හෙමිහිට කරකවයි.
”අනේ! මුදලාලි මහත්තයා අර මුදල් ටික අපේ උවමනාවට මදි වුණා. අපේ ඉඩමේ පොල්ගස් දහයක් පවරාගෙන, එහෙම නැත්නම් කුඹුරු කෑල්ල පවරාගෙන අපට තව සල්ලි ටිකක් දෙන්න. ඒවයෙ පලදාව අස්වැන්න මුදලාලි අරගන්න” යැයි පවසන ගැමියාට අවශ්‍ය මුදල මුදලාලි එදාම දෙන්නේ පස්සා පැත්තෙනුත් හිනාවෙමිනි.
මාස කීපයක් ගතවූ තැන මුදලාලි ඔවුන් සොයා යන්නේ තම සිතැඟි ඉටු කැර ගැනීමේ ඒකායන අභිලාෂයෙනි. ”දැන් ඉතින් සෑහෙන කාලයක් ගතවුණා නොවැ. දැන් මගේ සල්ලි ටික මට දියල්ලා. නැත්නම් එහෙම කරන්න බැරි නම් ඔය ඉඩම් කෑල්ල මට ම දියල්ලා. මම තව සල්ලි ටිකක් උඹලට දෙන්නම්” යැයි දැනට හිරවී සිටින මිනිසුනට රිංගන්නට විකල්පයක් ද පෙන්වා දෙයි. එය එසේ ම සිදුවෙයි.
මේ ආකාරයෙන් මුළු ගමෙන් හතරෙන් තුනක් ම ඉඩකඩම් පියසේන මුදලාලිට අයිති විය. ඔහු ප්‍රදේශයේම බල පුළුවන් කාරයා බවට පත්විය. එසේ ම තරමක් වයස්ගත වෙන්නට ද විය. ඔහුගේ දූ දරුවෝ ද උස් මහත්වූ අතර, අනිකුත් මිනිසුනට වාගෙ ම පියසේන මුදලාලිට ද පින්දහම් මතක් විය.
පියසේන මුදලාලි දිනක් පවුලේ ඥාතීන් සමඟ සිරිපා වඳින්නට ගියේය. අනේ! දෙයියනේ! මේ මනුස්සයාට සීත ගඟුලෙන් එහාට යන්නට නොහැකි විය. අනිත් පිරිස සමනළ කන්ද තරණය කරද්දී පියසේන මුදලාලි “අනේ! මට බෑ බං උඹලා පලයල්ලා”යි සීත ගඟුල මෙගොඩ නතර විය. පැමිණි පිරිස සිරිපා වැඳ ආපසු පැමිණි විට ඔවුන් සමඟ ආපසු ආවේය. ඔහු එයින් නැවතුණේ නැත. ඔහු තරුණයන් හතර දෙනකු කුලියට කතා කැරගෙන ඔවුන් සමඟ නැවත සිරිපා වඳින්නට ගියේ ය. දෙයියනේ! පව්කාරකමක මහත! මේ යෝධයා උස්සා ගෙන යන්නට තරුණයන් හතර දෙනාට ද නොහැකි විය.
එදා නම් මුදලාලි හොඳටම කම්පාවට පත්විය. ගෙදර ආවේ මහත් කලකිරීමෙනි. මානසික පීඩාවෙනි. “මට ඇති බුද්ධාගමකුත් නෑ යකෝ: මට ඇති බුද්ධ ශාසනේකුත් නෑ. මට ඔය එකක්වත් නෑ”යි කෑ ගසමින් මුදලාලි බිලී පිත්තක් හදා ගෙන ගමේ වැව අසලට ගොස් මාළු බාන්නට විය. ඔහුගේ ඇම කන තරමට රැවටුණු මාළුන්ගෙන් කුස පුරවන්නට පටන් ගත්තේය. මේ තරම් දේපළක් තිබියදී තාත්තා මාළු බාන්නට යෑම දූ දරුවන්ට මහත් මදි පුංචිකමක් වුව ද ඔහු එයින් වළකා ගන්නට ඔවුනට නොහැකි විය.
පියසේන මුදලාලි වැවේ මාළු බානවා පමණක් නොව එසේ අල්ලන මාළු විකුණන්නට ද වීය. ඔහු පාරේ ගමන් කරන විට ඔහුගෙන් විහිදෙන පිළී ගඳ මහ මඟ යන්නන්ගේ නහය පිළිකුළෙන් හකුළුවන තරම් විය. පියසේන මුදලාලි දැන් ගමේ අය අතර කොරළි පියසේන බවට පත්වී ඇත.
සිය පියා ලජ්ජා සහගත චර්යාවන්ගෙන් වළක්වා ලන්නට බැරි ම තැන වැදගත් රැකියාවල නියුතු ව සිටි පුත්තු සිව් දෙනා තීරණයක් ගත්හ. සිය සහෝදරිය අසල ගමක තරුණයකුට විවාහ කැර දී ඔවුන්ට මහ ගෙදර බාර දුන්හ. පිරිමි දරුවෝ ගම අතහැර ගමෙන් පිට පදිංචියට ගියහ.
මේ අතර පියසේනට අංශබාග රෝගය වැළඳුනි. ඔහු ඇඳටම සීමා විය. මෙහි දී ඔහු කෙරෙන් විශේෂත්වයක් පළ කැරෙන්නට විය. පියසේන ඇඳේ සිට ම පණ ඇති අතින් සැරයටිය ගෙන ඉදිරියට දිගු කැර බිලී පිත්ත ගස්සන්නාක් සේ කරයි. හිටි හැටියේ ඇම කෑ මාළුවකු ගොඩට ගන්නා සේ “හරී..”යි සැරයටිය ඉහළට උස්සා සිනාසෙන්නට විය. මාස ගණනක් දුක් විඳ පියසේන මිය ගියේය. දරුවෝ පැමිණ චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කළහ. මාස දෙකක් පමණ ඉක්ම යන විට මේ නිවසට රාත්‍රි කාලයේ ඉතා ම දුර්ගන්ධ වූ පිළී ගඳක් හමා එන්නට විය. උදේ නැගිට බලන විට ගේ වටා දිය බලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි.
