අමරණීය සිරකරු

අමරණීය සිරකරු

වසර ගණාවකට පසූ කුටියෙන් පිටත මහා වර්ෂාවක් වැටෙන හඬ ස්ටීවන්සන්ට ඇසේ.

කෙතරම් කාලයකට පස්සේ ද වර්ෂාවක් වැටෙන්නේ. වර්ෂාව කියන්නේ පාථිවියේ දී අත්දකින ස්වභාවික ක්‍රියාවලියක්. ජෝන් ජීවත්ව සිටියා නම් සමහර විට ඔහූටත් අද පළමූ වතාවට වර්ෂාවේ හඬවත් අසන්නට තිබූණා.

"ඒත්... ඒත්. මගේ දැනූම... මේ විද්‍යාව... ජෝන්ව මගෙන් ඈත් කළා..."

වැහි බිඳු පොළෙවට වැටෙන හඬ අසමින් වර්ෂාවක් ඇද හැලෙන අයූරු සිතෙහි මවා ගැනීමට ස්ටීවන්සන් උත්සහ කළේ ය. විද්‍යාව මෙතරම් දියූණූ නො වූනා නම් තමාට මෙවැනි ඉරණමක් අත් නොවෙනූ ඇතැයි ඔහූ සූසූම් ලෑවේ ය.

විශාල යකඩ දොරක් සහ උස් බිත්තිවලින් නිමවා තිබූ ඔහූ ගේ කුටියට මද ආලෝකයක් හෝ වැටූණේ බිත්තියක ඉතා ඉහළින් පිහිටි කුඩා කවූළුවකිනි. බිත්තිවල තැනින් තැන සවි කළ කුඩා නල හතරකින් ඔහූ ගේ කුටියට වාතය සැපයිනි. මෙලෙස ජිවත් කරවනවා වෙනූවට ඔවූන් තමාවත් මරණයට පත් කළේ නම් කෙතරම් සහනයක් දැයි ඔහූ නිතර කල්පනා කළේ ය.

ස්ටීවන්සන් කල්පනා ලොවෙන් එළියට ආවේ ඔහූ ගේ කුටියේ දොර විශාල ශබ්දයක් නගමින් විවර වෙනූ ඇසීමෙනි. අද ඔහූට දිවා ආහාරය

රැගෙන පැමිණ සිටියේ නෝවා නම් අඟහරු වැසියා විසිනි.

"අද ඔබට වෙනදාට කලික් උදෑසන ආහාරය ලැබෙනවා. ඉක්මනින් ආහාර ගෙන සූදානම් වෙනවා. අද ඔබව පරීකෂණ කටයූතු සඳහා යොදාගන්න අපි තීරණය කළා.

අද පරීකෂණය බොහෝ ම වැදගත්. එය සාර්ථක වූනොත් පෘථිවි වැසියනූත් අමරණීය කරන්න අපට හැකි වේවි.

කොහොමත්... ඉතිරි වෙලා ඉන්න පෘථිවි වැසියන් හතර දෙනා අපිට බොහෝම මහන්සියෙන් ආරකෂා කරගන්න වෙනවා. අපේ ඉදිරි පරම්පරාවටත් දැක බලාගන්න.

හහ්... හහ්... හග්... හා...."

නෝවා නම් අඟහරු වැසියා ගේ වියරු සිනහවෙන් ස්ටීවන්සන් මහත් සේ කැලඹිණි.

"අමරණීය කරවන්න... මාව අමරණීය කරවන්න... මට මෙයින් ගැලවීමක් නැද් ද? මේ සිරකුටියේ සදාකාලිකව සිරිවී ඉන්න..." ස්ටීවන්සන්ට තමා පිළිබඳව ආත්මානූකම්පාවත් ඇති විය.

ස්ටීවන්සන් වූ කලී විද්‍යාව පිළිබඳ කෙෂ්ත්‍ර ගණනාවකම පූළුල් දැනූම් සම්භාරය හිමි කාරයෙකි. එකල පෘථිවි වැසියන් විසින් සෞරග්‍රහ මණ්ලඩයේ ජීවය සොයා දියත් කළ මෙහෙයූම් රාශියකම ප්‍රධානියා ලෙස කටයූතු කළේ ග්‍රොරි ස්ටීවන්සන් ය. ජාන ඉංජිනේරු තාකෂණයේ හසල දැනූමක් ද ඇති ස්ටීවන්සන් පෘථිවි වැසියන් ගේ ඉතිහාසයට අඟහරු මත පය තැබූ ප්‍රථම පෘථිවි වැසියා ලෙසට එක්ව සිටී.

වයස අවූරුදු 20 පමණ වූ ග්‍රොරි ස්ටීවන්සන් ඇතුළු පිරිස සහිත ඟූූ ඊඊ යානාව අඟහරු මත ගොඩ බැස්වූයේ මීට වසර 22 පමණ පෙර ය. ස්ටිවන්සන් ඇතුළු පිරිසෙහි ජයග්‍රහණය පිළිබඳ පෘථිවි වැසියන් බොහෝ සේ සතුටූ විය. එම සිදු වීම විද්‍යාවේ නව පිටූවක් පෙරලීමක් බඳු යයි විශ්වාස කළ හ.

