(සිංහල යුනිකෝඩ්)

Installer: http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe



On line Sinhala Unicode Conversion System

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

Hair Cream


මම පුරුද්දක් වශයෙන් හැමදාම කොන්ඩේ hair cream ගානව.
ඒක අවුරුදු පහළවක් විතර තිස්සේ හැමදාම කරගෙන ආවා.
ඒ මගේ කොන්ඩේ හරිම අකීකරු හින්දා.
ඒත් වැඩේ හරියන්නේ නෑ,
දැන් මාස දෙක තුනක ඉඳන් hair cream ගාන එක නැවත්තුවා.
පෙනුම කෙසේ වෙතත් ඒ වැඩේ කෙස් වලට නම් හොඳ ඇති.

හදපිරි උත්තමාචාරය

ජයෙන් ජය ලබා ඉදිරියටම යන ......
වීර රණවිරුවනට හදපිරි උත්තමාචාරය

බුද්ධිය

දෙවියන් මැරීම

බුද්ධිය මිත්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග්‍රහයෙන් 1946