බුදුන්වහන්සේ ඓතිහාසික උතුමෙකැයි පවසන මහ පුදබිම

බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ වූ ප‍්‍රධාන සිවුවැදෑරුම් සිදුවීම් සිද්ධ වූයේ පුරාණ දඹදිව හෙවත් ජම්බුද්වීපයෙහි ය. ඒ පුරාණ දඹදිවට මෙකල ව්‍යවහාරයේ පවතින ඉන්දියාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශ් ආදී රටවල් අයත් වූයේ ය. මේ නිසා රුට්මින්දෙයි හෙවත් ලුම්බිණි (සිදුහත් කුමරු උපන් ස්ථානය) නමැති පුදබිම අයත්්වන්නේ මෙකල නේපාලයට ය. සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීම, ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වීම සහ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑම යන සිදුවීම් තුන ම සිදුවූ පුදබිම් පිහිටියේ මෙකල ඉන්දියාවේ ය. සිදුහත් කුමරු උපන් ස්ථානයට එදා සිට කි‍්‍රස්තු වර්ෂ 3 වැනි සියවස තෙක් ලක්ෂ ගණන් බෞද්ධ ජනතාව පමණක් නො ව ලෝකයේ විවිධ ජනතාව පැමිණෙන්නට ඇත. එසේ වුව ද එක්තරා සුවිශේෂ වූ පුද්ගලයකු කි‍්‍රස්තු පූර්ව 250 වර්ෂයේ දී සිදුහත් කුමරුන් උපත ලද මේ ලුම්බිණි (රුම්මින්දෙයි) පුදබිමට පැමිණි බැව් අපි දනිමු. අප විසින් ඒ බව දැනගනු ලබන්නේ ඒ මහා පුරුෂයා ලුම්බිනි නමැති පුදබිමට පැමිණ එහි ශිලා ස්ථම්භයක් ද පිහිටුවූ නිසා ය. එපමණක් ද නො වේ. තමා පැමිණි බවත්, සිදුහත් කුමරු මෙහි උපන් බවත් ඒ ශිලා ටැඹෙහි සටහන් කර තැබීම ඒ සියල්ලට ම වඩා වැදගත් වූයේ ය. මෙසේ ශිලා ටැඹක ලියවා ඒ සිදුහත් කුමරා උපන් ස්ථානයෙහි පිහිටුවන ලද්දේ දඹදිව් තලයේ මහා අධිරාජයකු වූ අසෝක (කි‍්‍රස්තු පූර්ව 273-232) රජතුමා විසිනි.

ලුම්බිනි සල්වනය කපිලවස්තු සහ දෙව්දහ යන දෙනුවර අතර පිහිටි ඉතා මනරම් පරිසරයක පිහිටි උයනකි. සල්ගස් දහස් ගණනක සුපුෂ්පිත වූ පුෂ්පයන් ගෙන් මුළු පරිසරය ම සුවඳවත් වී පැවැතුණු වෙසක් පුර පසොළොස්වක දිනයක දී සිදුහත් බෝසතාණන්වහන්සේ උපත ලැබුවේ මේ ස්ථානයෙහි බව සඳහන් ශිලාලේඛනයක් මේ කාලයේ දී පවා දැකගැනීමට ලැබීම සැබැවින් ම බෞද්ධ ජනතාව ගේ ශ‍්‍රද්ධා භක්තිය හා බුද්ධාලම්භන ප‍්‍රීතිය ද වර්ධනය සඳහා උපස්තම්භක වන්නේ ය. ලොව ශාස්තෘවරුන් උපන් ස්ථාන අතුරෙන් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ව ඔප්පු කළ හැකි වන එක ම ස්ථානය සිද්ධාර්ථ කුමාරයා උපත ලද මේ ලුම්බිනිය යි. මීට වසර 2300කට පූර්ව කාලයේ දී අසෝක අධිරාජයා මේ ස්ථානයට පැමිණි බව ද සිදුහත් කුමරු මේ ස්ථානයෙහි උපන් බව ද සඳහන් කරමින් ලියැවුණු ඒ ශිලාලේඛනය අපි අද ලුම්බිනි ටැම් ලිපිය (රුම්මින් දෙයි) ලෙසින් හඳුන්වා දෙන්නෙමු.

අසෝක රජතුමා විසින් පිහිටුවන ලද සමස්ත ශිලා ලේඛන සංඛ්‍යාව (සිය අධිරාජ්‍යය තුළ) 200ක් පමණ වේ. මේ ශිලා ලේඛන වර්ග පහකි. ඒවා තුදුස් ගිරි ලිපි 2. සුළු ගිරි ලිපි 3. ටැම් ලිපි 4. සුළු ටැම් ලිපි සහ 5. ලෙන් ලිපි යනුවෙන් හඳුනාගත හැකි ය. ඒ අනුව අසෝක රජතුමා ගේ මේ සෙල්ලිපිය සුළු ටැම් ලිපියක් ලෙසින් සැලැකේ.

(Asoka – D.R.Bandarkar. 1925. P32)

ලෝකයේ විවිධ වූ ශාස්තෘවරු කලින් කල ලොව පහළ වූහ. භක්තිමතුන්ට නො ව ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යයනට හා විද්වතුනට ඇතැම් ශාස්තෘවරුන් ඓතිහාසික පුද්ගලයින් බැව් පිළිගැනීමට සාක්ෂ්‍ය සොයාගැනීම අපහසු ය. තවත් සමහර ශාස්තෘවරුන් පිළිබඳ ඓතිහාසික සාක්ෂ්‍ය දක්නට ඇතත් ඒවා ඒ ශාස්තෘවරුන් ගේ උපත හෝ ජීවිතය පිළිබඳ සෘජු ව ම සඳහන් වන ප‍්‍රකාශ නො වේ. මේ අනුව විමසා බලන විට ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙසින් බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය ශිලා ලේඛන ගත කොට රජකෙනකු විසින් පිහිටුවන ලද මේ ස්තම්භයේ අගය මෙතෙකැ යි කියා නිම කළ නො හැකි ය. ඒ ලුම්බිනි ටැම් ලිපිය නිසා ම නො වේ. එය ද එක් කරුණක් නිසා බුදුරජාණන් වහන්සේ ඓතිහාසික උත්තමයකු බැව් ලොවට ඇසෙන සේ හඬගා කීමට බෞද්ධයන් වන අපට අද හැකියාව ලැබී තිබීම කෙතරම් භාග්‍යයක් ද?

අපි මීළඟට ලුම්බිණි ටැම් ලිපියේ අඩංගු වී ඇති කරුණු ගැන විමසා බලමු.

සෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛන බහුතර සංඛ්‍යාවක් ලියවා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි. ඊට අමතර ව අරමැයික් ඛරෝෂ්ටි සහ ග‍්‍රීක් භාෂාවෙන් ද ලියවන ලද ශිලා ලේඛන දක්නට ලැබේ.

“දේවානංපිය පියදසි (රජු) ගේ අභිශේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමා ම පැමිණ ගෞරව කෙළේ ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප‍්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුතු ව ශිලා ටැඹක් පිහිටු වී ය. ලුම්බිණි ග‍්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කෙළේ ය.”

අසෝක ධංම ලිපි - ටැම්ලිපි හා ලෙන් ලිපි මහාචාර්ය අබය ආරියසිංහ 2000 පි. 58 - 59)

මේ පිළිබඳ ව මහාචාර්ය අබය ආරියසිංහ විද්වතාණෝ මෙසේ ද පවසති.

“මහා පරිනිර්වාණ සූත‍්‍රයෙහි තථාගතයන් වහන්සේ උපන් ස්ථානය බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන හා පිරිනිවන් පෑමට නියමිත තැන් පහන් සංවේගය දනවන බැව් උන්වහන්සේ දේශනා කර තිබේ. මෙයින් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලුම්බිණිය ඒ අනුව වැදගත් වේ. එබැවින් ඒ ස්ථානය කෙරෙහි දැඩි ඇල්මක් ඇති කරවීමට අසෝක රජතුමා කි‍්‍රයාකර ඇති බව මෙයින් ඔප්පුවේ. (එම ග‍්‍රන්ථය පි. 75)

ලුම්බිණි ටැම් ලිපිය බ‍්‍රාහ්මි අක්ෂරවලින් ලියා ඇත්තේ මෙසේ ය.