ඟූූ ඊඊ යානය ගොඩ බැස් වූ අඟහරු ගේ පෘෂ්ටය අධික ශීතල සහිත විය. එහි උෂ්ණත්වය ජ් 20 0ක පමණ විය. අයිස්වලින් වැසීගිය අඟහරු මත දී ඒ සඳහා ම විශේෂයෙන් සකසන ලද උණූසූම් කාරක සහිත ඇගලූම් සහ ආහාර පාන ආදිය භාවිතා කිරීමට ස්ටීවන්සන් ඇතුළු පෘථිවි වැසියන්ට සිදු විය. අඟහරු මත කිසිඳු ජීවියෙකු සොයා ගැනීමට නොහැකි වූවත්, මානව ඉතිහාසයේ මහා පෙරළියක් ඇති කළ අඟහරු පෘෂ්ටයේ අයිස් තටිටූ තුළ සැඟ ව තිබූ අඟහරු ජීවියෙකු ගේ වසර 30,000 පමණ වයස් වූ පොසිලයක් සොයා ගැනීමට ස්ටීවන්සන් ඇතුළු පිරිසට හැකි විය. එම සොයාගැනීම මානව සංහතිය විනාශයකට ඇද දමන බව ස්ටීවන්සන් කිසිවිටකත් සිතන්නට නැත.

පොසිලය බොහෝ සේ පෘථිවි ජීවියෙකුට සමාන වූවත් සාපේකෂව තුන් ගුණයක් පමණ විශාල හිසක් එය සතු විය. මීටර 2 පමණ වූ ජීවියා ගේ අත් සහ පාදවල ඇඟිලි 4 බැගින් විය. එම රැළි වැටූණූ ගොරොසූ පෘෂ්ටයක් විය. රැළි සහිත බව හේතුවෙන් විශාල පෘෂ්ට වර්ග ඵලයක් සහිත සමක් ඔහූට විය. සූර්ය ශක්තිය ආධාරයෙන් ඔවූන් තම ශක්ති අවශ්‍යතා සපූරා ගන්නට ඇතිබව විද්‍යාඥයින් උපකල්පනය කළ හ.

දියූණූවේ හිනිපෙත්තට නැගී තිබූණූ ජාන ඉංජිනේරු තාකෂණයේ මහිමයෙන් පොසිලයේ ජාන රටාව ලබා ගනිමින් එහි ජීවි පිටපතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි විය. ස්ටීවන්සන් එම අඟහරු ජිවියා "මාෂ්න්" ලෙස නම් කළේ ය. විවිධ රටවල පර්යේෂණ කටයූතු සඳහා මූලින් ම විශාල මූදලකට මාෂ්න්ගෙන් ලබාගත් පිටපත් අලෙවි විය.

වඩාත් ශක්තිමත් සහ බූද්ධිමත් ජීවී විශේෂයක් වූ අඟහරු ජීවීන්, එකල කර්මාන්තශාලා සහ නිවෙස්වල භාවිතා කළ රොබෝවරුන් වෙනූවට යොදා ගැනීමට පෘථිවි වාසින් පෙළැඹිණි. අඟහරු ජීවීන් ගහනය කෙමෙන් කෙමෙන් විශාල විය. ඔවූන් ගේ ඉතා කුඩා වූ ශක්ති අවශ්‍යතාවයන් සූර්ය ශක්තිය අවශෝෂණයෙන් සපූරා ගත් හ. කාර්මීකරණය හේතුවෙන් පෘථිවි පෘෂ්ටයේ ඉහළ ගොස් තිබූ 40ඡ ක පමණ වූ උෂ්ණත්වය අඟහරු ජීවීන් ගේ පරිවෘත්තිය ක්‍රියාවලිය සඳහා ප්‍රශස්ථ විය. ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබූ පෘථිවි වායූගෝලයේ ඡඔ2 සාන්ද්‍රනය ඔවූන් ගේ ස්වසනය වැනි අපවෘත්තිය ක්‍රියාවලීන්ට ප්‍රශස්ථ මටිටමක විය.

මේ අහිතකර පරිසර තත්ත්වය යටතේ කෘතිම ලෙස සකසාගත් පරිසරයක ජීවත් වූ පෘථිවි වැසියන් හට තවදුරටත් අඟහරු වැසියන් යටත් කොට තබාගත නොහැකි විය. අඟහරු ජීවීන් තම අයිතීන් උදෙසා පෘථිවි වැසියන් යටත් කර ගැනීමට සටන් දියත් කළ හ. දුර්වල පෘථිවි වැසියන් සටන්වල දී වැඩි වශයෙන් මිය ගිය හ.