ඒ දිය බලු වසුරු ගොඩවල මාළු කටු ද දකින්නට ලැබුණි. ගේ වටා කොයිතරම් පිරිසුදු කළ ද ඊළඟ දිනයේ රාත්‍රියේත් එවැනි ම ගඳක් දැනෙන්නට විය. ගේ වටා පෙර සේ ම දියබලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි. මේ තත්ත්වය පිට කෙනකුට කියන්නට පවා දුවටත් බෑණාටත් ලජ්ජා සහගත කරුණක් විය. බැරි ම තැන ගේ වටා රාත්‍රි කාලය පුරා විදුලි පහන් දල්වා තැබූහ. එහෙත් උදේ බලන විට දිය බලු වසුරු පෙර සේ ම දකින්නට ලැබුණි. අවසානයේ ඈත ප්‍රදේශයකින් මුර කරුවන් දෙදෙනෙකු ගෙන්වා වැටුප් ගෙවා ගේ වටා රැකවල් කළහ. රාත්‍රි පහන් වන තුරු විදුලි පහන් ද දල්වා තැබුව ද ගේ් වටා මුරකරුවන් යෙදූව ද උදේ බලන විට දිය බලු වසුරු දකින්නට ලැබිණි. රාත්‍රි කාලයේ ගේ ඇතුළත යමකු ගමන් කරන්නා සේ අඩි සද්ද නැඟෙන්නට විය.
මේ අතර හැන්දෑ යාමයේ වැව් කණ්ඩිය දිගේ ගමන් කළ ගැමියන්ට පියසේන මුදලාලි මාළු බාමින් සිටින අයුරු දකින්නට ලැබිණි. මෙය ගම පුරා ප්‍රචාරයවීමත් සමඟ ගමේ උදවිය රාත්‍රි ගමන් අඩු කළහ. මේ සිද්ධිය පිළිබඳ සොයා බලන්නට ගමේ නිර්භීත තරුණයන් දෙතුන් දෙනක් රහසේ ඉදිරිපත් වූහ. ඔවුන්ට ද වැව් කණ්ඩිය දිගේ විමසිල්ලෙන් ගමන් කරන විට මාළු බාමින් සිටින කොරළි පියසේනගේ ඡායාව අඳුර තුළින් දකින්නට ලැබිණි. තරුණයෝ ඊට කිට්ටු වන විට ම විශාල දිය බල්ලකු වැවට පනින හඬ ඇසෙන්නට විය.
මුදලාලි ගේ බෑණා බැරි ම තැන ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මඟින් ආරක්ෂා කැරවීය. ඈත ප්‍රදේශවලින් පවා දක්ෂ ප්‍රසිද්ධ ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම සිදුකළහ. දින කිහිපයක් ගත වන තුරු කරදරයක් නැතිව ගෙවී ගිය ද යළිත් මේ භත දෝෂය ක්‍රියාත්මක විය.
අවසානයේ දියණිය සහ බෑණා සංඝ රත්නය වැඩමවා තුන්තිස් පෑ පිරිත් සජ්ඣායනයක් පවත්වා මහා සාංඝික දානයක් පිරිනැමූහ. අවට පදිංචි ගම්වැසියන් ගෙන්වා ඔවුන්ට ද ආහාර පානයෙන් සංග්‍රහ කොට පියසේන මුදලාලිට පින් පැමිණවූහ. කරදර තුනී වී ගියේය.
2009 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන 6ක් දිනා ගැනීමට රාජිත දිසානායකගේ ආපසු හරෙන්න බැහැ වේදිකා නාට්‍ය සමත්විය. එහිදී හොදම නාට්‍ය, හොදම අධ්‍යක්ෂණය (රාජිත දිසානායක), හොදම නළුවා (සෞම්‍ය ලියනගේ), හොදම සහය නිලිය(ජයනී සේනානායක), හොදම පිටපත දෙවන ස්ථානය, හොදම වේදිකා පරිපාලනය(මලිත් පීරිස්-බන්දුල හේවගේ) යන සම්මාන එම නාට්‍යයට හිමි විය. 1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ රාජිත දිසානායක නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.
1999 – 2009 දශකයෙහි ඔහු නිර්මාණය කළ ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ යන නාට්‍ය ඇතුළත් උළෙලක් ජූලි 23 සිට 26 වැනිදා දක්වා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.
මේ නාට්‍ය සියල්ලෙන් ම සමකාලීන ලාංකේය සමාජය චිත‍්‍රණය කෙරේ. ස්වකීය දශකයක නිර්මාණ සංහිතාව මෙලෙස පෙළ ගැස්වීමට රාජිත උත්සුක වූයේ මන්ද?
”මේ සඳහා බලපෑ කාරණා කිහිපයක් තිබෙනවා. මෙබඳු උළෙලවල් සංවිධානය කිරීම හරහා අප නියැළී සිටින රංග කලාව වෙත ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම එකක්. දෙවැන්න පසුගිය දශකයේ මගේ නිර්මාණ වැඩි පේර්ක්ෂක පිරිසක් වෙතට ගෙන යෑමට මේ ඔස්සේ හැකිවීමයි.
පසුගිය කාලයේ අපගේ නිර්මාණ නැරඹූ, ඒවාට ඇලුම් කළ පේර්ක්ෂක පිරිසක් වගේම නොබැලූ පිරිසකුත් ඉන්නවා. මොවුන් සමඟ යළිත් මේ නිර්මාණ දෙස ආපසු හැරී බැලීම මෙහි අරමුණක්. අනෙක ඉතා කැපවීමෙන් රංග කලාවේ නියැළෙන නළු නිළි ශිල්පීන් පිරිසක් මා සමඟ එකතු වී සිටිනවා.
