පක්‍ෂි දේශපාලනය පිටු දකිමු

පක්‍ෂි දේශපාලනය පිටු දකිමුසුදු රෙද්දෙන් සැරසී ප‍්‍රසිද්ධියේ උපාසක චරිතවල නියැලෙමින් හොර රහසේ වංචා දූෂණ කොමිස් ගැහිලි පගා ගැහිලි ප‍්‍රචන්ඩ ක‍්‍රියා මැර ක‍්‍රියා ආදිය සිදුකොට ජනතා නායකත්වය සොයා යාම වනාහී
සුදු රෙදි හොරුන්ගේ දේශපාලනයයි


ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත්ව කොතෙකුත් අක‍්‍රමිකතා ඔස්සේ කෝටි ගනන් මුදල් උපයමින් ඉන් ඇබිත්තක් පන්සලකට පූජා කොට සියලූ පව් වසා ගැනීම සඳහා කහ කුරුල්ලෙකු සේ නිතර නිතර පන්සලේ සැරිසරමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
කහ කුරුලූ දේශපාලනයයි



යුද්ධයට එරෙහිව හඩ නගන බව පෙන්වා ඊනියා සාම ව්‍යාපෘති ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් උපයා ගැනිමේ අරමුනින් අපේ සංස්කෘතිය සදාචාරය විනාශ කොට
ජනතා නායකත්වය සොයා යාම වනාහී
සුදු පරෙවි දේශපාලනයයි


කඳක් දුටු තැන කොටන්නට මාන බලමින් තමන් සතු සියලූ බලපුල්වන්කාරකම භාවිතා කොට කඳෙන් කඳට කොට කොටා මාරුවෙමින් කඳන් පසුපස හඹා යාම සඳහාම
ජනතා නායකත්වය සොයා යාම වනාහී
කොට්ටෝරු දේශපාලනයයි


තමන් බලයට පත්කළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීම තබා ඇහුම් කන් දීමටවත් ඉඩක් නොදී තොරතෝංචියක් නැතිව තමාගේ අනාගත සැලසුම් පිළිබඳව පුරාජේරු ගොන්නක් ඇද බාමින් ගජබින්නාලංකාරය වදාරමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
ගිරාපෝතක දේශපාලනයයි


පොදු ජනතාවගේ ප‍්‍රශ්න හමුවේ ඔවුන් අහන සියලූ දේ සඳහා හ්ම් හ්ම් යනුවෙන් පවසමින් ජනතාවට සහනයක් නොදෙමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
බකමූනු දේශපාලනයයි


තමා හමුවට පැමිණෙන ජනතා ප‍්‍රශ්න හමුවේ ඒවාට විශ්ලේෂනාත්මක විසඳුම් සොයනවා වෙනුවට කෑදරකම එකම පොදු ප‍්‍රතිපත්තිය කර ගනිමින්
ජනතා නායකත්වය සොයා යාම වනාහී
ගිජුලිහිණි දේශපාලනයයි

අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group

4 comments:

Narada said...

යුද්ධය දෙසා බාමින් යුද්ධය පෙන්න පෙන්නා ඊට සහයෝගයක් වශයෙන් ජන්ද ඉලන්න වු අයට කිව යුත්තේ කේසේද?

මැර වැර කරමින් මැර වැඩක් කල අනුන්ට ඇඟිලි පෙන්නමින් අපහාසාත්මක ජන්ද කඩා ගැනිමක් කිරිම නැණවත්ද? ඔවුන් කවුද?

ජන්ද කාලවලදී රාජ්‍ය වහාන වලට විවේකයක් නොදෙන ජන්ද පෙට්ටි වලට වැඩි බරක්කුත් මිනිහෙකුට වැඩි පත්‍රිකා ප්‍රමාණයකුත් දෙන ජන්දදායකයාට තර්ජන ගර්ජන කරන දේශපාලනය කුමක්ද?

(මේ දේශපාලයට රටේ සියළුම පක්ෂ පාහේ ඇතුලත් බව සලකනු මැනැවි.)

නියම ලිපියක්, සුභ පැතුම්!

ශාකුන්තල | Shaakunthala said...

:D

said...

ඔක්කොම අයිති වෙන්නේ මේ ගොඩට තමා

රයිගමයා said...

බිංකු

යුද්ධය දෙසා බාමින් යුද්ධය පෙන්න පෙන්නා ඊට සහයෝගයක් වශයෙන් ජන්ද ඉලන්න වු අයට කිව යුත්තේ කේසේද?

"හිඟන්නාගේ තුවාල දේශපාලනය"


මැර වැර කරමින් මැර වැඩක් කල අනුන්ට ඇඟිලි පෙන්නමින් අපහාසාත්මක ජන්ද කඩා ගැනිමක් කිරිම නැණවත්ද? ඔවුන් කවුද?

"ඔටුන්න ලකුණ දරණ දේශපාලනය"

ජන්ද කාලවලදී රාජ්‍ය වහාන වලට විවේකයක් නොදෙන ජන්ද පෙට්ටි වලට වැඩි බරක්කුත් මිනිහෙකුට වැඩි පත්‍රිකා ප්‍රමාණයකුත් දෙන ජන්දදායකයාට තර්ජන ගර්ජන කරන දේශපාලනය කුමක්ද?

"ආණ්ඩු පක්ෂ අයිතිවාසිකම්"

Post a Comment