දෙවනපියෙන පියදසින ලජින විසතිවසාභිසිතෙන

අතන අගාච මහියිතෙ හිද බුද ජාතෙ සාක්‍යමුනිති

සිලාවිගඩභිච කලාපිත සිලාකභෙච උසපපිතෙ

හිද භගවං ජාතෙති ලුංබිනිගාමෙ උබලිකමෙ අථභාගියෙච

(INSCRIPTIONS OF ASOKA - D.C SIRCAR - 1957 - P. 42)

එදා අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ රජ වී වසර විස්සක් ගත වූ පසු ව බැව් ඒ ටැම් ලිපියෙහි ම සඳහන් කර ඇත. අසෝක රජතුමා ලුම්බිණියට පැමිණීම පිළිබඳ ජන ප‍්‍රවාදයක් ද ඇත. ඒ අනුව අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ තනිවම නො වේ. රාජ රාජ මහාමාත්‍යාදීන් සමඟ ය. ඒ සමඟ තවත් සුවිශේෂ වූ පූජණීය වූ භික්ෂුන් වහන්සේ නමක් ද පැමිණි බැව් ජනප‍්‍රවාදයේ පවතී. උන්වහන්සේ නම් උපගුප්ත හිමි ය. උපගුප්ත හිමි අසෝක රජතුමා ගේ අධ්‍යාත්මික කටයුතු පිළිබඳ උපදේශකවරයාණන් ද වූයේ ය. උපගුප්ත හිමි උන්වහන්සේ ගේ දකුණු අත දික්කොට මේ ස්ථානයෙහි සිදුහත් කුමරා උපත ලැබුවේ යැයි අසෝක රජතුමාට ඒ අවස්ථාවේදී පැවසූ බැව් එකී පුරාවෘත්තයෙන් ප‍්‍රකාශ වේ. ඉන්පසු ව මේ පූජණීය ස්ථානයේ වූ රුක් සෙවණේ සිදුහත් කුමරුන් උපත ලැබූ බැව් ඒ අසල සල්ගසක් පෙන්වා උපගුප්ත හිමියෝ ප‍්‍රකාශ කළහ. (භාරත - ලංකා බෞද්ධ උරුමය පි.70)

ලුම්බිණි ටැම් ලිපිය සොයා ගැනීම

මීට වසර 112 පෙර (කි‍්‍ර.ව. 1896) නේපාලයේ කත්මණ්ඩු නගරයේ සිට සැතපුම් 90 පමණ නිරිත දිගින් පිහිටි මේ ප‍්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල යෙදුණේ. ඉතා ප‍්‍රකට පුරාවිද්‍යාඥයකු වූ ඇලෝසිස් ඇන්ටන් පිය්‍යුහර් මහතා ය. භයිරවා නගරයෙන් සැතපුම් 12 පමණ දුරින් පිහිටි රාම්මින්දෙයි නම් වූ ගමෙහි වැලි ගලින් නිම කරන ලද අඩි 21 පමණ උස් වූ ශිලා ටැඹක් හමු වූයේ ය. එහි මුදුන කැඩී තිබිණි. වටකුරු වූ ඒ ශිලා ස්තම්භය තවත් පරීක්ෂා කළ ඒ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයාට ඒ ශිලා ස්තම්භයෙහි අකුරු ලියා ඇති බව ද දැකගන්නට ලැබිණි.

ඒ දක්වා ම සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය පුරාණ කාලයට පසු ව ස්ථිර ලෙසට ම දැන ගෙන සිටියේ නැත. ලුම්බිණි සල් උයන යනු කල්පිත ස්ථානයක් යැයි ද සමහරු කල්පනා කළහ. සමහර බටහිර ප¾ඩිවරු බුදුරජාණන් වහන්සේ ගේ ඓතිහාසිකත්වය පවා පිළිගැනීමට මැලි වූහ. මෙසේ පැවැති ඒ සියලු ම දුර්මත බිඳ හෙළීමට මේ ටැඹෙහි ලියූ ශිලා ලේඛන (ටැම් ලිපිය) උපකාරී වූයේ ය. ඒ ලුම්බිනී ටැම් ලිපිය 1898 වර්ෂයේ දී කියවන ලද්දේ ආචාර්ය ජේ.ජී. බය්‍යුලර් මහතා විසිනි. ඔහු අසෝක ශිලා ලේඛන පරිවර්තනය කිරීමේ කටයුතු 1878 වර්ෂයේ සිට සිදු කළ ඉතා ප‍්‍රකට ප¾ඩිවරයෙකි.

බුදු රජාණන් වහන්සේ ගේ උපත... බුද්ධත්වය හා මහා පරිනිර්වාණය යන සිදුවීම් තුන පමණක් නො ව බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධවූ ස්ථාන රැසක් අද දවසේ දී පවා දැනගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ අසෝක රජතුමාට පින් සිදුවන්නට බව ලොව ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳ ව ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ” විද්වතා අසෝක රජතුමා පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.

“ඉන්දියාවේ පොදු ජනතාවට අසෝක රජතුමා ගැන දැනගන්නට ලැබී දැනට ශතවර්ෂ එක හමාරකට වඩා නැත. එසේ දැනගන්නට ලැබුණේ ද විදේශීය විද්වතුන් විසින් අසෝක රජුගේ ශිලා ලිපි සොයා ගෙන කියවා තේරුම් ගෙන පරිවර්තනය කරනු ලැබීම නිසා ය. එහෙත් අනෙක් අතට නේපාලය. තිබ්බතය හා චීනය යන රටවල සිට ශ‍්‍රී ලංකාව දක්වා මුළු මහත් අග්නිදිග ආසියාවේ, ආසියාවේ ද සෑම නිකායකට ම අයත් බෞද්ධයන් අසෝක රජු පිළිබඳ මතකය භක්ත්‍යාදර පරස්සර කෘතවේදීත්වයෙන් යුතු ව චිරස්ථායි කොට පවත්වා ගෙන ඇතුවා පමණක් නො ව බුදු සසුනට සිටි මහත් ම හිතවතා හා අනුග‍්‍රාහකයා වශයෙන් තමන් ගේ ඉතිහාසයේ ද ඔහුට විශිෂ්ට තැනක් දී ඇත.

(ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය - ආචාර්ය ආනන්ද ගුරුගේ පිටුව - 621)

ලුම්බිණි පුද බිම - වැඳ පුදා ගැනීමට කි‍්‍ර.ව. 406 දී චීන සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වූ පාහියන් හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ ගේ වාර්තා වල සිදුහත් කුමරු උපන් සල් ගසේ සෙවණ වැඳ පුදා ගත්හ. සිදුහත් උපතට පසු ව මහාමායා දේවිය ස්නානය කළ පොකුණ පිළිබඳ ව ද ෆාහියන් හිමියෝ සිය වාර්තාවේ සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 637 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි තවත් චීන ජාතික භික්ෂුන්වහන්සේ නමක් වූ හියුංෂාං හිමියෝ ද ලුම්බිණි පුදබිම පිළිබඳ අගනා විස්තරයක් සිය වාර්තාවල සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 12 වන සියවස තෙක් ම වන්දනීය භාවයට පත් වූ ස්ථානයක් ලෙසින් ලුම්බිණි පුදබිම පැවතිණි. ඉන් පසු ව මහ වනයට යට වූ මේ පුදබිම නැවත සොයා ගන්නා ලද්දේ ඉහතින් සඳහන් කළ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයා විසිනි. ඔහු ගේ ගවේෂණයෙන් පසු කරන ලද කැණීම්වල දී පහත සඳහන් ස්ථාන ලුම්බිණි පුද බිමෙන් මතු කරගන්නා ලදී.

1. මායා දේවී විහාරය 2. නාක්‍ය (සිද්ධාර්ථ) පොකුණ 3. විහාරයක නටබුන් බාර හාර සඳහා සාදන ලද කුඩා දාගැබ් ආදියවේ.

BUDDHIST SRINE IN INDIA - D.C. AHIR. P.3

මේ කරුණු අනුව අසෝක රජතුමා චීන ජාතික භික්ෂුන්වහන්සේලා සහ යුරෝපීය පුරාවිද්‍යාඥයන් (ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප‍්‍රමුඛ) මේ භාරතීය පුදබිම් යළි සොයා ගැනීමට උපකාරී වූ බව සිහිපත් කළ යුතු ය. මෑත භාගයේ දී අනගාරික ධර්මපාල තුමා නොවන්නට බුද්ධගයාව ඇතුළු මේ පුදබිම් අද තිබෙන තත්ත්වයෙන් දැකගැනීමට අවස්ථාව නොලැබෙන බව ද ලාංකික අප අමතක නො කළ යුතු ය. අනගාරික ධර්මපාල තුමා එදා පිහිටුවන ලද මහා බෝධි සමාගම නිසා අදත් මේ පුදබිම් අපට වැඳ පුදා ගැනීමට ලැබෙන්නේ ඉන්පසු මේ කාලය තෙක් ම ඇප - කැප වී කි‍්‍රයා කරන මහා සංඝරත්නය ද නිසා ය.

සිරිසමන් විජේතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහාය අධ්‍යක්ෂ

පන්සල සෞන්දර්ය ස්ථානයකි

පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා, කැලණි රජමහා විහාර චිත‍්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ගැන Among Those Precent නම් පොතෙහි සඳහන් කරමින් රජමහා විහාර අලුත් ගොඩනැඟිල්ල විවෘත කිරීම ගැනත් ඒ උත්සව අවස්ථාව සෝලියස් මැන්දිස් කලාකරුවා බලාගෙන සිටි ආකාරය ගැනත් කදිම වර්ණනාත්මක ලේඛනයක් නිර්මාණය කරමින් බෞද්ධාගමික වාස්තු විද්‍යාව සම්බන්ධ අපූර්වතම මුඛ්‍ය පාඨය මතක් කර දේ.

ඒ මෙසේ ය.

ඉමං විහාරං බුද්ධස්ස පූජේමි

මේ විහාරය බුදුරජාණන් වහන්සේට පූජා කරමි යන්නයි.

සංඝාවාස සඳහා පූජා කැරෙන වෙහෙර විහාර, එසේ පූජා කාර්යයෙන් සමස්ත ශාසනය වෙත පැවැරෙන බව, ආරම්භක අවස්ථාවේ සිට ම පොරොන්දු දීම ඉතා වැදගත් කරුණකි. ඉන් ගම්‍ය වන දානමය සත් කි‍්‍රයාව මෙහි දී ඉස්මතු ව පවතී. සඟ සතුවෙන් පසුව එය පුද්ගලා’නුබද්ධ අයිතියෙන් වියුක්ත වස්තුවක් බවට පත් වන්නේ ය. අනතුරු ව අප මතකයට එනුයේ ඉතිහාසයේ එන එවැනි ම වූ තවත් සම්භාව්‍ය කියමනකි.