ඒ අයගේ දායකත්වය ඇගැයුමට ලක් කිරීමත් මගේ එක් පරමාර්ථයක්. පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහන මිලකට මේ නාට්‍ය පෙළ නැරඹීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩියෙන් ලබා ගැනීමට අප උත්සහ කළා. අනෙක සියලු නාට්‍ය නැරඹීමට අවශ්‍ය පේර්ක්ෂකයන්ටත් ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී අපි සහනයක් ලබා දෙනවා. දැනට අපි සාකච්ඡා කරමින් සිටිනවා කොළඹින් පිට ප‍්‍රාදේශීය මට්ටමට මේ නාට්‍ය උළෙල රැගෙන යෑමට.”
නූතන පරපුරේ බොහෝ නාට්‍යවේදින් පරිවර්තන නාට්‍ය කෙරෙහි වඩාත් නැඹුරු වූ බැව් පෙනෙනවා. ඔවුන් ලාංකේය සමාජ ප‍්‍රශ්න වෙත බැල්ම හෙළුවේ විදෙස් නාට්‍ය කෘති ඇසුරින්. ඔබ මෙරට සමාජය කියැවූයේ ස්වතන්ත‍්‍ර නිර්මාණ ඔස්සෙයි. මෙය ඔබේ නාට්‍ය භාවිතාවේ වෙසෙස් ලකුණක් සේ මා දකිනවා.
ඊට හේතුව මෙසේ කිව හැකියි. පාසල් වියේ එනම් 1988, 1989 කාල වකවානුවේ මා අත්විඳි අත්දැකීම් පාසල් වේදිකාව හරහා පළ කරන්න මට අවශ්‍ය වුණා. අපේ යාළු මිත‍්‍ර සමූහය ඇතුළත රචනා කාර්යය පැවරුණේ මටයි. අප අවට සිදුවන දේ දැකීමට, සිතීමට හැඟීම් පළ කිරීමට තිබෙන හොඳම මාධ්‍යය නාට්‍යය ලෙස මෙහිදී මට වැටහුණා. අඛණ්ඩ ව මා නාට්‍ය රචනයෙහි යෙදෙමින් අභ්‍යාස කළා.
මේ නාට්‍ය උළෙලේ නාට්‍ය හතර ගෙන බැලුවත්, කිසියම් විදිහකට පසුගිය දස වසර තුළ සමකාලීන ජීවිතය, සමාජය තුළ සිදුවන විපර්යාස, මානව සබඳතාවල වෙනස්කම් වෙත කැඩපතක් ඇල්ලීමයි මෙමඟින් සිදු වී තිබෙන්නෙ. ඒ නිසාම මේ නාට්‍ය රචනාවල ස්වරූපය සෙසු බොහෝ නාට්‍යවලට වඩා වෙනස් වුණා. ඇතැමුන්ට මෙහි අලුත් බවක් පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකියි.
සමාජය දෙස බැලීමෙන් මා තුළ ඇතිවන හැඟීම්, ආවේගයන්, විරෝධයන් මට පළ කිරීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට තිබෙන මාධ්‍යයක් ලෙස මා නාට්‍ය රචනා කළා. මුල් යුගයේ මේ රචනා ඇතැම් අයගේ විරෝධතාවන්ට, විවිධ ගැරහුම්වලට පවා ලක්වුණා. තවමත් සමහර නාට්‍ය ඔවුන් කැමැත්තකින් පිළිගන්න සූදානම් නැහැ.”
ඔබ නාට්‍යකරණයට පිවිසියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසයි.
”කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ අපි මුලින්ම ඉදිරිපත් කළ නාට්‍යය ‘සක්වාදාවල’ (1994) යි. ඉන්පසු ‘හංසයින්ටත් මං ආසයි’ (1996) නාට්‍යය නිර්මාණය කළා. ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම් ආදින් මට සමකාලීනව කොළඹ සරසවියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්. සෞම්‍ය ලියනගේ කැලණිය විශ්විද්‍යාලයේ වුණත් වැඩි කාලයක් ගත කළේ අපත් සමඟයි. මගේ නාට්‍යවලට මුල් වකවානුවේ සිටම ඇලුම් කළ, සමීපව විඳපු පේර්ක්ෂක සමූහයක් සිටියා.
මොවුන් නිරන්තරයෙන් වැඩි දියුණු වුණා. නිදර්ශනයක් ලෙස මගේ “වීරයා මැරිලා” නාට්‍යය අපි දර්ශනවාර 100 ඉක්මවූවා. එමෙන්ම “සිහින හොරු අරන්” නාට්‍යය දර්ශන වාර 60 කට වඩා අපි පෙන්නුවා. ලංකාවේ ප‍්‍රාදේශීය මට්ටමෙන් වගේම ඉන්දියාවේ භාරත් රංග මහෝත්සවයෙත් අපි මෙය වේදිකා ගත කළා. ඊට අමතරව යුරෝපයේ රටවල් පහක ලාංකික පේර්ක්ෂකයන් උදෙසා මෙය පෙන්විය හැකි වුණා.
