අද උදෙන්ම ගියා ආයුබෝං, අස්සයෝ අල්ලන්න.
ඈ............!!!
අස්සයෝ අල්ලන්න කිව්වම ඉතින්, මොනවත් හිතන්න එපා ආයුබෝං...
හොඳයි මං පැහැදිළි කරංඤ්ඤංකො එහෙනං
මං ගියේ චන්ද පොලට,
ඒකත් ඉතින් අස්ප රේස් එකක්ම නොවැ,
ඉතින් මං ගොහින් පෝලිමේ හිටං හිටියා නොවැ,
ඔන්න මගේ වාරෙත් ආවා.
හොඳයි පුතෝ දෙඤ්ඤං බැටේ කියලා මමත් චන්ද කොළයක් ඉල්ලා හිටියා.
ඔන්න එකපාරටම එතන හිටපු මිසී කෙනෙක් මගේ පෙළපත් නාමේ මහ හයියෙන් කෑගහලා කියපි.
ඕක ඉතිං මහ පරසිද්ධියේ කියන්ට ඕනෑයැ,
අනිත් මහත්තයා දික්කරපු චන්ද කොලෙත් උදුරලා අරගෙන,
මමත් ඉතින් එතනින් සුරුස් ගාලා අඩියට දෙකට පැනගත්තා.
ගියා අර හතර වටින් වහපු පෙට්ටිය අස්සට,
ගත්තා චන්ද කොලේ,
ගැහුවා අපට එපා කියලා කතිරයක්.
ඊට පස්සේ හොඳ ජොකියො තුන්දෙනෙක් බලලා ඇල්ලූවා ඔට්ටුවක්,
අනේ මන්ද ඉතින් හෙට තමයි මං ඔට්ටු අල්ලපු අස්පයො දිනලද කියලා බලන්ට වෙන්නේ.
හැබැයි ඉතිං දිනපුවම අස්පයින්ට අං එයිද මන්දා...!!!
2023 මොකද වුනේ?
-
2024ත් වුනා. දැන්නං වයසට ගිහින් කියලමයි හිතෙන්නේ. වයසට යනකොට, වෙනත් වයසට
ගියපු අයගෙ ට්‍රැක දැකල බලවෙලා ඉන්නෙ මටත් එහෙම වෙයි කියලා. අන්තිමට ලියපු දවස
බැලුව...
3 months ago
3 comments:
හරියට වින් කරාද කියලා අදරැට බලතැහැකි.හැබැයි පුතේ මෙ ඔට්ටුව පරාද නම් ඔයාව ගස් බැදලා ගහන්න ඔනේ.මම නම් ගහන්නේ ඇස් වහලා.හැබැයි ඹට්ටුව නම් දිනුම් මම නම් පරාදායි. එකත් ෂුවර්.
මටනම් හුළං අස්සය දිනුවට
හැමදාම අල්ලපු අස්සයා දිනුවාද? දින්නාම උන්දෑ රේස් එකේ ගාස්තුව දුන්නාද?
Post a Comment