අගත අනගත චතුදිස සඟස

ඉපැරැණි ගල් ලෙන් සසුනට පූජා කිරීමේ දී ඒවායේ කොටන ලද ශිලා ලිපි අතර දැක්වෙන ඉහත සඳහන් පාඨය පැරැණි උරුමය හා බැඳී පවතින සුඛනම්‍ය වාක්‍ය ඛණ්ඩයකි.

දන්දීමේ පරම පවිත‍්‍ර චේතනා ගොනු කරගත් අවස්ථාවක් සේ මෙකී අදහස පුන පුනා මෙනෙහි කළ හැකි ය.

‘ආ නො ආ සිවුදිග සංඝයා හෝ පැමිණි නො පැමිණි සතර දිශාවෙන් වඩින සංඝයා වහන්සේ වෙත යන්නෙහි ගැඹුර - ක්‍ෂේත‍්‍රය කෙතෙක් දැයි සීමා නිර්ණයක් දැක්විය නො හැකි තරම් ය.

සංඝයා වහන්සේ වෙත පුද කැරුණු එවැනි වූ ගොඩනැඟිලි පොදු ආගමික දේපළ ගණයට ගැනේ. පන්සල නමින් වර්තමානයේ හැඳින්වෙන පූජ්‍යස්ථානය එය නොවන්නේ ද?

කලා විචාරක ආනන්ද කුමාරස්වාමි මහතා මෙසේ කියයි.

”මධ්‍යකාලීන යුගයේ පන්සල් වූ කලී භික්ෂූන් විසින් නියත වශයෙන් නිවාස කොටගත් සැප පහසු රහිත ගල් ලෙන් නො වේ.

මධ්‍ය කාලීන පන්සලක් ඒ කාලයට ම අයත් ගිහි නිවසකට සමාන ය. එනම් ඇතුළු බරාඳය .... මැද මිදුලක් ඇති සෘජු කෝණාශ‍්‍රාකාර ගොඩනැඟිල්ලකි. ... පොහොය ගේ තනන ලද්දේ කැප කළ භූමි ප‍්‍රදේශයක පිහිටුවන ලද සීමා - ගල් දොළසක් ඇතුළත... බණ මඩුව වූ කලී කාණු උඩ නැංවූ එළිමහන් ගොඩනැඟිලි ය. .. දාගැබ හෙවත් ස්තූපය චතුරශ‍්‍රාකාර ... ස්මාරක විශේෂයකි.”

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග‍්‍රන්ථ පළමු වෙළුමේ මුල් කාලය ගැන දක්වන අදහස ද වැදගත් වේ:-

”9 වැනි 10 වැනි ශත වර්ෂවලට අයත් මිහින්තලේ කන්ඨක චේතියේ පිහිටීම ආශ‍්‍රිත ව ඇති මහේශාක්‍ය ලීලාවත් සෞන්දර්යාත්මක ඉසව්ව ඇතුළත් පරිසරයත් අතිශය වැදගත් ය....

රුවන්වැලි සෑ අඩිතාලම වටා ඇති ප‍්‍රාකාරයට බද්ධ කළ ඇත් සොඬ සහිත හස්ති ඉදිරිපස දැක්ම හඟිනුයේ කන්දක් වැනි, දැවැන්ත වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම හස්ති සමූහයක් විසින් දරා සිටින ආකාරයයි. “(පැරැණි අලි-ඇතුන් ගහන පරිසරය හා මෙය අපූරුවට ගැලපෙන රඟ දෘශ්‍ය රූපයකට නඟා සැලැකීම වටී)”

ඒ දැවැන්ත පූජනීයස්ථාන සමඟ ගලපා ඇති සිත්කලු මුරගල් දෙපස පිහිටැවූ පඩි පෙළ සිද්ධස්ථානවල පරිසරය ආකර්ෂණශීලී කිරීමට ද සමත් ව ඇති බව දේශීය මෙන් ම විදේශීය සංචාරක සාහිත්‍ය ඇසුරින් පෙනේ.

ලංකාව ගැන පැරැණි ම ගවේෂණශීලී ‘Song of Ceylon’ නම් වාර්තා චිත‍්‍රපටය තැනූ ‘බැසිල් රයිට්’ තම කැමරා ඇසට ලක්කර ඇති පඩි පෙළවල්, මුරගල් ආදිය කදිම ආගමික සංකේත මෙන් ම සෞන්දර්යාත්මක වටපිටාව පන්සල් ආශ‍්‍රිතය වාර්තා කරමින් නිර්මාණිත ය. නූතන කාලයේ තැනූ වැදගත් වාර්තා කෙටි චිත‍්‍රපටයක් වූ ඩී.බී.නිහාල්සිංහ ගේ ‘භක්ති’ නම් කෘතියෙන් ද මෙවැනි සිත් ඇදගන්නා පිය ගැට පෙළ රූපාවළිය අමතක කළ නො හැකි සෞන්දර්ය රටාවක් මවා ඇත.

බෞද්ධ සාහිත්‍යයේ එන පන්සල් මැවීම සම්බන්ධ විස්තරයක් අපට හමුවන්නේ වෙස්සන්තර ජාතකය ආශ‍්‍රයෙනි.

”එදවස් ශක‍්‍රදේවෙන්ද්‍ර තෙමේ දහසක් නුවණැස ලා මනුෂ්‍ය ලෝකය බලන්නේ .... විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා කැඳවා .... හෝ එහි ගොස් පන්සල් දෙකක් හා සක්මන් මලු දෙකක් ... ආදී වූ දෙය මවා ‘තපස් කරන්නවුනට කැපය’යි බිත්තියේ අකුරු ලියා...”

පන්සල අද මෙන් එදා ද, සමාජයේ වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇත. එය පැරැණි දේශීය සමාජය සම්බන්ධයෙන් අර්ථ කථනය වී ඇත්තේ පැරැණි ගැමි සමාජ රටාව තුළ නිර්මිතවූ සැලැසුම් ව්‍යූහය අනුසාරයෙනි.

වැව ආශ‍්‍රිත කුඹුරු - ගෙවල් හා වගා බෝග - වන රොද – වන පියස ආදිය ය.

කෘෂි සංස්කෘතික පදනම මත ජීවත් වුණු ගැමියා බෞද්ධ හැදියාව ජීවිතයට ළංකරගත් බව ‘කොත විලසට බැත එක් කරගන්නේ’ ගොයම් මාලයේ එන කවි පදයෙන් කදිමට පැහැදිලි වේ.

අනුරාධපුර කාලවකවානුව එනම් සංස්කෘතියක් බිහිකළ යුගයක් ද ලෙස ඇතැමෙක් අදහස් කරති. අ’පුර සංස්කෘතිය ශතවර්ෂ එකහමාරක් පමණ ම වර්ධිත බෞද්ධ සංස්කෘතියක් ම විය. අ’පුර මුල් කාලයේ ම ඉදි කරන ලද ථූපාරමයත්, මහා ථූපය ලෙස හැඳින්වෙන රුවන්වැලි මහා සෑයත් අහසින් බලන කල වාර්තාවන දර්ශනය, සෞන්දර්යකාමී දේශාටකයන් ගේ කතාබහට හැමවිට ම ලක් ව ඇති ලංකාව වෙනුවෙන් වූ ධනාත්මක චින්තන රටාවට වැටෙන්නකි.

සැතැපුම් ගණනක් දිගට පළලට පැතිර පවත්නා අ’පුර නිම්නයේ පොළෝ ගැබ හදිසියේ උඩට නෙරා ආ යෝධ කඳු ගැට මෙන් ඈතට දිස්වන මේ ස්තූප, පැරැණි සභ්‍යත්වයේ සංකේත ලෙස සෞම්‍ය සිතිවිලි මවාලන්නට සමත් ව ඇත. පැරැණි මහ සෑ මළුව බෙර ඇසක් සේ දිස්වුණු බවට වූ ඉතිහාසගත ප‍්‍රවෘත්තිය මෙහි දී මතකයට ඒ.

බෞද්ධ වූ සිතුවිලි රටාව කෙරෙන් කෘෂි සමාජ ස්තරය ආශ‍්‍රිතව ‘පන්සල’ සංකල්ප ව්‍යූහය, ක‍්‍රමික සංවර්ධන තලයකට පිවිසියේ ශතවර්ෂ ගණනක දිවි පෙවෙත සමඟ ය. කෘෂිකර්මය ආශ‍්‍රිත මධ්‍යකාලීන සමාජ රටාව කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා ග‍්‍රන්ථයෙන් විස්කර කරනුයේ ජනතාවට අයත් ආගමික කලාවක් ලෙසය. “එහෙයින් ම එය ජනප‍්‍රිය කලාවක් විය. එය ආගම හා ප‍්‍රජාව සමඟ ඒකීය භාවයට පැමිණි රජුන් සිටි ජනතාවගේ කලාවකි” යනු විසිනි.

බෞද්ධයන් ගේ ඕනෑ එපාකම්, සිතුම් පැතුම්, සිරිත් විරිත් සමඟ ම රැකීගෙන ආ ගුණ දහම් (ගැමි) සමාජය හදා වඩා පෝෂණය කළ බව පෙනේ.