‘ආපහු හැරෙන්න බැහැ’ නාට්‍යයටත් දර්ශන වාර 50 ඉක්මවන්නට අවස්ථාව ලැබී තිබෙනවා. පේර්ක්ෂකයා නාට්‍ය කලාවෙන් ඈත් වූ සමයක අපේ නාට්‍ය වෙතට කිසියම් පේර්ක්ෂකාගාරයක් ඇති කර ගැනීමට අපි සමත් වුණා. ඒ විශ්වාසයත් සමඟ තමයි පෙර අප කළ නාට්‍ය යළිත් මෙලෙස රංග ගත කරන්නේ”
ඔබේ බොහෝ නාට්‍ය නිර්මාණවලට පාදක වූයේ සමාජ, දේශපාලන තේමාවන්. ඒවා නරඹන විට ප්ලෙකනෙව්, ලුනචර්ස්කි, ජෝර්ජ් ලුකාෂ් වැනි විචාරකයන්ගේ සමාජීය සාහිත්යික මතවාද මට සිහිපත් වෙනවා. පෙර පරපුරේ ඔබට ආභාසයක් වූ නාට්‍යවේදින් ගැන පැවසුවොත්?
”කුඩා කාලයේ සිට ම නාට්‍ය නැරඹීමේ පුරුද්ද මට තිබුණා. මගේ පියා මාව නාට්‍ය බලන්න එක්ක ගියා. මට ආභාසයක් වූ ප‍්‍රමුඛතම නාට්‍යවේදියා ධර්මසිරි බණ්ඩාරනායක. එමෙන්ම මා වඩාත් පි‍්‍රය කළ නාට්‍ය ලෙස සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ හා පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’ හඳුන්වන්න පුළුවන්. සමාජ, දේශපාලන තේමා රැගත් නාට්‍යවලට මගේ හිත ඇදී ගියා. කොහොමටත් අපේ සියලු නාට්‍යකරුවන්ගේ නාට්‍ය නැරඹීම මගේ පුරුද්දක්.”
අද්‍යතන නාට්‍යවේදියාගේ සමාජ මෙහෙවර පිළිබඳ ඔබේ අර්ථකථනය කෙසේද?
”මූලික වශයෙන් කලාව වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලනික අරමුණු සමඟයි. නාට්‍ය රචකයාට ඉන් මිදෙන්න බැහැ.
ඒ වගේම ඔවුන්ට වින්දනාත්මක මෙහෙවරක් සඳහා මැදිහත් වීමටත් වගකීමක් තියෙනවා. අපි විශේෂයෙන් නාට්‍ය ඔස්සේ ඇති කළ යුත්තේ වින්දනාත්මක සිතීමක් සඳහා පෙලැඹවීමක්. මේ රසවින්දනාත්මක අත්දැකීම හරහා තමා පිළිබඳ ව තමා ජීවත්වන සමාජය, වටපිටාව පිළිබඳ හැඟිමක් ඇති කරවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තමන් කවුද යනු මිනිසුන්ට දැන ගැනීමට ලැබෙන කැඩපත තමයි කලාව. මානව සබඳතා සේම අන් අයගේ වේදනාවන් දැන ගැනීමට උදව්වෙන්නේ මේ කලා මාධ්‍යයන්. මේ ඇසුරේ අඩුව තමයි සමාජයේ බොහෝවිට අපට දකින්න ලැබෙන්නෙ.
88, 89 අවධිවල අපට ඇතිවූ මරණ භය, ජීවත්වීමේ ආශාව පිළිබඳ හැඟීම, එවැනි අඳුරු කාලවලවලදී අපට දැනුණු වේදනාව ප‍්‍රකාශ කරන්න නාට්‍ය කලාව ඉවහල් වුණා. 1994 වන විට අප තුළ තිබූ අපේක්ෂා බිඳ වැටීමේ ශෝකය පළ කරන්න අප මේ මාධ්‍යය යොදා ගත්තා. තවත් පැත්තකින් නූතන ජනමාධ්‍ය මිනිස් සිතුම් පැතුම් හැසිරවීමට පටන් ගැනීමත් සමඟ අප මුහුණ පෑ අත්දැකීම් අන්‍යයන් සමඟ බෙදා ගැනීමටත් නාට්‍ය කලාව ඉවහල් වුණා.”
පසුගිය දශක කිහිපයේ සිදුවූ සමාජ විපරිණාමය නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට වඩාත් අහිතකර ලෙස බලපෑවා. මේ අනුව ඔබ ඇතුළු තරුණ නාට්‍යකරුවන් අල්පදෙනෙක් මේ ක්ෂේත‍්‍රයේ ස්ථාවර වීම මා දකින්නේ දැඩි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසයි.
”ඔබ කී අවධියේ පේර්ක්ෂකයන් රඟහල අත්හරිමින් සිටියා. වියතුන්, විචාරකයන් හා ජනමාධ්‍ය නාට්‍ය කලාව අත්හැරියා. මේ නිසා අපගේ කෘතිවලට හිමි විය යුතු අවධානය ලැබුණේ නැහැ. ඒ පිළිබඳ අපට වේදනාවක් නැහැ. මන්ද යම් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටියා. හුදෙකලා නොවීමේ පී‍්‍රතිය අපට තිබෙනවා. විශාල පරිමාණයෙන් සමාජය භාර නොගත්තත් අපට සමීප වූ පිරිස ප‍්‍රමාණවත්.
දශක දෙකක් අපි කි‍්‍රයාකාරීව නාට්‍යකරණයේ නියැළුණේ කොහොමද? යන ප‍්‍රශ්නය මා මගෙන් ම ඇසුවොත් පිළිතුර තමයි මා සමඟ එකතු වූ ශිල්පීන්ගේ හයිය. අනුග‍්‍රාහකයන් මට සිටියේ නැහැ. කවදත් හොඳ කලා කෘතීන් වැළඳගත් පේර්ක්ෂකාගාරය විශාල නැහැ. නමුත් මේ පේර්ක්ෂකාගාරය වඩාත් වර්ධනය කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මිනිසුන්ගේ රසවින්දනය, දැනුම, අධ්‍යාපනය, සෞඛ්‍ය පිළිබඳ දැනුම, සංස්කෘතික දැනුම වර්ධනය කිරීමට ජනමාධ්‍ය මඟින් ඉටු විය යුතු කාර්ය භාරය ගිලිහී ගොස් තිබෙනවා.
