ආයුබෝවේවා මහරජාණෙනි,


මා ඉපදෙන විටත් පැවතූනු ත‍්‍රස්තවාදී යුද්ධය නිමා වී සියළු ජනයා ප‍්‍රීතියෙන් ඔදවැඩී සිටිනා මොහොතේ මාගේ චිත්තප‍්‍රීතිය බ්ලොග් සටහනෙන් පල කිරීමට කැමැත්තෙමි.
එදා අපේ අනගාරික ධර්මපාල උත්තමයා පැවසූ දියසේන කුමාරයා ඉපදී ඇති වග ප‍්‍රත්‍යක්‍ෂ වී ඇතිවග අප පවසමු. ඒ පිළිබඳ දීර්ඝ රචනාවක් ලගදීම අරුමය තුළින් බලාපොරොත්තු වන්න.

කිරලාගේ කතා වස්තුව

දිනය මැයි නම වැනිදා.
අපි, මහාපාරේ ඇවිදිමින්....
එකපාරටම කන ලගින් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහිලා වට පිට බලනකොට කිරලෙක් .
ආපහු තව ටිකක් ඇවිදන් යනකොට තවත් කිරලෙක් කෑගහනවා.
අපි ටිකක් නැවතිලා එයාල දිහා බලන් හිටියා.
මේ කිරල ජෝඩුවක්.
ඒත් ඇයි එයාලා අමුතු විදිහට කෑගහන්නේ ...?
අපි යන්න ගිය ගමන පැත්තකට දාලා කිරල ජෝඩුව දිහා බලන් හිටිය.
අනේ එතකොටයි දැක්කේ,
එයාලා අද දොරට වඩම්මපු, තමුන්ගේ කිරල පැටව් දෙන්නට ඇවිදින්න උගන්වන හැටි.
ඒත් ඒ ඉගැන්නිල්ලට අපේ ඇග හිරි වැටිලා ගියා.
මොකද එයාලට තවම දුවා ගන්න බැහැනේ.
පැටව් දෙන්නගෙන් එක පැටියෙක් කිරල අම්මා ඉන්න දිහාට දිව්වා.
ඒත අනේ අනිත් පැටියට දුවාගන්න බෑ.
එයා නිදිකුම්බා ගාලක හැංගුනා.
එයාට කටු ඇනෙයි කියලා බයේ අපි එයාව බලන්න ගියා.
කෝ එයා....?
අනේ එයා ඉන්නවා.
ඒත්....?
එයා කිසිම හැල හොල්මනක් නෑ.
අපි හිතුවා එයාගේ ආයුෂ කෙටියි කියලා.
අපි තව ටිකක් එයා දිහා බලන් හිටියා
ඔන්න බොලේ ලස්සන හුරතල් කලූයි සුදුයි පුංචි බලූ පැට්ටෙක් පෙරලි පෙරලි ඒ දිහාවට ආවා.
ඒත් ඉතින් එයා ඉව කරලා බලලා ගියා.
ඔන්න එතකොටම කිරල තාත්තා අහසේ සිට සංඥාවක් දුන්නා.
එකපාරටම, අර මැරිල වගේ හිටපු කිරල පැට්ටා අම්මා ලගට දූවගෙන ගියා.
අපි දෙන්නා ඇස් දෙකේ සතුටු කඳුලූ පුරවාගෙන හිනාවෙවී අපේ ගමන යන්ට පිටත් වුනා.

ගී මනරම් 004

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
හදෙහි ඇඳී පින්තාරුව, //
බොඳ වෙලා ගොසින්... //

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

ක්ලැරන්ස් විජයවර්ධන

ගී මනරම් 003

තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතග නෙතග පැටලි මුවග මුවග ඇළලි
මෙතෙක් දුරක් එක්වී පැමිණියේ තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහද අරණෙ ලතැවි ලතැවි රුදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා


ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - පේ‍්‍රමකීර්තිද අල්විස්

ගී මනරම් 002

ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක්වි වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහි වෙනවා


ටී.එම්. ජයරත්න