බෞද්ධ හිමිවරුන් ගේ වාසස්ථානයක් බවට පෙරැළුණු බව අදහස් කරන ඉන්දියාවේ අජන්තා කලා ලෙන් පරිශ‍්‍රය බොහෝ විට විචාරකයින් හඳුන්වා දී ඇත්තේ පරම්පරා ගණනක බෞද්ධ භික්ෂූන් වහන්සේලා ’සමාධිගත ව වැඩසිටි පන්සලක් හැටියට ය’.

නිහඬ ව දහම් පිරූ නිස්කලංක කඳු බෑවුමක් මෙන්, ගල්පර්වත පරිශ‍්‍රයක් මෙන් – අශ්ව ලාඩමක ආකෘතිය දනවන ජලාශ‍්‍ර ඉසව්වක් මෙන් ද අජන්තා කලාබිම හඳුන්වා දිය හැකි ය.

සංස්කෘතික මූලාශ‍්‍රය බුදුදහම කෙරෙන් ද, එය ආශ‍්‍රිත කොට ගෙන ද ඉපැදී, පෝෂණය වී, වර්ධනය වී පැතිරී යෑම ගැන ඓතිහාසික සාධක අප රට තුළ ද දක්නට ලැබුණු බව පාහියන්, හියුංසාන් ආදීන්ගේ දේශාටනික වාර්තාවලින් දැකගත හැකි ය.

පන්සල, එහි පිහිටීම අනුව ම සෞන්දර්ය ස්ථානයක් විය. පර්වත මුදුන්, මුල් වෙහෙර විහාර ආශ‍්‍රිත පුද බිම් හැටියට අපි දනිමු. එහෙත් එය –ඊට ම සීමා වූ පරිශ‍්‍රයක් පමණකැ යි ඉන් අදහස් නො කැරේ. වෙනත්, පූජනීය ස්ථාන පිහිටීම ගැන සලකා බැලීමේ දී වෙනත් ආකාර භූ ලක්ෂණ දැක්ක හැකි ය. කඳු ශිකරවලින් තොර වූ යාපනයේ නාග විහාරය, කැලණිය රජ මහා විහාරය ඒ අතර ප‍්‍රසිද්ධ තැනක් උසුලයි.

පන්සලේ ඓතිහාසික පටන්ගැන්ම රාජ්‍යානුග‍්‍රහයෙන් එසේ වර්ධනය වුව ද ‘මහා’ (මහා විහාර ආදී තන්හි එන) විශේෂණය කෙමෙන් නැති වී යන්නටත්, රටේ ඓතිහාසික, සමාජ - සංස්කෘතික හැලහැප්පීම් නිසා ආගමික දේහය නොයෙක් ස්වරූපවලට ඉලක්ක වීමත් පන්සලේ අධිකාරි බලය සම්බන්ධ නවමු වර්ණ රටා වැඩි වර්ධනය කිරීමට සමත් විය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම උපහාර අංකයට (1967) ලිපියක් සපයමින් වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි.

”අප රට අධ්‍යාපනඥයෝ සීයක් අවුරුද්දකට වැඩි කාලයක් අපගේ සිංහලකම් නැති කොට ඉංග‍්‍රීසි වර්ගයාගේම උප වර්ගයක් කරනු පිණිස වෑයම් කළහ.. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ඔවුහු සිංහල සංස්කෘතියක් ගැන කථා කරනු නොඉවසූහ. සමහරු එය ජාතික ඔල්මාදයෙන් නොමඟ ගියවුන්ගේ අවිචාර දෙසුමක් යයි කීහ.”

පන්සල පොදුවේ ගත් කල සංස්කෘතික මධ්‍යස්ථානයක්ද විය. එය ඉබේට ම සිදුවූවකි. පොදු ජන රුචිය, පොදු ජන ආශ‍්‍රිත සම්ප‍්‍රදායයන් වැඩි වර්ධනය කරගත් පන්සල පරිවර්තන රාශියකට භාජනය වූ බව පෙනේ.

සමාජ, දේශපාලනික ස්තරය දෙදරත් ම, ඒවාට සමාන්තර ව මෙන් නැඟුණු තාක්‍ෂණික ඇතැම් වල් පැළෑටි විසින් ඇති කැරුණේ අසහනකාරී දාහයකි. යුදය, ආගමික (ජාතික) කෝලාහල, ආර්ථික ව්‍යවසාය කරණ කොට ගෙන නිර්මාණය වූයේ ‘අමුතු’ - ‘අලුත්’ ස්වභාවයක ධන – නිර්ධන ගැටුමකි. නාගරික, නාගරික නොවන සමාජ ස්තරයකි.

මෙහි දී ’සිත සොම්නසින් සිහි කර කර බුදු ගුණය’ වැනි සංදේශ කවියට අන්වර්ථ පිරිවෙන් (පන්සල්) වටපිටාව අද අතුරුදන් ව ඇති සේ පෙනේ. සමාජයේ වෙනත් ආයතනවලට සාපේක්‍ෂ ව කල්පනා කිරීමේ දී මෙය ‘ස්වාභාවික’ වෙනසක් වන්නට හැකි ය.

බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් ගේ ‘බුද්ධ භක්තිය’ (1954) පොතේ මෙසේ ලියා දක්වා ඇත.

”පෙර බුදු රජුන් හෝ සංඝයා දක්නට යන රජහු පවා ආරාම භූමියෙන් මෑත දී ම තම යාන වාහනවලින් බැස හිස් වැසුම්, පා වැසුම් ගලවා විහාරය කරා යෙති... සැදැහැවතා කුඩා සාමණේර නමට වුව ද කුඩා යයි අගරු නො කොට ගෞරවයෙන් සලකයි. ගිනි පුපුර කුඩා යැයි එය හා සෙල්ලම් කිරීම අන්තරාය කරයි.”

එහෙත් මෙසේ පිළිපදින ගිහියෝ කොතෙක් වෙත් ද? එදා පන්සල ගමේ ක්‍ෂේත‍්‍රගත ප‍්‍රවාහයක් විය. පන්සල අවට සියල්ල පන්සල් ධූරාවලියට කැප වූ පන්සලේ ම අවයව ලෙස ද පෙනෙන්නට තිබිණි. මාතලේ අලුවිහාරේ පැවැති ති‍්‍රපිටකය ලේඛනගත කිරීමේ මහා පුණ්‍යෙ¤ත්සවය සම්බන්ධ එක් කියමනක් මෙහි දී මතක් වේ.

’දුප්පත් ගැමියෝ තල්කොළ දුන්නු’

අංශු මාත‍්‍ර සම්මාදමක් හෝ කිරීම ගැන දුප්පතා හිතුවේ ගර්වයෙනි. අප කුඩා කාලයේ රුවන්වැලි සෑ හුනු පිරියම් කිරීම ගැන ‘සල්ලියෙන්’ ‘සතෙන්’ සම්මාදම් කැරිණි. ගමේ පන්සලට ඇතැම් විට ‘ආධාර’ කෙළේ ‘මල් වට්ටි වෙන්දේසියට’ සහභාගී වීම වැනි ඉතා කුඩා ආකාර සම්මාදම් රටාවක් පෙළගැසුණු නිසා ය.

ගමේ පන්සලේ කලා කටයුතු කෙළේ ගමේ කලාකරුවා ය. ඉන් ඔහු පුහුණුව සමඟ ලබා ගත්තේ ‘පින’ ය. ඉන් ඔහු සෑහීමකට පත් වූයේ, ආත්ම තෘප්තිය ලබා ගත්තේ පුරුදු කරගෙන ආ සත්තාව පරිද්දෙනි.

ගමට ගැමිකම එපාවීම එක් පැත්තකින් ද නගරයේ දායකයා ‘කැපවීමකින්’ තොර ඇත්තකු වීම අනෙක් පැත්තෙන් ද පවතින සමාජ විෂමතා මේ සියල්ල අනාවරණය කරන සුලු වීම විසින් ද සෞන්දර්ය ජනනයෙන් පන්සල ඉවත් ව ඇති සේ එක් වර ම පෙනෙන බවක් හැඟෙන්නේ නැත.

පෙර පන්සල පිහිටියේ සුන්දර වටපිටාවක ය. එය බුදු බණේ අග‍්‍ර අදහස් උදහස්වලට බොහෝ කොට ළං වූ සේ පෙනේ. පන්සල් පරිසරය සුන්දර භූමි භාගයක් ලෙස එදා වෙන් වූයේ එහි යම් නිත්‍ය රටාවක් තිබුණු හෙයිනි. ඔසු උයන්, උපවන ආදිය පන්සල් ආශ‍්‍රිත ව තිබීමත් ජනයා ආකර්ෂණය කළ කරුණු අතර වේ.

පන්සල් භූමි සැකැස්ම ගැන අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇත. ජපාන, තායිලන්ත වැනි රටවල සැකැස්ම හැඩතල ආදිය ගැන සැලැකිලිවන්ත වීම දැන් ඉතිහාස ගත කරුණක් ලෙස සලකන්නකි. අපේ ඉතිහාසයෙන් ම අපට උගත හැකි පාඩම් බොහෝ ය.

සෞන්දර්යය අගය කරන විහාරාරාම, ස්වභාවධර්මය වැදගත් සේ සලකන හිමිවරුන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ. අපේ වන සෙනසුන් මේ ගැන කදිම උදාහරණ නොවන්නේ ද?

සිදුහත් තවුස් තුමා බවුන් වැඩීමට යෝග්‍ය තැනක් ලෙස උරුවෙලාව දුටුයේ මෙසේ ය.

භූමි භාගය සිත් අලවන සුලු ය

වන ගොමුව ප‍්‍රසාද දනවන සුලු ය

මනා වූ සුදු වැලි තලා ඇති ගලා බස්නා නදිය රමණීය ය.