මේ නිසා ජනමාධ්‍ය තමන්ගෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර යළි සිතා බැලීම වටිනවා. මෙරට උසස් සාහිත්‍යයට කලාවට මුල් තැන ලැබෙන ජනමාධ්‍ය සංස්කෘතියක් අවශ්‍යයි. සංස්කෘතික ජීවිතයක් පිළිබඳ අපේ සමාජයට තවමත් අවබෝධයක් නැහැ. හොඳ පොතක් නොකියවීම, උසස් නාට්‍යයක් නොබැලීම වටිනා කමක් ලෙස සලකන සමාජයකයි අපි මේ නාට්‍ය කරන්නෙ.
අද මිනිසුන් බහුල ව සමාජ විරෝධයන් පළ කරන්න ශාරීරික ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ඇයි? උසස් කලා නිර්මාණ සාහිත්‍ය ඇසුරු නොකළ නිසයි. කලා මාධ්‍යයෙන් භාව විශෝධනය සඳහා ඉඩකඩ හදනවා. කෙනෙක් තව කෙනෙකුට පහර දෙන විට මොන තරම් අජූවද? කියා පෙන්වා දෙන කැඩපතක් ලැබෙනවා කලාව ඇතුළෙදි. අනෙකාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. කලාව පරිශීලනය කරන අය සාන්තුවරයන් කියා මා කියන්නෙ නැහැ. නමුත් කිසියම් ආත්ම සංයමයක් කලාව ඇසුරු කරන්නන් තුළ තිබෙනවා.”
සංලාපය
නුවන් නයනජිත් කුමාර
සුමුදු සීත පවන්සලන
වසන්තයේ උදෑසනක
උයන් කොනේ හුදකලාව
බලා සිටින්නී
කුඩා දේවිකා
රන්වන් පත් ගැලවීලා
ගහකොළ සුළඟට නැවිලා
විහිදී යනවා විසිරී යනවා
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා
ගස්වැල්වල කොළ
ගැලවී බිමට වැටෙන්නේ
වැටෙන වැටෙන කොට
හැම තැන විසිරී යන්නේ
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා
ගායනය – තනුව හා සංගීතය එඩ්මන් වික‍්‍රමසේකර
| |
| මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර |
කුඩා දේවිකා උපත ලැබුවේ ලන්ඩනයේ දී ය. 1972 උපත ලද ඇය මුලින් ම කරළියට පැමිණියේ බී.බී.සී. සන්දේශයෙනි.
එතැන් සිට දශක හතරක ට කිට්ටු කාලයක් පුරා ඇය සුවහසක් ගීත රසිකයන් සනසවන්නී ය.
සුමුදු සීත සුළං රැල්ලට හසුවී බිමට වැටෙන ගස්වැල්වල කොළ විසිරී යන අයුරු ඇය බලාසිටින්නී කොතරම් ආශාවෙන් ද?
උදෑසනම වියළී ගිය කොළ බිමට වැටී විසිරී යන්නේ ජීවිතයේ අනියත බව පසක් කරමින්ද?
| |
| එඩ්මන් වික‍්‍රමසේකර |
එහි පදමාලාව බොහෝ වෙනස්ය. සංගීතය ද අනෙක් බොහෝ ගීතවලට වඩා වෙනස් ය.
මේ වෙසෙසි ගීතය පිළිබඳව මා මුලින් ම විමැසූයේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කරමින් ගායනා කළ එඩ්මන් වික‍්‍රමසූරිය ගෙනි.
ඒ කාලේ බී.බී.සී.යේ ‘සන්දේශය’ සිංහල වැඩසටහන කළේ ඔහුයි. මට මතකයි මං දවසක් ‘සන්දේශය’ විවිධ ප‍්‍රසංගයක ට සහභාගී වුණා.
ඒ BBC Bush House ශාලාවේදී. එහිදී මහාචාර්යතුමා තමයි ලන්ඩනයේදී ස්ටීරියෝ ක‍්‍රමයට ගීත කීපයක් තැටිගත කිරීමේ අදහස ඉදිරිපත් කළේ.
මාත් ඒ වනවිට සංගීතය හදාරා සංගීතය ගැන දැනුමකුත්, ඒ වගේ ම, ලන්ඩනයේ දී ස්ටීරියෝ තැටිගත කිරීම් පිළිබඳ වැඩමුළුවලටත් සහභාගි වී ඒ ගැන දැනුමකුත් ලබාගෙනයි සිටියේ.
ඒ අනුව එතුමා මට ලියා දුන් ගීතය තමයි මේ. මෙහි පදමාලාව මගේ හිතට ඇල්ලුවා. ගීතය නැවත නැවතත් කියවද්දී මගේ හිතේ එක්තරා චිත‍්‍රයක් මැවුණා.
ලන්ඩනයේ වසන්තය අවසානයේ එක් සීතල උදෑසනක උද්‍යානය කෙළවර බංකුවක වාඩිගෙන සුළඟට වැටී ගසාගෙන යන කොළ දෙස බලාගෙන සිටින දැරියකගේ චිත‍්‍රයකි ඒ.
මම මෙසේ හදන හදන තනුව වෙනස්කම් සහිතව මහාචාර්ය තුමාටත් අසන්නට සලස්වමිනුයි අවසාන නිර්මාණය කළේ. මහාචාර්ය තුමාත් ඉන් සෑහීමට පත්වුණා.
එසේ හැදෑරූ රාගධාරී සංගීතය මගේ ගායනා දිවියට ඉතා රුකුලක් වුණා.
පටිගත කළ තාක්ෂණ ශිල්පියා එවකට බි‍්‍රතාන්‍යයේ සිටි දක්ෂ පටිගත කිරීමේ ශිල්පියකු වන ස්ටීව් වේඩ් (Steve Wade) මහතා ය.
