සුමුදු සීත පවන්සලන
වසන්තයේ උදෑසනක
උයන් කොනේ හුදකලාව
බලා සිටින්නී
කුඩා දේවිකා
රන්වන් පත් ගැලවීලා
ගහකොළ සුළඟට නැවිලා
විහිදී යනවා විසිරී යනවා
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා
ගස්වැල්වල කොළ
ගැලවී බිමට වැටෙන්නේ
වැටෙන වැටෙන කොට
හැම තැන විසිරී යන්නේ
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා
ගායනය – තනුව හා සංගීතය එඩ්මන් වික්‍රමසේකර
කුඩා දේවිකා උපත ලැබුවේ ලන්ඩනයේ දී ය. 1972 උපත ලද ඇය මුලින් ම කරළියට පැමිණියේ බී.බී.සී. සන්දේශයෙනි.
එතැන් සිට දශක හතරක ට කිට්ටු කාලයක් පුරා ඇය සුවහසක් ගීත රසිකයන් සනසවන්නී ය.
සුමුදු සීත සුළං රැල්ලට හසුවී බිමට වැටෙන ගස්වැල්වල කොළ විසිරී යන අයුරු ඇය බලාසිටින්නී කොතරම් ආශාවෙන් ද?
උදෑසනම වියළී ගිය කොළ බිමට වැටී විසිරී යන්නේ ජීවිතයේ අනියත බව පසක් කරමින්ද?
එහි පදමාලාව බොහෝ වෙනස්ය. සංගීතය ද අනෙක් බොහෝ ගීතවලට වඩා වෙනස් ය.
මේ වෙසෙසි ගීතය පිළිබඳව මා මුලින් ම විමැසූයේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කරමින් ගායනා කළ එඩ්මන් වික්‍රමසූරිය ගෙනි.
ඒ කාලේ බී.බී.සී.යේ ‘සන්දේශය’ සිංහල වැඩසටහන කළේ ඔහුයි. මට මතකයි මං දවසක් ‘සන්දේශය’ විවිධ ප්‍රසංගයක ට සහභාගී වුණා.
ඒ BBC Bush House ශාලාවේදී. එහිදී මහාචාර්යතුමා තමයි ලන්ඩනයේදී ස්ටීරියෝ ක්‍රමයට ගීත කීපයක් තැටිගත කිරීමේ අදහස ඉදිරිපත් කළේ.
මාත් ඒ වනවිට සංගීතය හදාරා සංගීතය ගැන දැනුමකුත්, ඒ වගේ ම, ලන්ඩනයේ දී ස්ටීරියෝ තැටිගත කිරීම් පිළිබඳ වැඩමුළුවලටත් සහභාගි වී ඒ ගැන දැනුමකුත් ලබාගෙනයි සිටියේ.
ඒ අනුව එතුමා මට ලියා දුන් ගීතය තමයි මේ. මෙහි පදමාලාව මගේ හිතට ඇල්ලුවා. ගීතය නැවත නැවතත් කියවද්දී මගේ හිතේ එක්තරා චිත්‍රයක් මැවුණා.
ලන්ඩනයේ වසන්තය අවසානයේ එක් සීතල උදෑසනක උද්‍යානය කෙළවර බංකුවක වාඩිගෙන සුළඟට වැටී ගසාගෙන යන කොළ දෙස බලාගෙන සිටින දැරියකගේ චිත්රයකි ඒ.
මම මෙසේ හදන හදන තනුව වෙනස්කම් සහිතව මහාචාර්ය තුමාටත් අසන්නට සලස්වමිනුයි අවසාන නිර්මාණය කළේ. මහාචාර්ය තුමාත් ඉන් සෑහීමට පත්වුණා.
එසේ හැදෑරූ රාගධාරී සංගීතය මගේ ගායනා දිවියට ඉතා රුකුලක් වුණා.
පටිගත කළ තාක්ෂණ ශිල්පියා එවකට බි්රතාන්යයේ සිටි දක්ෂ පටිගත කිරීමේ ශිල්පියකු වන ස්ටීව් වේඩ් (Steve Wade) මහතා ය.
ඔහු මා කිසි දවසක දැක තිබුණේ නැහැ. මා මෑතකදී මේ ගීතය අඩංගු සී.ඩී.තැටියක් නිකුත් කරන උලෙළට ඔහුට ආරාධනා කළා.
සතුටින් ඒ ආරාධනාව පිළිගත් ඔහු එදා මා මුල් වරට දැන හඳුනාගෙන අපමණ සතුට පත්වුණා. මම එදා හරිම සතුටට පත්වුණා.
වසන්තයේ අවසාන සමය ඇය බලාගෙන හිටියේ ගස්වල කොළ සුළඟට වැටී විසිරී පාවී යන අයුරුයි. මේ දරුවාගේ දර්ශනය මගේ සිත සසල කළා. මට එකපාරට ම මතක් වුණේ Gerald Marid Hopekins නම් කවියාගේ කවියක්.
එය රසවින්ද ඔහු ඉන් පද කීපයක් ගෙන මේ ගීතය බොහොම අපූරුවට නිර්මාණය කළා.
අපිට එංගලන්තයේ දක්ෂ වාදකයින් සිටියා. බි්රතාන්ය ජාතිකයන් හොඳ දක්ෂ වාදකයින්. සංගීතය විශ්ව භාෂාවක්නෙ.
ඒ කාලෙ මේ ගීතය වගේ ම එහේදි පටිගත කළ අනිත් ගීතත් බීබීසී සිංහල හා හින්දි සේවාවන්හි නිතර ම ප්‍රචාරය වෙනවා.
ඒ කාලෙ එංගලන්තයේ හිටි එච්.ඇම්.ගුණසේකර, තිලක සුදර්මන්, බර්ටි ගලහිටියාව, මේ ගීතය බොහෝ අගය කළා. ඔවුන් ලංකාවේ දී මේ ගීතය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය කළා.
මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් මේ ගීතය අගය කළා. “හරි අපූරු ගීතයක්නෙ’ එතුමා වරක් කීවා.