මරණයට බියවීම

සතුන් මැරීමට හා සත්ත්ව හිංසාවට ඇබ්බැහිවූ මිනිස්සු මරණයෙන් පසුව ඒ පාපකර්මයේ ආදීනව වශයෙන් අමනුස්සයන් වී උපත ලබති. ඒ අමනුස්සයෝ ද සතුන් මරණ ස්ථානවලට සමීපව ජීවත්වෙති. උහු සතුන් මැරීම පි‍්‍රය කරන අතර ඒ සතුන්ගේ ලේ මස් හා ඉවතලන අපද්‍රව්‍ය ආහාරයට ගනිති. ඒවා උන්ගේ පි‍්‍රයතම ආහාර වේ. සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානය ආදි දුසිරිත්හි යෙදුණු මිනිස්සු ද මරණයෙන් පසු අමනුස්සයන් වී ඒ දුසිරිත්වල යෙදෙන්නන්ට සමීපව ජීවත් වෙති.

මේ පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ දෙයකි. පියසේනත් ඔහුගේ පුතුන් වන සරත් හා සුනිල්, දෙදෙනා ද සතුන් මැරීමේ යෙදුණෝ වෙති. හරක් මිලයට ගෙන මරා මස් කොට විකුණූහ. අවට ගම්මානවලින් හොරෙන් ගෙනෙන හරක් ද මරා විකුණූහ. හොර හරක් ලොරි ගණන් ප‍්‍රවාහනය කොට මුස්ලිමුන් ජීවත්වන ප‍්‍රදේශවල මස්මඩුවලට විකුණන ධර්මසේන මුදලාලිට මේ පිය පුත්තු හරක් සැපයීම ද කළහ. එසේ ම කසිප්පු නිෂ්පාදනය හා විකිණීම ද සිදු කළහ. මේ කටයුතුවලට ඔවුන්ගේ බිරියෝ ද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

පියසේන හරකුන් ගෙනැවිත් ගේ ඉදිරිපිට දෙල් ගසේ බැඳ හරකාගේ හිසට දෑත බදා පොරව පහරක් එල්ල කිරීමෙන් මැරීම සිරිතක් ලෙස කළේය. බෙල්ල ගසට තබා බඳින හරකා තමන්ට අනතුරක් සිදුවන බව ඉවෙන් මෙන් දැන දෑස් උඩ තබා ගෙන මරණ බයේ දඟලයි. ඊට පසු ගසේ බැඳි කඹය ලිහා දැමුව ද හිස දෙපළු වූ හරකා පැය බාගයක් පමණ මළ මුත‍්‍ර පිටකරමින් දඟල දඟලා මරණයට පත් වෙයි. සරත් හා සුනිල් ළදරු වියේ සිට ම තාත්තා ගේ මේ කි‍්‍රයාදාමයන් දෙස සිනා සෙමින් බලා සිටියහ. ඉගෙනුමට වැඩි උනන්දුවක් නැති සරත් හා සුනිල් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී වයස අවුරුදු 16-17 සිට ම තාත්තා ගේ රැකියාවට ම පුරුදු වූහ.

පියසේන ගේ නිවස වරිච්චි කටුමැටි බිත්තියෙන් තැනු කුඩා නිවසකි. පියසේන නිදන ඇඳ අසල ම කුඩා ජනේලයකි. එයින් පිට පැත්තේ ගසෙක ගෙදර ඇති දැඩි කරන පුල්ලී බැඳ සිටී. දුඹුරු පැහැති පුෂ්ටිමත් සිරුර පුරා සුදු පුල්ලි වැටී ඇති බැවින් මේ එළදෙනට පුල්ලී යැයි කියති. දිනපතා පාන්දර පියසේන ගේ බිරිය මේ පුල්ලීගෙන් කිරිබෝතල් 5-6 ක් දොවා ගන්නීය. නිදි ඇඳේ සිටින පියසේන පාන්දර අවදි වූ සැණින් කට සෝදා ජනේලයෙන් පිටතට දමා, ලොකු වීදුරුවකින් එකක් කිරි එක හුස්මට බීගෙන බීගෙන යයි. ඒ ඔහුගේ සිරිතය. ඉතුරු කිරි ගෙදර අය පානය කොට, ඉතිරිය ගම්වැසියන්ට විකුණයි.

මෙයින් වසර කීපයකට පෙර එක් නත්තලක් උදාවීය. නත්තලට ලොකු කසිප්පු වඩියක් ද පෙරන්නට යෙදිණි. පියසේන එදින උදෙන් ම ගමේ ඇවිදින්නට ගියේය. ගම කෙළවර නිවසකින් එළදෙනක් මිලදී ගෙන ගෙදර ගෙනාවේය. ගෙනැවිත් මිදුලේ දෙල් ගසේ බෙල්ල ගසට තබා බැන්දේය. කසිප්පු වීදුරු දෙකක් උගුරට ම හලා ගත් පියසේන පොරව අතට ගත්තේය. තමන් ඉදිරියට එන මාරයා දුටු එළදෙන මරණයේ පෙරනිමිති දැක දඟලන්නට වූවාය. පියසේන කොක් හඬ නඟා සිනාසුණේය. පියසේනගේ බිරිය ගෙනැවිත් දුන් තවත් කසිප්පු වීදුරුවක් උගුරට හළා ගෙන පිටි අතින් කට පිසදා ගත්තේය.

“ඕන්න... හරකියේ දැන් ඉතින් උඹ යන ලෝකය සිහිකර ගනින්...” යැයි කියා හෙº... හෙº... ගා ඔච්චමට සිනාසුණේය. දෑත බදා ඉහළට එසැවූ පොරව එළදෙනගේ හිසට එල්ල කළේය. මරබියෙන් දඟලමින් සිටි එළදෙනගේ හිසට එල්ලවූ පොරෝ පහර පියසේනගේ වෙරිමත නිසා මඳක් ලුහුටා ගියේය. එළදෙනගේ අඟකට වැදී අඟ කඩාගෙන ලිස්සා ගොස් ගෙල ගසට තබා බැඳි නයිලෝන් කඹය කැපී ගියේය.

අඟක් කඩාගෙන යෑමට තරම් වේගවත් පහරකින් තුවාල වූ එළදෙන දැඩි වේදනාවෙන් උඩ පැන්නාය. ඒ පියසේනගේ ඇඟ මතටය. බිම වැටුණු පියසේනගේ පපුවත් කුරවලින් තුවාල කරගෙන එළදෙන දිව්වාය. දිව්වා නොවේ ඉගිලුණාය. පියසේන ද තුවාල පිටින්ම එළදෙන පසුපස දිව්වේය. ඔහුගේ පුතෙකු ද අසල කුඩා කඩය ළඟ සිටි මිතුරන් සමඟ එළදෙන අල්ලා ගැනීම සඳහා පසුපස දිව්වේය. එළදෙන කෙළින් ම දිව්වේ තමන් කලින් සිටි ගෙදරටය.

ගෙදර මිදුලට දුවගෙන ගිය එළදෙන ඉස්තෝප්පුවේ සිටි නිවැසියන් දෙස මඳක් බලා සිටියේ “මගේ කිරි ටික දොවාගෙන බිව් උඹලා අන්තිමට මා මසට වික්කා නේදැ”යි නෝක්කාඩු කියා දොස් පවරන්නා සේය.

ඒ සමඟ ම කඹ කැති පොලු රැගෙන තමන් පසු පස හඹා එන මාර පිරිස දුටු එළදෙන එතැනින් වැව ඉස්මත්තේ පිහිටි දඹුලු කැලයට පැන ගත්තා ය. ඒ කැලයට ගිය සතෙක් නැවත අල්ලා ගැනීම බොරුවකි.

පියසේන කේන්තියෙන් ම ආපසු ගෙදර ගියේය. “පලයන් ගිහින් පුල්ලිව අරගෙන වරේන්” යැයි බිරියට නියෝග කළේය. හිතක් පපුවක් නැති මේ ගැහැනියට ද එහි අමුත්තක් නැත. පුල්ලී දිගේලි කැර සිටි තැනින් ලිහා ගෙනැවිත් ඒ දෙල් ගහේ ම බෙල්ල ගසට තබා “ඔන්න ඔහොම හිටින්” යැයි බැඳ දුන්නාය. උදේ පාන්දර හිස් බඩ ම බිව් කිරි බෝතල් තුන් කාලේ අයිතිකාරිය, කිරි අම්මාට පියසේන එවර එල්ල කළ පොරෝ පහර වැරදුණේ නැත. හිස දෙපළු වී ගියේය. මරහඬ නඟා ගෙන පුල්ලී උඩුකුරුව දඟලද්දී ම පියසේන මන්නා පහරකින් පපුව දෙපළු කොට ඇතුළට අත දමා පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය වහාම එය රැගෙන කුස්සියට රිංගුවේ පුල්ලී තවත් වේලාවක් දඟලන බව දන්නා නිසාය. එතෙක් මෙය වහා පිස පියසේනට “බයිට්” එකට (කටගැස්මට) දිය යුතු බව දන්නා නිසාය.

කලින් එළදෙන මරුවිකල්ලෙන් ඇඟට පැනීමත්, පපුව පාගෙන දුව යෑමත්, එයින් පසු එළදෙන අල්ලා ගන්නට පසුපස දුව යෑමත් නිසා වෙහෙසව සිටි පියසේන මඳක් විවේක ගත්තේය. කසිප්පු බෝතලය ද ළඟට ගෙන අගුපිළේ හිඳ, බිත්තියට හේත්තු වූයේය.