ඔහු මා කිසි දවසක දැක තිබුණේ නැහැ. මා මෑතකදී මේ ගීතය අඩංගු සී.ඩී.තැටියක් නිකුත් කරන උලෙළට ඔහුට ආරාධනා කළා.
සතුටින් ඒ ආරාධනාව පිළිගත් ඔහු එදා මා මුල් වරට දැන හඳුනාගෙන අපමණ සතුට පත්වුණා. මම එදා හරිම සතුටට පත්වුණා.
වසන්තයේ අවසාන සමය ඇය බලාගෙන හිටියේ ගස්වල කොළ සුළඟට වැටී විසිරී පාවී යන අයුරුයි. මේ දරුවාගේ දර්ශනය මගේ සිත සසල කළා. මට එකපාරට ම මතක් වුණේ Gerald Marid Hopekins නම් කවියාගේ කවියක්.
එය රසවින්ද ඔහු ඉන් පද කීපයක් ගෙන මේ ගීතය බොහොම අපූරුවට නිර්මාණය කළා.
අපිට එංගලන්තයේ දක්ෂ වාදකයින් සිටියා. බි‍්‍රතාන්‍ය ජාතිකයන් හොඳ දක්ෂ වාදකයින්. සංගීතය විශ්ව භාෂාවක්නෙ.
ඒ කාලෙ මේ ගීතය වගේ ම එහේදි පටිගත කළ අනිත් ගීතත් බීබීසී සිංහල හා හින්දි සේවාවන්හි නිතර ම ප‍්‍රචාරය වෙනවා.
ඒ කාලෙ එංගලන්තයේ හිටි එච්.ඇම්.ගුණසේකර, තිලක සුදර්මන්, බර්ටි ගලහිටියාව, මේ ගීතය බොහෝ අගය කළා. ඔවුන් ලංකාවේ දී මේ ගීතය ගුවන් විදුලියෙන් නිතර ප‍්‍රචාරය කළා.
මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් මේ ගීතය අගය කළා. “හරි අපූරු ගීතයක්නෙ’ එතුමා වරක් කීවා.
දයා ඩි.ෆොන්සේකා
බුදු දහමේ විමුක්ති මාර්ගය දේශනා කොට ඇත්තේ දාන, ශීල, භාවනා යන ති‍්‍රවිධ කුසල කි‍්‍රයා අනු පිළිවෙළට ය. කෙනෙක් තමන් ගේ ශක්තිය අනුව දන් පැන් දෙමින් පෝයට සිල් සමාදන් වෙති. තවත් කෙනෙක් තමන් සතු දෙයින් බිඳක් සොලවන්නට අකමැතිව අනුන්ගේ යහපත පිණිස කිසිවක් නොදී පෝ දිනට පමණක් පන්සලට ගොස් සිල් සමාදන් වී නිවන් දකින්නට මාන බලති.
තවත් කෙනෙක් තමන් ගේ ජීවිත කාලය ම කට්ට කපටි කෛරාටික කමින් රැකියාවේ දී පවා වැටුපට සරිලන සේවයක් නොකොට විශ‍්‍රාම ගිය පසු දාන ශීලයෙන් තොරව කෙළින් ම විපස්සනා භාවනාව සොයා යති.
මෙයින් කීයෙන් කී දෙනෙක් නිවැරදිදැයි ඔවුන්ගේ ම හදවත්වලින් ම විමසා දත යුතුය. දානයෙන් තණ්හාව අඩු කරමින් සීලයෙන් කය වචන සංවර කැර ගනිමින් භාවනාවෙන් සිත කෙලෙස් තුනී කරමින් යා යුතු මඟට වන් අය පවා අතර මඟ මිය ඇදුණ ද තමන් හුරු පුරුදු කළ දේ සසර ගමන සඳහා පාරමිතා වෙයි.
කෙසේ වෙතත් භාවනාවෙන් සිත පිරිසුදු කැර ගැනීමෙන් තොරව ක‍්‍රමයෙන් ශාන්ත වූ සුවය උදා කැර ගත නොහැක්කේ ම ය. අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදිකොට මහා සාසනික සේවයක් කළ ධර්මාශෝක අධිරාජයාට පවා අපාගත වන්නට සිදු වූ බව කව්රුත් දන්නා සිද්ධියකි. එසේ නම් අප ගැන කවර කතා ද?
තමන්ට හැකි අයුරින් දන් පැන් දෙමින් සතර පෝයට සිල් සමාදන් වෙමින් කල් ගෙවූ උපාසිකාවක ගේ කතාවකි මේගහඟුරන්කෙත ආරණ්‍ය සේනාසනය ආසන්නයේ නිවසක පදිංචි වැඩිහිටි උපාසිකාවක් වූවා ය. ඇය මේ ආරණයේ වැඩ වසන යෝගාවචරයන් වහන්සේට මහත් ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව සිව්පසයෙන් සංග‍්‍රහ කළා ය. ඇය ග‍්‍රාමවාසී විහාරස්ථ ස්වාමීන් වහන්සේ පි‍්‍රය කළේ නැත.
මේ උපාසිකාව වයස්ගතව ඔත්පල වූවාය. එහෙත් යහනේ සිට පවා දරුවන් ලවා ආරන්්‍යවාසී භික්ෂුන් වහන්සේට දාන මානයෙන් පූජා කැර වූවාය.
මේ අතර ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කඩවැද්දුවේ ශී‍්‍ර ජිනවංශ නාහිමියන්ගේ උපන් දින පිංකම සඳහා හඟුරන්කෙත ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේ ගල්දූව බලා පිටත් වූහ. එදින ම රාතී‍්‍ර උපාසිකාව මිය ගියා ය.
උපාසිකාවගේ මරණයේ අවසන් කටයුතුවල ආගමික වතාවත් සඳහා ආරණ්‍යවාසි භික්ෂුන් නොසිටි බැවින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩමවා පාංශුකූල චාරිත‍්‍ර සිදු කැරිණි.
