දිනය මැයි නම වැනිදා.
අපි, මහාපාරේ ඇවිදිමින්....
එකපාරටම කන ලගින් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහිලා වට පිට බලනකොට කිරලෙක් .
ආපහු තව ටිකක් ඇවිදන් යනකොට තවත් කිරලෙක් කෑගහනවා.
අපි ටිකක් නැවතිලා එයාල දිහා බලන් හිටියා.
මේ කිරල ජෝඩුවක්.
ඒත් ඇයි එයාලා අමුතු විදිහට කෑගහන්නේ ...?
අපි යන්න ගිය ගමන පැත්තකට දාලා කිරල ජෝඩුව දිහා බලන් හිටිය.
අනේ එතකොටයි දැක්කේ,
එයාලා අද දොරට වඩම්මපු, තමුන්ගේ කිරල පැටව් දෙන්නට ඇවිදින්න උගන්වන හැටි.
ඒත් ඒ ඉගැන්නිල්ලට අපේ ඇග හිරි වැටිලා ගියා.
මොකද එයාලට තවම දුවා ගන්න බැහැනේ.
පැටව් දෙන්නගෙන් එක පැටියෙක් කිරල අම්මා ඉන්න දිහාට දිව්වා.
ඒත අනේ අනිත් පැටියට දුවාගන්න බෑ.
එයා නිදිකුම්බා ගාලක හැංගුනා.
එයාට කටු ඇනෙයි කියලා බයේ අපි එයාව බලන්න ගියා.
කෝ එයා....?
අනේ එයා ඉන්නවා.
ඒත්....?
එයා කිසිම හැල හොල්මනක් නෑ.
අපි හිතුවා එයාගේ ආයුෂ කෙටියි කියලා.
අපි තව ටිකක් එයා දිහා බලන් හිටියා
ඔන්න බොලේ ලස්සන හුරතල් කලූයි සුදුයි පුංචි බලූ පැට්ටෙක් පෙරලි පෙරලි ඒ දිහාවට ආවා.
ඒත් ඉතින් එයා ඉව කරලා බලලා ගියා.
ඔන්න එතකොටම කිරල තාත්තා අහසේ සිට සංඥාවක් දුන්නා.
එකපාරටම, අර මැරිල වගේ හිටපු කිරල පැට්ටා අම්මා ලගට දූවගෙන ගියා.
අපි දෙන්නා ඇස් දෙකේ සතුටු කඳුලූ පුරවාගෙන හිනාවෙවී අපේ ගමන යන්ට පිටත් වුනා.
වෙනසක් | A change
-
සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක
හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ
විනෝදාංශය ...
2 days ago
1 comments:
අනේ පව්! ඒත් හැමෝම එහෙම තමයිනේ.. මං කිව්වේ අපිත්
Post a Comment