මේ අතර කඩේ පිටුපස සූදු පිටියේ සිටි සුනිල් පැරදී ගෙදර ආවේ තාත්තාගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය. කුස්සියෙන් එන පීකුදු සුවඳ පියසේනගේ හිත කෑදර කමෙන් පිපිරියාස කරයි. දැන් පුල්ලී දඟලා හමාරය. දැන් ඇය හම ගසා මස් කරන්නට ද උවමනාය. තරමක් දුරින් වූ ලන්දේ බැඳ සිටින පුල්ලීගේ පැටවා “උම්බෑ...” කියමින් හඬන හඩ් අද අමුතු බවක් ඇත. මේ නරුමයන්ට ඒවා වැටහෙන්නේ නැත.

සුනිල් තාත්තාගෙන් මුදලක් ඉල්ලුවේය. වෙහෙසත් වෙරි මතත් නිසා පියාගෙන් ලැබුණු උත්තරය පුතාට ඔරොත්තු දුන්නේ නැත. වචන පරුෂ වචන බවට පත්වී ඊ වේගයෙන් කන් සිදුරු පසාරු කැරගෙන ගියේය. බිත්තියට හේත්තු කැර තිබු පොරව සුනිල් අතට ආවේය. “බහ්...” එකම පොරෝ පහරින් හිස දෙපළු වූ පියසේන ද පුල්ලී අසල ම, පුල්ලී ගේ ලේ ගොඩේ ම කුජීත වූයේය. මේ කීවේ වසර ගණනකට පැරැණි කතාවකි. අදට මාස දෙකකට පෙර සිදුවූ අලුත් සිදුවීමක් ඒ කතාවට ඈඳෙන්නේ මෙසේය.

දැන් සරත් ද විවාහකයෙකි. ඔහුගේ බිරිය ද මේ පවුලට ම ගැළපෙන තැනැත්තියකි. මොවුන් පදිංචි නිවස අසල ගල්කණු ගොඩැල්ලකි. එනම් පෞරාණික ගල්කණු සහිත පුරාවිද්‍යාත්මක භූමියකි. වල් බිහිවූ පැරැණි පූජ්‍ය ස්ථානයකි. ඉන් එහා පැත්තේ ගමේ සුසාන භූමියයි.

සරත් ගල්කණු ගොඩැල්ලේ ගාත් හතර බැඳ දමා තිබුණු තඩි ඌරා ළඟට ගියේය. ඔහුගේ බිරිය ද ඊට අවශ්‍ය ආම්පන්න ද රැගෙන ඔහු පසුපස ගියාය. ගාත් හතර බැඳ තැබීම නිසා වියරුව සිටින ඌරා පිඹින සද්දය ඊට යාර පනහක් තරම් දුරින් පිහිටි කඩය ළඟට ද ඇසෙයි. සරත් ගේ මුවහත් පිහි පහර ඌරාගේ උගුරු දණ්ඩ හරහා එහා මෙහා ගියේය.

ලේ විදින ඌරාගේ පපුව දිගට පිහිය ඇද්දේය. නියමිත තැනට අත දැමු සරත් පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය කුස්සියට ඉගිලුණාය. ඌරා තවමත් දඟලයි. ලුණු මිරිස් සමඟ තෙම්පරාදු වන පීකුදු සුවඳ සරත්ට දැනේ. කසිප්පු කාලක් දෙවරකට ගුඩුස් ගුඩුස් ගෑවේය. සරත් හුළු අත්තක් දල්වා තවමත් දඟලන ඌරාගේ මවිල් පුච්චන්නට පටන් ගත්තේය. ඒ පැත්ත මේ පැත්ත පෙරළමින් පිච්චුවේය.

බිරිය පීකුදු තෙම්පරාදුව මැටි කෝප්පයකට දමා ගෙන ආවා ය. සරත් උණු උණුවේම කෑල්ලක් දෙකක් තලු මැරුවේය. “මරු... උඹත් කාහං...” බිරියට කීවේය. “මට එපා මං ලුණු ඇඹුල් බලන්න ටිකක් කෑවා. ඔයා කන්නැ”යි ඇය කීවාය.

“දැන් ඉතින් ඉක්මනින් ඕක මස් කරන්න. හැන්දැ වෙන්න කලින් කඩ ළඟට ගිහින් දෙන්නත් එපායැ”යි තවදුරටත් කීවාය.

සරත්ට එය නෑසුණා සේය. ඔහු ගොරවන්නට වූයේය. පිඹින්නට වූයේය. දෑත් පහළට දමා දෙකට නැමී ඌරෙකු සේම මළ ඌරා වටා කරකැවෙන්නට වීය.

“රත්නසිරි අයියේ... අනේ ඉක්මනට එන්නෝ... සරත්ට ලෙඩාක්...”යි සරත්ගේ බිරිය නුදුරු කඩේ මිදුලේ සිටි රත්නසිරි දැක කෑ ගැසුවාය. රත්නසිරි ද ඒ දෙස බලා “ඕකට වෙරි...”යි කියා සිනාසුණේය.

“නෑ... නෑ... රත්නසිරි අයියේ ඉක්මනින් එන්නෝ...”යි ඇය නැවත ද කෑ ගැසුවාය. ඒ හඬට සරත්ගේ මව ද එතැනට දුවගෙන ඇවිත් විලාප දෙන්නට වූවාය.

ඇත්තට ම මෙතැන මොකක් හෝ අමුත්තක් සිදුවී ඇතැයි සිතූ රත්නසිරි ද කඩය ළඟ සිටි තවත් කීප දෙනකු ද කැඳවාගෙන එතැනට දිව්වේ ය. මේ වන විට සරත් ඌරෙකු සේ පිඹිමින් ගල් කණු ගොඩැල්ල නගිමින් සුසාන භූමිය දෙසට ගමන් කරමින් සිටියේය. ඉදිරියෙන් ම දුවගෙන ගිය රත්නසිරි සරත් අල්ලා නතර කැර ගැනීම සඳහා ඇඟට අත තබන විටම සරත්ගේ අතට විදුලිසැර වැදුණා සේ පස්සට වීසි වුණේය. රත්නසිරි කල්පනා කළේය. තමන් බෙල්ලත්තර බෝධි සත්ත්ව මාලිගයේදී බන්දවා ගත් පිරිත් නූල දකුණු අතේ ඇත. ඒ ගැන සිතූ ඔහු එහි පවතින බලය ගැන අධිෂ්ඨාන කොට සරත් ගේ බෙල්ලට ම පැන්නේය. සරත් ඉතා නපුරු හඬකින් ගොරවා රත්නසිරිව බිම පෙරළා යට කැර ගත්තේය. රත්නසිරි ද සම්පූර්ණ ජවය යොදා සරත්ගේ ග‍්‍රහණයෙන් මිදුණේය. ඒ සමඟ ම එතැනට පැමිණි අනිකුත් උදවියගේ සහාය ඇතිව සරත් අල්ලා අතපය බැඳ නිවසට ගෙනාවේය. ඉන්පසු පිළිවෙත් ගණනාවක් සිදුකොට සරත් සුවපත් කැර ගත් අතර දැන් ඔහු සතුන් මැරීම, සතුන් එකතු කැර මසට විකිණීම හා කසිප්පු ජාවාරම අතහැර යහපත් ජීවිතයක් ගෙවන බව දැනගන්නට ඇත. පන්සල් යන බව ද ආරංචිය.

එසේ ම මේ ගමට පැමිණ ගවයන් එකතු කැර ගෙන සතියකට ගවයන් 40-50 ක් ලොරි පිටින් මස් මඩුවට ගෙන යන මහා ධනවත් ධර්මසේන මුදලාලි ද දැන් කර්මානුකූල රෝගයකට ගොදුරුව ඇත. ඔහුගේ සිරුර පුරා අඟලක් නෑර හටගත් කුෂ්ටයක් නිසා කසමින්, තොරතෝංචියක් නැතුව කසමින්, විලාප දෙමින් දුක් විඳී. එය මුදල් බලයෙන් සුව කළ නොහැකිව සිටී. මේවා මල් වට්ටියක් පුදා බෝධි පූජාවකින් පමණක් ම සුව කළ නොහැකි බවත්, තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු බවත් ගලිගමුවේ ඤාණදීප හිමියෝ පවසති. තමන් මාස කීපයක් ආරණ්‍යගත වී බණ භාවනා කොට දැඩි වීර්යයක් වෙහෙසක් ගෙන ධ්‍යාන සමාපත්ති වඩා කර්මය ගෙවිය යුතුය. එසේ නැතහොත් දුක් මහන්සි වී, අසාධාරණයෙන් හෝ ඉපැයූ ධනය අලුතින් ආරණ්‍ය සේනාසන ආරම්භ කිරීමට, භාවනා කුටි ඉදිකිරීමට, වෙහෙර විහාර ඉදිකිරීමට, දුප්පතුන්ට නිවාස ඉදිකිරීමට වැනි දෙයට වැය කොට කර්මය ගෙවිය යුතු යැයි ද පැවසූහ.

(මේ සිද්ධී පිළිබඳ තොරතුරු සැපයූ වයි.ආර්.පී. පද්මසිරි මහතාට, සම්පත් අබේවීර මහතාට සහ මතුගම මහින්ද විජේතිලක මහතාට ස්තුතිය)


අංජනම





















ආසාව මිනිස් සිතේ ස්වභාවයකි. පි‍්‍රයමනාප දේ දැකීමට, ඇසීමට, ආඝ‍්‍රාණයට, කෑමට බීමට ඇති කැමැත්තත්, ශරීරයට සුව පහසු පහස ලබා දීමට ඇති කැමැත්තත්, මිනිසුන් අතර පමණක් නොව සතා සිවුපාවා වෙත ද පවතී.