ගල්දූවේ පිංකම අවසන් වී ඤාණානන්ද හිමියන් ඇතුළු පිරිස ආපසු ආරණ්‍ය බලා වැඩම කරවද්දී ආරණ්‍යයට නුදුරෙහි ඉඩමක අලුත් මිනී වළක් මත සුදු රෙදි වියනක් රඳවා ඇති අයුරු දැක ඤාණානන්ද හිමියෝ එම පාංශුකූල රෙදි කඩ ද රැගෙන ආරණ්‍යයට වැඩම කළහ.
එදින හැන්දෑවේ මිය ගිය උපාසිකාවගේ දහ අට හැවිරිදි මුණුපුරෙකු ප‍්‍රලය වී නිවසේ වැඩිහිටියනට බැන වදින්නට වීය. ගෙදර අය ඇදුරෙකු ගෙන්වන්නට කතා බහ වෙද්දී මුණුපුරා මිදුලට පැන ආරණ්‍ය සේනාසනය කරා දුවන්නට වීය. නිවැසියෝ ද ඔහු පසු පසින් දුව ගෙන ආහ.
ඤාණානන්ද හිමියන් වෙත පැමිණි මුණුපුරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා තම මවුපියන්ටත් අනිකුත් වැඩිහිටියන්ටත් දෝෂාරෝපණයෙන් බැන වදින්නට වීය.
“බලන්න ස්වාමීන් වහන්ස! මුං මගේ මරණයේ කටයුතු කළේ මම බලා පොරොත්තු වුණ හැටියට නෙවෙයි. මගේ පාංශුකූලය දුන්නේ ගමේ පන්සලට. මං ඒකට කැමති නෑ මං මුංගෙන් පළිගන්නවා. පළිගන්නවාමයි” කියන්නට වීය.
මේ තරුණයාට ආවේශ වී සිටින්නේ කවුදැයි ඤාණානන්ද හිමියන්ට වැටහී ගියත් ඒ බව නොඅඟවා ප‍්‍රශ්න කරන්නට වූහ.
“මේ කව්ද? කතා කරන්නෙ?”
“ඇයි හාමුදුරුවනේ! මා අඳුනන්නේ නැද්ද? මං කර්ලිනා උපාසකම්මා.”
“ඇයි? උපාසකම්මේ මේ ළමයාට කරදර කරන්නේ?”
“හාමුදුරුවනේ! මට මෙයාගෙ ඇඟට විතරයි ඇතුළු වෙන්න පුළුවන්. ඒකයි මේ දරුවගෙ ඇඟට ආවෙ. මං අනිත් උංගෙන් පළිගන්නවා.”
“අනේ! අනේ! උපාසකම්මා සිල් සමාදන් වෙලා දන් පැන් දීලා බණ දහම් ඉගෙන ගත්තේ වෛර කරන්න ද? පළිගන්න ද?”
“ඉතින් හාමුදුරුවනේ! මුං මගේ පාංශුකූලය දුන්නේ පංසලටනෙ.”
“හරි හරි උපාසකම්මගෙ පාංශුකූලය අපිටත් ලැබුණනෙ.”
“ඔව් ඔව් මං දන්නවා. මං දැක්කා ඔබ වහන්සේ වළ උඩ තිබුණු රෙදි හතර රියන අරගෙන එනවා. ඒ වුණාට මට මේගොල්ලන්ගෙ වැඩ ගැන කේන්තියි හාමුදුරුවනේ.”
“ඔන්න ඔය තරහ මරහ හිතින් අයින්කර දාන්න. නැත්නම් තමුන්ටමයි ඒක නරක.”
“එහෙම නම් හය මාසෙන් දෙන දානය මේ ආරණ්‍ය සේනාසනයට දෙන්න ඕනෑ” යි කීවාය.
ඒ හය මාසයේ දානය ආරණ්‍ය සේනාසනයට දෙන බවට එතැන සිටි ඥාතිහු පොරොන්දු වූහ.
“හැබැයි ඒ දානයේ දී අට පිරිකර දෙකක්, ගොටු අතු දෙකක්, සෙරෙප්පු දෙකක් පූජා කරන්න ඕනෑ”යි උපාසක අම්මාගේ ආත්මය නියමයක් ද කළාය.
“ඇයි? උපාසක අම්මේ මේ දෙක දෙක පූජා කරන්න නියම කළේ” යි ඤාණානන්ද හිමියෝ ප‍්‍රශ්න කළහ.
“හාමුදුරුවනේ ඒ වැඩිපුර එක දඬුවම් වශයෙන් මං නියම කළේ”
“හොඳයි දැන් මේ ඇත්ති ඉන්නේ කොහේද?”
“අර මගේ මිනිය භූමදාන කළ තැනට ටිකක් එහායින් තියෙන ගල උඩ තමයි මම ඉන්නේ.”
“හොඳයි! දැන් හය මාසෙ පින්කමේ දී අපි මොනවාද කරන්න ඕනෑ.” හාමුදුරුවෝ නැවතත් ප‍්‍රශ්න කළහ.
“මම කන්න කැමති දේවලින් හොඳට දානෙ දීලා අර කලින් කියාපු විදිහට පිරිකර දෙක දෙක පූජා කරන්න ඕනෑ. දානෙ දවසට කලින් දවසෙ රෑ මම ඉන්න ගල උඩට ඇවිත් පේ‍්‍රත තටුව තියන්න ඕනෑ. ඒක කරන්න ඕනැ මගේ බාල දුව.”
“හා හොඳයි. හය මාසෙ පින්කමට තව වැඩි කාලයකුත් නැහැනෙ. මේ ඇත්ති දැන් මේ ළමයාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්නැ” යි ඤාණානන්ද හිමියෝ පැවසූහ.