අඟහරු ජීවීන් ඔවූන් ගේ විශිෂ්ඨ වූ බූද්ධි මහිමයෙන් සහ ඔවූන් ගේ ම ආවේණික තාකෂණික දැනූමකින් නිර්මිත අවි ආයූධවලින් සහ පාථිවිය මත දී ස්වභාවික වරණයෙන් උචිතයන් ලෙසට පත් වීමෙන් ඇති කරගත් වාසිත් සමග වසර 10 ක් වැනි කෙටි කලක දී පෘථිවි ජීවීන් අතලොස්සක් හැරෙන්නට ඉතිරිය විනාශ කර පෘථිවිය මත තම ප්‍රමූඛතාවය තහවූරු කර ගත් හ.

පෘථිවිය මත පිහිට වූ අඟහරු රාජධානියේ නායකයා වූයේ මාෂ්න් ය. තම ජීවීන් නැවත ලොවට දායාද කළ ස්ටීවන්සන්ට ප්‍රති උපකාර කිරීමට ඔහූ අමතක නො කළත් විද්‍යාවේ දියූණූවත්, තම අඟහරු ගවේෂණය ගැනත් උදම් අනමින් ලොව පූරා දේශණ පවත්වමින් සහ මාෂ්න් ගේ පිටපත් අලෙවිකිරීමෙන් රජයට ලැබූණූ මූදලෙන් විශාල කොටසක් හිමිව සිටී ස්ටීවන්සන් පෘථිවි වාසින් අතර ඉහළ පෙලේ ධනවතෙකු විය. නමූත් ස්ටීවන්සන් නිසි ලෙසකත් බලාපොරොත්තු නො වූ අයූරින් මාෂ්න් ඔහූව ද අඟහරු පාලනයේ සිරකරුවෙක් ලෙස රඳවා තබා ගැනීමට කටයූතු කළේ ය.

එලෙස රදවාගත් පාථිවි ජීවීන් සයදෙනෙකුගෙන් මේ වන විට ඉතිරිව සිටියේ ස්ටීවන්සන් ඇතුළු තව තිදෙනක් පමණි.

ශක්තිමත් සහ බූද්ධිමත් වූ අඟහරු ජීවීන් ගේ විවිධ වූ පර්යේෂණ කටයූතුවල අත්හදා බැලීම් සඳහා නිරන්තරයෙන් පාථිවි ජීවීන් යොදාගනූ ලැබිණ. එවැනි අත්හදා බැලීමක දී සිදු වූ අත් වැරැද්දකින් තම එකම පූතු ජෝන් තමාට අහිමි වූ සැටිත් තමා ඇතුළු ජීවීන් මහත් උද්දාමයට පත් කළ මාෂ්න් නම් වූ විද්‍යාවේ පෙරළිකාර සොයා ගැනීමටත් ස්ටීවන්සන් ශාප කළේ ය.

අතීතය මෙනෙහෙි කිරීමෙන් අවූල් වූ සිතිවිලිවලින් යූතු ඔහූ කුටිය දෙවනත් වනතුරු කෝපයෙන් මූරගෑමට පටන් ගත්තේ ය.

කෲර අඟහරු වැසියා... ඇයි මට වැටහූනේ නැත්තේ නූඹ අපට දවසක මේ ඉරණම අත් කරවන බව... අයි මම විශ්වාස කලේ නූඹලාට වඩා පාථිවි වැසියන් ශක්තිමත්... බූද්ධිමත් කියා...? ඇයි මම විශ්වාස කළේ විද්‍යාව අපට කරන්නේ උපකාරයක් පමණයි කියා...

විද්‍යාවේ දියූණූවේ අනිටූ ඵල විපාක අද අපට විඳින්න වෙලා... ජෝන් මගේ පූතා... ජෝන් බොහෝ වේලාවක් කෑ ගසමින් සිටීමෙන් වෙහෙසට පත් මහාචාර්යවරයා කුටියෙන් පිටත ඇදහැළුනූ වර්ෂාවේ හඬට සවන් දෙන්නට විය.

වසර 15 න් පමණ පසූ ඇදහැළුනූ වර්ෂාව නැවතී ඇති සෙයකි.

"අදින් පස්සේ තව වසර කීපයකින් වර්ෂාවක් ඇදහැළුනත් මට එය ඇසේවි""

"මම අද පටන් අමරණීය වෙනවලූ, මේ සිරකුටිය තුළ මේ අඳුර තුළ අමරණීය සිරකරුවෙක් වෙනවා...

පෘථිවි ජීවීන් උදම් ඇනූ විද්‍යාවේ අප්‍රමාණ දියූණූවේ ප්‍රතිවිපාක විදීමට අමරණීය සිරකරුවෙක්.

හහ්... හහ්... හහ්... හා..."

ස්ටීවන්සන් උමතුවෙන් මෙන් කෑ ගසමින් නැවතත් සිනාසීමට පටන් ගත්තේ ය.

0 comments:

Post a Comment