කුහුඹුවන් හා මීමැස්සෝ වැසි කාලයේ ප‍්‍රයෝජන ගැනීම සඳහා ආහාර ගබඩා කැර ගනිති. ඒ හැරෙන්නට කිසිම සතෙක් තමන්ගේ කුසට ප‍්‍රමාණවත් ආහාරයක් අනුභව කරනවාට වඩා තොග රැස් කැර ගැනීමට කටයුතු නොකරයි.

එහෙත් මිනිසා තමන්ට පමණක් නොව තවමත් නූපන් දරු මුණුපුරන් සඳහා ද ධන සම්පත් රැස් කැර ගැනීම සඳහා කටයුතු කරන්නේ කිසි දිනක සෑහීමකට පත් නොවෙමිනි. ආසාව උග‍්‍ර වී දැඩි තණ්හාව බවට පත්වෙමින් වතුපිටි මිල මුදල් රැස් කිරීමට හඹා යති.

එවැනි උත්සාහයක් දැරූ විදේශීය වතු වැවිලිකරුවකු හා ඔහුගෙන් පසු ඊට වෙහෙසුණු අපේ මිනිසුන් කීප දෙනකුගේ කතාවකි මේ.

මේ කතාවේ මුල් කොටසට අවුරුදු දෙසිය ගණනකට සමීප ඉතිහාසයක් ඇත. දෙවැනි කොටසට ඇත්තේ අවුරුදු තිස් පහක පමණ ඉතිහාසයකි.

කතාව මතු වෙන්නේ දෙවැනි කොටසෙනි. එහු කතා නායකයා මගේ මිතුරෙකි. කාලයක් මෙරට ජනපි‍්‍රය ගුප්ත විද්‍යා පත‍්‍රයකට ලිපි සැපැයූ ලේඛකයෙකි. කොයිතරම් මිතුරුකමක් තිබුණත් ඔහු මේ කතාව මා සමඟ කීවේ නැත.

ඒ නිසා ඔහුගේ නම සඳහන් නොකරන්නට වගබලා ගනිමි. ඒ වෙනත් දෙයක් නිසා නොව බැණුම් අහන්නට බැරි නිසාය.

බොහෝ යක්ෂයන් භූතයන් සමඟ පයුරුපාසානයේ යෙදුණු මේ මිත‍්‍රයා මා දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමක සමඟ මේ කතාව කියා තිබිණි. මම එය උන්වහන්සේගෙන් අසා දැන ගත්තෙමි. දැන් අපි කතාවට යමු.

මෙය අදින් සියවස් දෙකකට ආසන්න කාලයෙක බදුල්ල ප‍්‍රදේශයේ සිදුවූවකි. ඔහු විදේශිකයෙකි. සුදු ජාතිකයෙකි. වැවිලිකරුවෙකි.

බදුල්ල ප‍්‍රදේශයේ විශාල වතුයායක තේ වගා කළේය. ඒ යුගයේ මැණික් සඳහා අද මෙන් විශාල ඉල්ලුමක් නොතිබුණත් මැණික්වල වටිනාකම මේ සුද්දා දැන සිටියේය.

තේ වගා කරන අතර හේ මැණික් ගැරවීම ද මැණික් මිලදී ගැනීම ද සිදු කෙළේය. සුළු මුදලක් ගෙවා මැණික් මිල දී ගත් අතර ඔහු ඒවා ලොකු වීදුරු බෝතල් පහක එක්රැස් කළේය.

මේ වතුයාය හරහා ගලා ගිය ඇළක් ද වීය. බංගලාවට එහායින් ගලා ගියමි ඇළට බංගලාවේ හා වත්තේ වතුර ද ගලා ගියේය. මේ ඇළේ ද සුද්දා මැණික් ගැරෙව්වේය.

මේ අතර එංගලන්තයේ ජීවත්වූ ඔහුගේ බිරිය අසනීප වී ඇති බව දැනගන්නට ලැබීම නිසා ඔහුට සිය රට බලා යෑමට සිදුවිය.

ඔහු සියරට යෑමට පෙර ඉතා විශ්වාසවන්ත වූ සේවකයකු ලවා ඇළ අසල වළක් කපා මැණික් බෝතල් පහ එහි තැන්පත් කොට කොන්කී‍්‍රට් දමා වසා දැම්මෙව්වේය.

එකල අද මෙන් නොව ගුවන් යානා ගමනාගමනය ඉතා විරල වූ අතර බහුල වශයෙන් වූයේ නැව් ගමනාගමනයයි.

සුද්දා බිරිය බැලීමට යෑම සඳහා නැව් නැංගේය. එහෙත් නැව ගමන් ආරම්භ කොට දින දෙකක් ගත වන විට මැලේරියාව වැළඳීම නිසා එයින් ම සුද්දා මියගියේය.

බංගලාවේ සිටි විශ්වාසවන්ත සේවකයා ද මැලේරියාව වැළඳී මිය ගියේය. සුද්දා මිය ගියේ මැණික් බෝතල් තුන පිළිබඳ ආශාව තදින් සිත්හි තබාගෙනය.

කෙසේ නමුත් මේ මැණික් නිධානය පිළිබඳව බංගලාවේ සිට මියගිය සේවකයාගේ බිරිය දැන සිටියාය. වතුයාය මැදින් ගලා ගිය ඇළේ දිය පහරේ වේගයෙන් ම කාලයක් ගතව ගියේය.

මේ අතර වරින්වර කීප දෙනකුම මේ මැණික් තොගය ලබා ගැනීම සඳහා මිනිසුන් පවා බිලි දෙමින් කටයුතු කළත් එසේ උත්සාහ කළ අය කුමන හේතුවකින් හෝ මිය ගියා මිසක මැණික් ලබා ගැනීමට නම් නොහැකි විය.

එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය මේ රටේ ගුප්ත විද්‍යා පුවත්පත් ඉතා ජනපි‍්‍රය වූ යුගයක් විය. අපේ මිත‍්‍රයා ද ගුප්ත විද්‍යාධරයන් සමඟ නොයෙකුත් ගවේෂණ සිදු කළේය. අත්හදා බැලීම් කළේය.

මේ අතර බදුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් හතර දෙනෙක් අපේ මිත‍්‍රයා සොයා ගෙන ආවෝය. දසකන් මන්ත‍්‍රණයක් රහසේ පැවැත්විණි. වැඩේ සාර්ථක වුණොත් අපේ මිත‍්‍රයාට ලැබෙන මැණික් කොටස ද සුළුපටු නොවීය.

ඒ කොටස මැණික් බෝතල් පහෙන් එකකි. ඔහු ද ඔවුන් සමඟ වාචික ගිවිසුමකට එළැඹියේය. මේ භාරදූර කාර්යය සඳහා මූලික වියදම් පිණිස සෑහෙන මුදලක් ද ලැබුණේය.

අපේ මිත‍්‍රයා ළඟ බලවත් අඳුනක් වීය. එය ඔහුට නොපෙනුණු අතර වෙනත් කෙනකුට හොඳින් පෙනුණේය. බදුල්ලේ වත්තේ නිධානය අසලින් පස් ටිකක් ගෙන්වා අවශ්‍ය පුද පූජා පවත්වා අඳුන බැලෙව්වේය.

ගලා යන ඇළ පාරක්, ඒ අසල දෙල් ගසක්, අඩි පහක් යට මැණික් බෝතල් පහක්, රැවුල වවා ගත් සුද්දෙක් ලන්තෑරුමක් අතින් ගෙන නපුරු බැල්මකින් යුතුව එතැන සිටිනා බවත්, මිනිසකු බිල්ලට දිය යුතු බවත් අඳුන බැලු අය පැවසුවේය. අඳුන බැලූ පුද්ගලයා කොයි තරම් බියට පත් වූයේ ද යත්.

“අනේ මහත්තයෝ මීට පස්සේ නම් මම අඳුන බලන්නෙත් නෑ. මට අඳුන බලන්න අඬ ගහන්නත් එපා” යැයි කියා යන්න ගියේය.

මේ වන විට අපේ මිත‍්‍රයා ගුප්ත විද්‍යා ගවේෂණ සඳහා මලයාලම් ඇදුරකු හා මිත‍්‍ර වී සිටියේය. ඔහුට කර්ණමුණ්ඩ බලයෙන් භූතයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිණි.

මේ දෙදෙනා ඒ වන විටත් පාළුවට ගොස් තිබුණු වතු බංගලාවට ගොස් වැඩ කටයුතු ආරම්භ කළහ. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පහසුකම් සැපයීම වැඩය බාරදුන් හතර දෙනා අතින් සිදුවීය.

මෙය ඉතා බාරදූර කාර්යයක් බැවින් මාසයක් පමණ ජීවම් කිරීම් කටයුතුවලට ගත වන බව ද ප‍්‍රකාශ වීය. මේ මැණික් නිධානයට අරක් ගත් යක්ෂයා මිනී බිල්ලක් ඉල්ලා සිටි අතර, මිනී මරන්නට නොහැකි බවත්, ඒ සඳහා ලේ පයින්ට් නවයක් දීමට යක්ෂයා සමඟ ගිවිස ගත්තේය.