ඒ සමඟ ම තරුණයා ප‍්‍රකෘතිභාවයට පත්වීය. දෑස් පිස දමමින් සිදු වූයේ කුමක් දැයි නොදැන විමතියෙන් වට පිට බලන්නට වූයේ ය. පැමිණ සිටි පිරිස ඔහු කැඳවා ගෙන ගෙදර ගියහ. එයින් පසු කාලයක් ම මේ තරුණයාට ආච්චි අම්මා ආවේශ වූයේ නැත.
හය මාසයේ පින්කම් දිනය උදා වීය. මිය ගිය අම්මා ගේ නියමය පරිදි බාල දියණිය පේ‍්‍රත තටුව ලෙස ආහාර පිඟානක් සකසා කලින් කී ගල මතට ගෙන ගොස් තැබුවා ය.
පසු දා උදේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ උදෙසා දානය පිළියෙල කැර ගොස් පූජා කළහ. දන් ශාලාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ දානය ලබා ගෙන තම තමන් වැඩ සිටින කුටිවලට වැඩම කළ අතර ඤාණානන්ද හිමියෝ අනූමෙවෙනි ධර්ම දේශනය සඳහා දන් ශාලාවේ නතර වූහ.
පිරිස පන්සිල්හි පිහිටුවා මියගිය මෑණියන්ට පුණ්‍යානුමෝදනය කිරීම සඳහා දුන් දානයත්, මවු ගුණත්, මේ පින්කම්හි ආනිසංසත් දේශනා කොට අවසාන වන විට ම අර තරුණයා වහාම නැගිට ළඟ සිටි තවත් යහළු තරුණ ළමයකුගේ අතින් ඇද ගෙන කැලේ කඩා ගෙන දුවන්නට වීය.
ඉතා ම වේගයෙන් දුව ගෙන ගිය තරුණයා ගොස් ඇත්තේ පේ‍්‍රත තටුව තැබු ගල උඩට ය. “මේ බලපං මුන් මට කෑම බෙදලා තියෙන හැටි. හොඳට බලා ගනිං මේ පිඟානෙ තියෙන දේවල්” යැයි එකින් එක පෙන්වා ආපසු දන් ශාලාවට දෙදෙනා ම දුව ගෙන ආවෝ ය. ඔවුන් සොයා ගෙන යන්නට පිටත් වූ පිරිස ද ආපසු හැරී පැමිණියහ. ස්වාමීන් වහන්සේ ද සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා නතරව සිටියහ.
තරුණ මුණුපුරා යහළුවා සමඟ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට හිඳ ගත්හ. පවුලේ පිරිස ද එතැනට රැස්වූහ.
“හාමුදුරුවනේ! අපේ බාල දූගෙ වැඩත් හරිම බාලයි. මම මේ ළමයා ගල උඩට එක්කර ගෙන ගිහින් පෙන්නුවා. පේ‍්‍රත තටුව බෙදලා තිබුණෙත් පෙරේතකමෙන්. ඇපෙන් බේරෙන්න වගෙයි.
හාමුදුරුවනේ මම අඹවලට හරිම ආසයි. මේකි අඹ කෑල්ලක් බෙදලා තිබුණා මෙන්න මේ තරම් පුංචි කෑල්ලක්. (එසේ කීවේ අතේ සුළැඟිල්ල පෙන්වමිනි) ගෙදර වත්ත පුරාම තියෙන්නේ මම හිටවපු කොස් ගස්.
ඒ ගස්වල හොඳට කොස් හැදිලා තියෙනවා. මේකි මට එක ම එක වරකා මදුල යි බෙදලා තිබුණේ. ගස්ලබු කෑල්ලත් ඒ වගේ ම යි. හාමුදුරුවනේ! මට ඒ කෑම කන්න බෑ. අපි කරන්නේ ඒවා අත ගාලා සතුටු වෙන එක යි. ඒකවත් සතුටු වෙන්න පුළුවන් විදිහට තියලා නැහැ.”
“හා හොඳයි. හොඳයි. දැන් අපේ උපාසකම්මාට ඒ පෙරේත තටුවලින් වැඩක් නෑ. මේ දානයෙන් අපි සතුටු වෙලා පින් අනුමෝදන් කළානෙ. දැන් ඒ පින් ලැබුණානෙ” යි හාමුදුරුවෝ පැවසූහ.
“එහෙමයි හාමුදුරුවනේ! මට පින් ලැබුණා. මම ආයෙත් මේ දරුවාට කරදර කරන්නේ නැහැ. මම දැන් හොඳ තැනකට යනවා. එහෙනම් මට අවසරයි හාමුදුරුවනේ” යි කියා ස්වාමීන් වහන්සේට වැඳ අවට සිටි පිරිස දෙස බලා බාල දියණිය දෙස මඳක් අමනාපයෙන් මෙන් බලා “මං යනවා, මං යනවා” යැයි කී තරුණයා වෙව්ලා යළිත් ප‍්‍රකෘතිතාවයට පත් වූයේ ය.
ඒ පින් ලබා ගිය උපාසකම්මා ගේ ආත්මය වෘක්ෂ දේවතාවියක් වූ බව ද ගස්නාවේ ඤාණානන්ද හිමියෝ අප සමඟ පැවසූහ.
වන්දා කියන්නේ මෙයාට.
ඔන්න දෙයියනේ කියලා අරුමය දිග නිහඩතාවයකට පස්සේ වැඩ ඇල්ලුවා ආයිබෝං........







දිනය මැයි නම වැනිදා.ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //
ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
හදෙහි ඇඳී පින්තාරුව, //
බොඳ වෙලා ගොසින්... //
ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //
-++-අරුමය බ්ලොග් සටහන -++- Arumaya web Blog. Thanks to Arumaya Group. I - S Creation House Design by: අරුමය ~ © All Rights Reserved