එය මුදලක් දී ලේ බැංකුවෙන් ලබා ගැනීමට රෝහල් සේවකයකු ද කැමති කරවා ගත්තේය.

දැන් අපේ මිත‍්‍රයාත් මලයාලම් ඇදුරාත් පාළු බංගලාවේ සිට රහසිගතව ජීවම් කටයුතු කැර ගෙන යති.

ඔවුන් දහවල් නාන්නට ගියේ ද ඇළේ මැණික් නිධානය තිබු ස්ථානය අසලට ම ය. දැන් අපේ මිත‍්‍රයා ගේ කල්පනාව මැණික් නිධානය රැගෙන මලයාලම්කරු සමඟ අනිත් හතර දෙනාට හොරෙන් පලා යෑමට ය.

දිනක් මේ දෙදෙනා දහවල් නාන්නට ගියේය. මලයාලම්කරු ගලක් උඩ හිඳ ගෙන සිටියේය. අපේ මිත‍්‍රයා ඉක්මණින් ම නාන්නට පටන් ගත්තේ ය.

දිය යට ගිය මිත‍්‍රයා දියෙන් උඩට ඇවිත් බලන විට මලයාලම්කරු විකෘති වී අමුතු ස්වභාවයක් ගෙන සිටියේය.

“අයිෂෙ, මොකද? කරන්නේ. ඕයි නානවනං නානවා. තමුසෙලා සැප ගන්න ද ඇවිත් ඉන්නේ” යි හදිසියේ ම කැලෙන් මතු වූ අර හතර දෙනාගෙන් එකෙක් ඇසුවේය.

පෙරදී “මහත්තයා, මහත්තයා” යැයි කතා කළ ඔවුන් කතා කරන්නේ ද “ඕයි, අයිෂේ, තමුසේ” ආදී වශයෙනි. මේ වන විට අස්වභාවික ස්වරූපයක් ගෙන සිටි මලයාලම්කරු හූ තියාගෙන ගලෙන් පහළට වැටුණේය.

ඔහුට සාත්තු සප්පායම් කොට සිහිය ආ පසුව අනිත් පස්දෙනා ඔහු බංගලාවට ගෙන ගියහ.

තමාගේ තුනටියේ ඇටයක් පුපුරා ඇති බවත්, දැන් නැගිටින්නට තබා හෙල්ලෙන්නටවත් නොහැකි බවත් මලයාලම්කරු පැවසුවේය. ගමේ හතර දෙනා ඔහුට සිංහල වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබා දීමට සූදානම් වන විට එය නුසුදුසු බවත්, එසේ කළොත් මේ රහස පවා හෙළිදරව් විය හැකි බවත්, තමන්ට පුරුදු වී ඇත්තේ ද ඉංගී‍්‍රසි බෙහෙත් බවත්, ආබාධිතයා පැවසූ බැවින් ඔහු රෝහල් ගත කළේය. මලයාලම්කරුගේ සාත්තුවට නතරවීමට අපේ මිත‍්‍රයාට සිදුවීය.

අනිත් හතර දෙනා මේ දෙදෙනාට අවශ්‍ය පහසුකම්, ආහාරපාන සපයා දී නැවත හෙට උදෙන් ම එන බව පවසා පිටත්ව ගියහ.

රෝගියා රෝහලට ඇතුළත් කොට පැය කීපයක් ගතවුණත් තවමත් ප‍්‍රතිකාරයක් නැත.

අභ්‍යන්තර බිඳීමක් නිසා වෛද්‍යවරු පරීක්ෂණ කරන්නේ ;හට උදේය. ඒත් රෝගියාගේ කෙඳිරි ගෑම නම් ටිකක් අඩුවී තිබීම සාත්තුකාරයාගේ හිතට තරමක සහනයක් වීය.

අපේ මිත‍්‍රයා මේ ගමන ආවේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. අවශ්‍ය ප‍්‍රධාන කාර්යභාරය සඳහා කැඳවාගෙන ආ ඇදුරාගේ කොන්ද බිඳී ඇත.

මේකත් භූතයන්ගේ ම වැඩක් ද? මැණික් නිධානය ගැනීම වළක්වාලීම සඳහා කළ දෙයක්ද? එහෙම වුණොත් මේ තරම් දවස් මහන්සිවීම වතුරේ යාවිද? මැණික් බෝතල් පහක්. පරම්පරා දහයකටත් ඇති. ඒත් ඉතින්? ඔහුගේ ඔළුව යකාගේ කම්මල වැනිය.

රාති‍්‍ර නවයට පමණ මලයාලම්කරු ඇඳෙන් නැගිට්ටේය. තමන්ගේ ඔලගුව සකස් කැර ගත්තේය.

“මොනවා? තමුසෙට ඉබේම සනීප වුණාද? හෙල්ලෙන්න බෑ කියලා අපේ කරපිටින් ආ මිනිහා දැන් නැගිටලා. මොකක්ද තමුසෙට වුණේ?” අපේ මිත‍්‍රයා ඇසීය.

“මටනම් මොනවත් වුණේ නෑ. මහත්තයාට වෙන්න තිබුණු දේ මම යන්තම් ගලෙන් ලිස්සලා බේර ගත්තා.

මහත්තයා මීට පස්සේ නම් ඔය වගේ වැඩ බාර ගන්න එහෙම එපා. මම නම් එන්නේ නෑ” යි ඇදුරා කීවේය.

“ඇයි? ඇයි? මොකක්ද වුණේ?”

“මහත්තයා දවල් නාන කොට අර හතර දෙනා කැලේ ඉඳල මතු වුණේ පිස්තෝල හතරකුත් අතේ තියා ගෙන. මම දැනගත්තා මේ අය එන්නේ මහත්තයා මරලා මට කියලා නිධානෙ අරගන්න. ඊට පස්සෙ මාව මරා දානවාට කිසිම සැකයක් නෑ.

දැන් නිධානය ගත්තත් ඔය මිනිස්සු අපි දෙන්නව මරනවා. නොගත්තත් මරනවා. මහත්තයා තණ්හාවෙන් අන්ධ වුණාම උන්ට හොඳ නරක පේන්නේ නෑ. මහත්තයට මේ අනතුර නොපෙනුණෙත් ඔය තණ්හාව නිසාමයි. ඔය මැණික්වලට වඩා ජීවිතේ වටිනවා.

ඒකයි මම ගලෙන් ලිස්සලා වැටිලා තුනටිය බිඳුණා කීවේ එතැනින් මහත්තයත් බේරාගන්න ඕනැ නිසයි. දැන් හෙමින් සැරේ මේ ඉස්පිරිතාලෙන් පැනලා යමු යන්න. පයින් ගියත් එළිවෙන කොට හැතැප්ම දහයක් පහළොවක් යා ගන්න පුළුවන්” කියමින් මලයාලම්කරු වටපිට බැලුවේය.

රෝහල් සේවකයන් පෙනෙන තෙක් මානයක නැත. අනිකුත් රෝගීන් ගොරව ගොරවා නින්දේය. ඔහු වාට්ටුවෙන් පිටවූයේය.

අඩියට දෙකට මහ පාරට පැන ගත්තේය. ඔහු අනුගමනය කරනවා හැරෙන්නට අපේ මිත‍්‍රයාට ද වෙනත් කළ හැකි දෙයක් නොවීය.

“තන්හාය ජායතී ශෝකෝ. තණ්හාය ජායතීය භයං” අර හතර දෙනාට අහුවුණොත් බේරී පලා යන්නට ද නොලැබෙනු ඇත.

අඳුර මැදින් දෙදෙනෙක් ජීවිතය සොයා ඉක්මන් පියවර තැබූහ.

උදෙන්ම ගියා අස්පයො අල්ලන්න.

අද උදෙන්ම ගියා ආයුබෝං, අස්සයෝ අල්ලන්න.
ඈ............!!!
අස්සයෝ අල්ලන්න කිව්වම ඉතින්, මොනවත් හිතන්න එපා ආයුබෝං...
හොඳයි මං පැහැදිළි කරංඤ්ඤංකො එහෙනං

මං ගියේ චන්ද පොලට,
ඒකත් ඉතින් අස්ප රේස් එකක්ම නොවැ,
ඉතින් මං ගොහින් පෝලිමේ හිටං හිටියා නොවැ,
ඔන්න මගේ වාරෙත් ආවා.
හොඳයි පුතෝ දෙඤ්ඤං බැටේ කියලා මමත් චන්ද කොළයක් ඉල්ලා හිටියා.
ඔන්න එකපාරටම එතන හිටපු මිසී කෙනෙක් මගේ පෙළපත් නාමේ මහ හයියෙන් කෑගහලා කියපි.
ඕක ඉතිං මහ පරසිද්ධියේ කියන්ට ඕනෑයැ,
අනිත් මහත්තයා දික්කරපු චන්ද කොලෙත් උදුරලා අරගෙන,
මමත් ඉතින් එතනින් සුරුස් ගාලා අඩියට දෙකට පැනගත්තා.
ගියා අර හතර වටින් වහපු පෙට්ටිය අස්සට,
ගත්තා චන්ද කොලේ,
ගැහුවා අපට එපා කියලා කතිරයක්.
ඊට පස්සේ හොඳ ජොකියො තුන්දෙනෙක් බලලා ඇල්ලූවා ඔට්ටුවක්,
අනේ මන්ද ඉතින් හෙට තමයි මං ඔට්ටු අල්ලපු අස්පයො දිනලද කියලා බලන්ට වෙන්නේ.

හැබැයි ඉතිං දිනපුවම අස්පයින්ට අං එයිද මන්දා...!!!